කඳුළු

මම වෙනුවෙන් කඳුලක් වැටෙනවා දුටු පළමු අවස්ථාව මතක් වෙනකොට එක්තරා විදියක සතුටක් වගේම දුකක් ද ඇති වේ.  මට දැනුනේ මම කරේ පුංචි විහිළුවක් කියාය.  විහිලුව කොතරම් පොඩි උනත් නෙලුම් මලට එය කොයි  තරම් භයානක දෙයක් වෙන්න අත්ද. හෝ හෝ ගා වැටෙන කඳුළු නවත්තන්නට විදියක් තිබුනෙම නැත.  මගේ මාපට ඇගිල්ලෙන් වැටෙන හැම කඳුළු බින්දුවක්ම පිස දැම්මද , කොයි තරම් හිත සැනසෙන දේවල් කිව්වද වැටෙන  කඳුළු නවත්තන්නට බැරි විය.   එයාට මාව මේ තරම් ම වටිනවද ? :o  , 
" යන්න , එපා එන්න මම ලගට, ඕනේ නෑ "
එහෙම කිව්වද,  නෙලුම් මලම මගේ පපුව ඇතුලේ මුණ තියාගෙන ඉකි ගසා කඳුළු හැලුවේ මම නිසා මය. 
එකතරා විදියකට එය මට සියුම් සතුටක් ගෙන දුන්නේය . මොකද මම කතාවක් අසා ඇත " ඔබේ වරදකට , ඔබ වෙනුවෙන් කෙනෙක් කඳුළු සලයි නම් එම පුද්ගලයා ඔබට අවන්කවම ආදරේ ය. " 
" ඇගේ වරදකට ඇය අඩන්නේ  නම් ඒ ඇයගේ කපටිකමය " .  

                      අවංක ආදරය එකිනෙකාගේ හැසිරීම් වලින්ම සොයාගත හැක. 

ඔබ කොතරම් ගොන් වැඩ කරත් ඔබේ ආදරවන්තිය ඔබ සමගම සිටිනවානම් , 

විශේෂයෙන්ම ඔබේ වැරදි වලදී ඔබේ වැරැද්ද තිබුනත් ඇය එය තමාගේ වැරැද්ද කරගෙන සමාව ඉල්ලයි නම් , 

[බස් එකක හිටගෙන යනවිට ඔබගේ පොත් ටික ඉඳගෙන  සිටින ගෑනු ලමෙකුට  දුන්නා කියා , ඔබගේ අත හුරනවානම් :ඩි   :වී :)))) ]
                               
                        ඇය ඔබව අහිමි කරගැනීමට  කිසිසේත් ම ඉඩ තියන්නේ නැත.  

මොකද්ද බලන්නේ ? ආප්පයක් ද ?

උසස් පෙළ කරන කාලේ ටියුෂන් පන්තියක  උන සිද්දියකි. ගුරුවරයාද කොලු ගැටයෙකි . විස්ස විද්‍යාලයෙන් එලියට පැනපු ගමන් වගේය . දවසම පන්තියේ සිටින නිසා පට්ටම කම්මැලිය. ගුරුතුමා ඔහේ කියව කියව යයි. පොරත් දැන් ෆුල් සිරා මුඩ් එකකින් උගන්නයි. රස කතාවක් වත් කියන්නේ නැත. ඔය අතරේ අපේ කොල්ලෝ සෙට් එකේ හිටිය අමිල කියන පොරක් . උට තිබ්බ ඒ කාලේ  හැටියට පට්ටම ෆෝන් එකක්. චිප් එහෙමත් දාන්න  පුළුවන්.  මිනිහ මම තව අසේල කියල පොරකුයි තමා එකටම ඉදගන්නේ. අනිත් උන් බොක්කෙන්ම පාඩම අහගෙන ඉන්නවා. තව එකෙක් ගෑනි එක්ක හොරෙන් මල් කඩ කඩ ඉන්නවා. කෙල්ලෝ ගැන ඉත්න් කියල වැඩක් නැනේ . උන් කොහොමත් පුකවල් රත් කරගෙන පාඩම අහගෙන තව මදි උනොත් ප්‍රස්නත් අහනවනේ. ඔහොම ඉන්නකොට අර අමිල කියන එකා  ෆෝන් එක කකුල උඩ  තියාන ඒක  දිහා බලාන ඉන්නවා. මෙලොව සිහියක් නැති ගානට. 

" මොනවද ඔයි බලන්නේ ? " මම ඇසුවෙමි.  උගෙන් කතාවක් බතාවක් නොමැත.  " කියපන්කො හු ... මොනවද බලන්නේ " මට බැරිම තැන අහුවෙමි.
"අඩෝ කෑ  ගහන්න එපා , ඉදා  බලාගනින් " එසේ කියපු අමිලය මට ෆෝන් එක දුන්නේය. 
අෆ්ෆටසිරි ගජ කිව්වලු , දෙයියෝ සාක්ෂි .. යකෝ ලොවෙත් න ලොවි ගහෙත් නෑ . 
උ බල බල හිටියේ පට්ටම වැලක් ය. ඔයිට කලින් කොච්චර ඕව බලල තිබ්බත් අවස්ථාවට වඩාත් උචිත නිසා දැන් එය ප්ලැටිනම් වලට වඩා  වටි .  පන්තියේ නිදි මර මර සිටි මට මෙය නිසා පට්ට මොරාල් එකක් අවේ නිමේෂයකිනි.  දැන් මමත් පාඩම අහන එක පසෙකලා නෝටි ඇමෙරිකා මයි සිස්ටර්' ස් හොට් ෆ්‍රෙන්ඩ් කියන මොකද්ද එකක් බල බල ඉදි. 
සර් ගේ කට හඩ ඇහෙන්නේ ලාවටය. දැන් සම්පුර්ණ අවධානය වැලට ය. 
ඒකෙ එක එක අලුත් පොසිෂන් වලට වැඩේ දෙයි . සමහර ඒවාට බඩ  අල්ලන් හිනා යයි. එක පාරටම හිනා ගියපු එකක් බොහොම අමාරුවෙන් තද කරගත්තේය. ඒ උනාට මට එහා පැත්තේ හිටපු අර ගෑනි එක්ක මල් කඩ කඩ හිටපු එකට එය ඇසුනි.  " මොකද බන් හිනා වෙන්නේ ? " , උ එක පාරට ඔලුව දමා බලා " අඩෝ මටත් ඕනේ , දැන් උත්  අපේ පෝලිමට පැමිණ වැල බලයි.     ටික වෙලාවක් යනකොට කොල්ලෝ සෙට් එකේම උන් අපි කරන වැඩේ ගැන ඉව වැටි හොද ෆෝන් තියෙන උන් අර වැල ටික බ්ලුටුත් කරගන්න පටන් ගත්තා.  පයක් විතර යනකොට වෙනද කෑ කෝ ගහන උන් අද මික් නොකිය පොත දිහා බලාන ඉදි. අර අමිලය ගේ ෆෝන් එකේ තිබුනේ එක වැලක් පමණක් නොවේ , 1 GB චිප් එකක වැල 50 ක් විතර තිබුන. මට ඒකෙන් එකක් තෝරාගන්න බැරුව එක එක ඒවා බල බල වෙලාව කා දැම්මේය.  
ටික වෙලාවකට පසු සර් ප්‍රශ්නයක් දී විනාඩි 10 න්  උත්තර ලියන්න දුන්නේය.  ඉක්මනට උත්තර ලියපු මම ආයෙත් වල බලන්න පටන් ගත්තෙමි. විනාඩි 15 ක් විතර ගියත් සර් නැත. අපට දැන් හෙන ආතල් ය. දැන් එක එකා වැල ගැන විචාර දීමට පටන් ගයි 
" අඩෝ මේකි නිකන් උබේ කෙල්ල වගේ නේද ... අනේ පල ප... යා යන්න.." 
" නැ බන් උබේ අක්ක වගේ " 
" උබේ කෙල්ල එක්කත් මම මෙහෙම එකක් ශුට් කරා. "
දැන් දැන් මඩ  ප්‍රහාර දුර දිග යයි. පවුලේ සාමාජිකයන් ද ඇදගයි  " නෑ මෙකි උබේ අක්කා වගේමයි "
දැන් කට්ටියම  බලන්නේ ආප්පයක් ය. අර කෙල්ලෝ කෙල්ලෝ කරන ඒවා. අන්න ඒකක්.  ආප්ප  බැලීමට අපි කවුරුත් කැමතිය. කෙල්ලෝ කෙල්ලෝ මාරු මාරු ආතල්  ගයි. 
" උබේ කෙල්ලත් ආප්ප දාන එකියක් ලු බන්. "
"උබ කොහොමද දන්නේ? "
" ඒකි  ප්‍රිෆෙක්ට් රූම් එකට අලුතෙන් බෝඩ් එකට බැදුනු  කෙල්ලෝ ගෙන්නවලු " හේ හේ හේ හේ හේ ...
හැමෝම කොක් හඩල  සිනාසෙයි.  
" අනේ පල ගොසපිය යන්න උබේ ගෑනියි ඒකිගේ යාළුවයි නේ බන් ෆිල්ම් හෝල් ගානේ ගිහින් පජාත උනේ "
ටික වෙලාවක් ගත උනි , කට්ටිය දැන් අමිලගේ ෆෝන් එක දිහා බලාන භාවනා කරයි, ඔහොම ඉන්නකොට මගේ කර උඩින් අතක් දමාගෙන පොරක් විනාඩි පහක් විතර ෆෝන් එක දිහා බලන ඉන්නවා වගේ දැනුනා . ඒක  ඒ හැටි ගණන් නොගෙන හිටියේ පන්තියේ තවත් කොල්ලෙක් යැයි  සීතා ය. 
" ආසිරි  මොකද්ද බලන්නේ ? ආප්පයක් ද ? " 
අපි සෙට් එකම ගැස්සී ගියේ ඒ කට හඩ කාගේද කියා හොද හැටි දන්නා නිසාය.  සර් පන්තියට  ඇවිත් තිබෙන්නේ ගොඩක් කලින්ය. කෙල්ලොන්ගේ පොත් බලා අපේ ඒවා බලන්න  ආවට   අපිට ඒ ගැන කිසිම ගානක් තිබුනේ නැත . 
" අනේ යකෝ , මාත් ඕව බලනවා , බලන එක ටිකක් හොරෙන් බලපන් , දැන් මම ආව වගේ කෙල්ලෙක් එහෙම ආවනම් උබල කපෝති නේ, මේක ඉවර උනාම බලන්න දැන් පාඩම පටන් ගමු "
හවස පන්ති ඉවර වී යන විට සර්  පැමිණ 
" මේ අරව ටික මගේ ෆෝන් එකට දානවකෝ, ආප්ප නම් ගොඩක් හොදයි "  :පි 


ලොලේ ලොල් එව්වා ටිකක්

1.මුහුදේ මාළු වැඩිවීමටත් ** කුඩා වීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම " වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත?

2.හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.

3.වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.

4.විශාල බස් රථ ධාවනය කරන බොහොමයක් රියදුරෝ කෙට්ටුය.

5.ඕනෑම ලොකු නැවක් වරායකට ආපසු ආන්බාන් කරන්නේ කුඩා ටග් බෝට්ටුවකිනි.

6.ගහලා බැන්දත් බැඳලා ගැහුවත් දෙකම එකයි කිව්වට බැඳලා ගැසීම නීතිමය ප්‍රශ්න වලින් ඔබව ඈත් කරයි.

7.ගොනා හැරෙන විට පොල් පැලේ කන්න බව දන්නා බව පවසන අය ගොනා ගැනද හොඳින් දැනගෙන සිටිය යුතු වේ.එම නිසා ගොනා හැරුනට කම් නැත.පැලේ වෙනුවට ආදේශකයක් දිය යුතුය.

8.කඳක් ඉරනවාට වඩා පිට පළුවක් පැලීම පහසුය.

9.හදිස්සියේ විවාහ වන්නා නිවිහැනහිල්ලේ පිටස්තරයෙක් සමග පසු තැවේ.

10.විභාගයකදී අසීරුම දේ මතකය අකුරු කිරීම හෙවත් හිතට ගත් දේ අතට ගැනීමයි.සැබෑ ජීවිතයේදී එය එසේ නොවේ.

11.පඳුරකට විද්දොත් හාවෝ හතර පහක් විසිවිය හැක.

12.නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන තීරණය කල හැක.

13.මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ.කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත

කොට ගවුම

වියත් තුනේ කොට ගවුම ඇද
කොණ්ඩය ස්ටේට් , තැන තැන වර්ණ යොදා 
අත් නැති බ්ලවුසිය ඇදගෙන 
උර හිස වැහෙන තෙක් පච්ච කොටා
හැරී හැරී බලන විට ...
කෙසේද මා ඉගෙන ගන්නේ එක මනසෙන් ...

දැනුනු විට මගේ මනෝ පාර
ලෙක්චර් අයියා කියයි මෙසේ
"මයි ඩියර් ෆ්‍රෙන්ඩ් ,
ෆෝකස්  ඔන් ද ක්ලාස් ,.."

අනිත් උන් ලියයි පස්චාත් 
බාගෙ උඩ දමාගෙන ..

වගුවක් ගසන විට , 
නැත අඩි රූලක් මා අත..
දෙපැත්ත බැලුවෙමි සරණක් පතා..
පිහිටට ආවේ සුදු කොට ගවුමය 
බලෙන්ම මා අත තිබ්බේය අඩි රූලක් ..
පින් දිදී ඇන්දේය වගුව,
 නැත දැන් ඇදීමට 
හැකියාවක් සුදු කොට ගවුමට ..
දෙන්න යන විට නැවත 
එපා කියා , ඔයා ඇදගෙනම දෙන්නකෝ 

තේරුනේ මට එක දෙයක් 
සල්ලිය බාගෙ තිබුනාට 
සෙල්ලක්කාර ලෙස ඇද පැළඳ සිටියාට..
පොෂ් ලුක් එකෙන් සිටියාට 
නැත මහා ලොකු ආඩම්බර කමක් සිත අහලකවත් ...........
මෙවැනි කෙල්ලන් සිටින බව දැන සිටි මුත් 
දැක තිබුනේ නැත මිට පෙර ........

දේශපාලන රගර් පරදා

 අද ලියන්න යන්නේ වෙනස් කතාවක්. අපේ ජනාධිපතිගේ පුතාල ගහපු රගර් මැච් එක සමහරු ඊයේ දකින්න ඇති. පැරදුන දුකට අහිංසක මිනිස්සුන්ට ගේම ඉල්ලන එක නම් පොන්න කම. මොකෝ උන් මහා රාජා ගේ උන් කියල මිනිස්සු දෙකට නැවෙන්න කැමති නැ. විශේෂයෙන් නුවර උන්. මහනුවර  කොල්ලෝ ටික දින්නා. ඒක ලොකු දෙයක්.  මෙහෙම කිවුවට තරහ ගන්න එපා . ජීවිතේට මැච් එකක් දැකල නැති ගම් කබරයෝ මැච් බලන්න බස් වලින් ඇද්දම මේ වගේ දේවල් වෙනවා. උන් හිතන්න ඇති හම්බන්තොට පැත්තේ වගේ උන්ට දෙකට නැමිලා බය වෙලා ඉදි කියල.  උන්ට තේරුම් යන්නත් ඇති උන්ට බය නැති මිනිස්සු වෙන ඕන තරම් ලංකාවේ ඉන්නවා කියල. හරි පිරිමි ටිකක් නම් අහිංසක ගෑනුන්ට  පුටුවලින් දමල ගහයිද ..?? එකට අපි නම් කියන්නේ පොන්න කම කියල.  මොකද ගෑනුන්ට අත උස්සන නාවික හමුදා සිවිල් මැරයෝ ඉන්නවා නේ. උන් නිසා මුළු හමුදාවටම නින්දාවක්.  විනයගරුක හමුදාවන් මුන් වගේ කාලකන්නි නිසා බැනුම් අහන එක ගැන දුකයි.


බාල මහලු කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම සාටක ටීම් ඒක පරදිනවා බලන්න ඇවිල්ල හිටය. මොකද හැමදාම දේශපාලන බලෙන් තරග දිනන එක කාටත් දැන් එපා වෙලා . මම ඇස දෙකෙන් දැක්ක ලොකු පුතා ප්‍රීති ගෝෂා නැගු යට කුණුහරප පුජාවක් තියනවා. එකත් කරේ psd එකේ උන්ව වටකරගෙන . ගහයි කියල බයට.  වලිය පටන් ගන්නත් හේතුව ඕක තමා.
රාජපක්ෂ පුතාලගේ මැරයෝන්ට එරෙහිව නැගී හිටපු මහනුවර ජනතාව ගැන සතුටුයි .. ඒ  වගේම  මහනුවර ක්‍රීඩා සමාජය ලැබූ ජයග්‍රහණය ඇති විශිෂ්ටයි. 
( පොටෝ හා වීඩියෝ පහල ඇත)














දේශපාලන ටීම් එකට එරෙහිව ලැබූ ජයග්‍රහණය ගැන සතුටු වෙන මහනුවර ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් හා ක්‍රීඩා  ලෝලීන්  ප්‍රීති වන අයුරු  ඉහල පොටෝ වලින් ..



වලියේ හයිලයිට්ස් 







හිමිට උරන්න අයියා ...

කොල්ල : මට කරන්න  ඕනේ ..
කෙල්ල : පිස්සුද අයියා ඔයාට ..??
කොල්ල : ඔව් මට ඒකට ගොඩක් පිස්සු වැටිලා ඉන්නේ, ඔයා මට ආදරේද කියල දැනගන්න පුළුවන් ඔයා      මට ඕක  දුන්නොත් ..??
කෙල්ල : අනේ අයියා plz .. මාව ටිකක් තේරුම් ගන්න , මම ඔයාට ආදරෙයි එත් මේකෙන් ඒක මනින්න බැනේ ..
කොල්ල : පුළුවන් ඔයාට මාව විස්වාස නැති නිසා තමා ඔයා මට  දෙන්නේ නැත්තේ ..
කෙල්ල : ටිකක් හිතන්න අයියා මම ගෙදර අය ගැනත් හිතන්න ඕනේ නේද ..? එයාලගේ හිත රිද්දන්න මට බැ.
කොල්ල : ඒවා මට අදාල නැ.. මට ඕක ඕනෙමයි. මේ දැන්ම ..
කෙල්ල : අනේ ............... ඇයි අයියා  මට මෙහෙම කරන්නේ ..???
කොල්ල : මට ඒක ඕනේ, ඔයා දැන් පොඩි ළමෙක් නෙමෙයි නේ . 
කෙල්ල : හ්ම්ම්ම්ම්ම්ම් හරි අයියා එහෙනම් ඔයා හෙට අපේ ගෙදර එන්න........  හෙට වැඩට එන කෙල්ල විතරයි අපේ ගෙදර ඉන්නේ ..
               මම ඔයාව විස්වාස  කරලයි මේක කරන්නේ , පොරොන්දු වෙන්න ඔයා මට හැමදාමත් මේ වගේ  ආදරේ කරනවා නේද ..??
කොල්ල : මම පොරොන්දු වෙනවා සුදු නංගි....

at ගෙදරදී 
කෙල්ල : අනේ අයියා කවුරුහරි දකීද ..??
කොල්ල : බය වෙන්න එපා නංගි මම ඉන්නවනේ 
කෙල්ල :අයියා හෙමිට කරන්න , අර ගැනිට ඇහෙයි ..
කොල්ල :මම ආසා දිව  උඩ තියල හොදට උරන්න .. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 
කෙල්ල : මම දෙයක් කියන්නද ..??
කොල්ල : හා නංගි මොකද්ද 
කෙල්ල : හි හි මාත් ආසා ඒ විදියට අයියා ..
කොල්ල : කෝ කෝ ඉස්සෙල්ල මට කිරි ඕනේ , එට පස්සේ තමා අනිත් එක
කෙල්ල : අහ් පුළුවන් නම් ඕක තනි අතින් ගලවන්න බලන්න .
කොල්ල : ම්ම්ම්ම් .. අද රෝස පාට එකක් නේද ..
කෙල්ල : හ්ම්ම් ඔව් ඔව් 
කොල්ල : ෆන් රස ඕනවට වඩා වැඩි වෙයි වගේ ...... හේ හේ හේ 
කෙල්ල : අනේ එපා මෝඩයෝ .....
කොල්ල : ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ..  හේ හේ හෙන සීතලයි නේ 
කෙල්ල : එහෙම තමා මගේ ලග තියෙන ඒවා නැවුම් .. 
                 අනේ අයියා ඒකටනම් අත තියන්න එපා  plz 
කොල්ල : ඔයා මට ප්‍රොමිස් උනා නේද ..?? ඒ කියන්නේ ඔයා මට ආදරේ නැ නංගි වැඩක් නැ 
 කෙල්ල :  අනේ ඇයි අයියා එහෙම කියන්නේ ඔයා ..?? මම ආදරෙයි ආදරෙයි ආදරෙයි ...........

කෙල්ල : අනේ අයියා හෙමිට උරන්න, මට මොකදෝ වගේ අප්පා ............. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 
කොල්ල : ඕව ඔහොම තමා ගණන් ගන්න එපා ..
කෙල්ල : අනේ ඇගිල්ල දාන්න එහෙම එපා , 
කොල්ල : ඇගිල්ල දාන්නේ නැතුව කොහොමද ඇතුල බලන්නේ , මට ඉස්සෙල්ල ඇතුල බලන්න ඕනේ 
කෙල්ල : ඔයා නම් මහා ................
  
විනාඩි 40 කට පමණ පසු
අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් .... සට්ට පට පට හිකිස් බිකිස් ... 
මාරයි නංගි කියල වැඩක් නැ ............................ ඔයා නම් දෙයියෙක් නෙමේ දේවාලයක්..... 
මම ප්‍රශ්නයක් අහන්නද ..?? 
"හ්ම්ම්ම්ම්ම් "

නංගි කොහෙන්ද  ස්ට්‍රොව්බෙරි  යෝගට් ගන්නේ ඒක මාර රහයි නේ. " ඔයාට ඒක මම කියන්නේ නැ . "
ඒක නෙමේ ඔයාගේ තාත්ත අම්ම මොනවා කරගනිද රුපියල් 5000 චොක්ලට් එක ඇගිල්ල ගහ ගහ ලෙව කකා කකා ඉවර කරා කිවුවම.  පොල් ලෙලි ලොල් ....











ආයේ No Help

මේ දවස් ටික නම් මහම මහා එපා කරපුම දවස් ටිකක්. හිතට කිසිම නිදහසක් නැ. ඒ මදිවට මට එපාම උන කෙනෙක් මගේ යාලුවෙක්ට මම ගැන අනන් මනම් කියනවලු, ඒවා ඇහෙනකොට මට තවත් අවුල් යනවා.  දාල ගියාට කමක් නෑ. එත් කිසිම තොරතුරක් නැතුව අතුරුදහන් වෙන එක මොන තරම් චාටර් වැඩක් ද.  මම බොහොම අමාරුවෙන් තනියම ගොඩ ආවා. ඒකට  නොදැනුවත්වම එක්කෙනෙක් මට උදව් කරා.  මේ ලගදි ඉදන් මාව දාල ගියපු කෙනා අර මම කියපු යාලුවට විකාරරුපි කතා කියනවලු. " ඔයාල දෙන්න කොහොමද මෙහෙම ඉන්නේ, එය ඔයා එක්ක ඉන්නවට මම කැමති නැ ," ඔන්න ඔයා වගේ මගුල් තම කියනවා කියන්නේ , තව මොන මොන දේවල් කියනවද දන්නේ නැ මම දන්නේ නම් ඔයා ටික විතරයි. 
හොදම වැඩේ වෙලා තියෙන්නේ මම එක දවසක් මකුළු කයියා එක්ක kcc එකේ ice cream කකා යනකොට අරයා ඕක දැකල තියෙනවා, ඇත්තම කියනවනම් මම ඕක වෙන්නම කියල බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. එදා ඉදන් අද වෙනකන් මකුළු කයියට මෙය මැසේජ් කරා කරා අනන් මනම් දොදවනවලු. මම මේ කිසිම දෙකට ඇත දන්නේ නැ. මට එයත් එක්ක කිසිම ගනුදෙනුවක් නැනේ.  මම ඒක ඒ දෙන්නටම කෙලින්ම කියල තියෙන්නේ. හෙ හෙ හෙ ... මම මකුළු කයියට බ්‍රා එකක් දුන්න කියල දැනගත්තනම් එල්ලිලා මැරෙයි. ඒ විතරක්ද මකුළු කයියා ඒකට මල් තුනකුත් අල්ලලා කියල දැනගත්තනම් වහ කයි. ඒකෙ එක මලක් වැටුනලු. ලොල් . ක්ලාස් එකේදී , හිකිස් බිකිස් කවුරුත් දන්නේ නැතුව ඇති බ්‍රා එකක තිබුන එකක් කියල .. පොල් ලෙලි ලොල් ..
ඔහොම ඉන්නකොට මම ඉන්නවද මැරිලද කියල  හොයන්නේ නැති, මැසේජ් එකක් දැම්මට රිප්ලයි නැති එකියක් අද උදේ මැසේජ් එකක් දාල තියෙනවා දැක්ක. එක දැක්කම මට පුදුම තරහක් අවේ . එයාලට මම කියල එක්කෙනෙක්  මේ ලෝකේ ජිවත් වෙනවද කියල මතක් වෙන්නේ එයාට උදව්වක් ඕනේ වෙලාවක විතරයි.
 " gm මට උදව්වක් කරන්න පුලුවන්ද, ඔයාගේ යාලුවෝ ඉන්නවා නේද අර කොම්පැනි ඒකෙ , අපේ අසයින්මන්ට් එකක් කරන්න එහෙට යන්න පාස් එකක් අරන් දෙන්න පුලුවන්ද ?? "
මට මතක් උනේ හොද හරුප ටිකක් ය.  ඉස්සරනම් මට මොන හතුරු කමක් කරපු කෙනෙක් ට උනත් උදව්වක් ඉල්ලපු වෙලාවට ඕනෑම දෙයක් කරනවා. ඒත් අපි කොහොම හොද කරත් අන්තිමට බඩේ පාර වදින්නෙම මටය.   මටම හිතෙනවා මම කරේ නපුරු වැඩක් කියල. අපිට දැනෙන වේදෙනාව අපිට එහෙම කරපු අයටම දැනෙන්නම අරින්න ඕනේ.   
ඔක්කොමට වඩා හොදයි මොක උනත් එකට ඉන්න කෙනෙක් එක්ක ෆන් ඒකෙ ඉන්න එක. මොන තක්කඩි වැඩක් කරලත් හරි ;) 
මොකද කවද හරි මතක් වෙන්නෙත් ඒ කරපු තක්කඩි වැඩ විතරයි. 
ආයේ උදව්වක් කරනවනම් කරන්නේ  ඉතින් එක්කෙනෙක් ට විතරයි. මොකද බැරි කමක් තියාගෙන හරි පැත්තකින් ඉන්නේ එයා විතරයි. 

තෑග්ගක් ගන්න ගියෙමි

 ජුලි මාසෙත් අවා. එක්කෙනෙක්ගේ උපන් දිනෙත් මේ මාසෙම තියෙනවා.  මොනවා දෙන්නද කිය කිය සෑහෙන්න කල්පනා කරා. හැමදාම දෙන සුකුරුත්තන් දීලත් වැඩක් නෑ. මේ පාර අමතක නොවෙන්නම එකක් දෙන්න ඕන කියල හිත හිත සති දෙකක් විතර කල්පනා කරා.  එයාගෙනුත් ඇහුව මොනවද ඕනේ කියල. වැඩක් නා. මේකී ගත් කටටම කියනවා මුකුත් එපා කියල.  ඔහොම කල්පනා කරා කරා ඉන්නකොට  යාන්තමට වගේ අදහසක් ආවා. අමතක නොවෙන්නෙම හිතුව බ්‍රා එකක් අරන් දෙන්න.  ඒ කියන්නේ බ්රෙසියර් එකක්.   කොහොමත් මගේ කාර්ඩ් එක තක්කඩියා නේ. තක්කඩි වැඩක්ම කරන්න හිතුන.  බ්‍රා එකක් දෙන්න හිතුවට ඕක දීල අවුලක් වෙයිද කියලත් පොඩි කියුරියස් එකක් අවා. ඒ උනාට මෙච්චර කාලෙකට කරලා තියෙන තක්කඩි වැඩ වලට එයා හිතේ කහටක් ඇති කරගෙන තිබුනේ නෑ.  වෙන එකියක් නම් හොයාගන්නත් නැති වෙයි.  ලොල් . 


බ්‍රා එකක් දෙන්න හිතුවට මොකද ඕකක් ගන්න එක නේ තියෙන ලොකුම අවුල.  වෙන අදුරන කෙල්ලෙක්ට කියල ගන්නත් බැ. ඊට පස්සේ උන් ඔවා හැමතැනම පතුරනවා. ඔක්කොටම කලින් හරි සයිස්  එක දැනගන්න ඕනනේ. එයටම මැසේජ් එකක් දාල ඇහුව 
" ඔයාගේ බ්‍රා සයිස් එක කියද..? "
" ඊයා මෝඩය "
" අහ්හ් ඊයා නම් අදින්නේ මොකටද..? "
වැඩක් වෙන්නේ නෑ . එයා කියන්නේ ම නෑ සයිස් එක. ඒ වෙනුවට මගෙන් අහනවා මොකටද අහන්නේ කියල..? . ඒක එයාගේ හැටියක්. මොකක් හරි දෙයක් අහපුවම අහන එකාගෙන් එයා වෙන වෙන දේවල් අහනවා.   ෆුල් ට්‍රයි එකක් දාල ඇහුවත් කියන්නෙම නෑ. අඩුම ගානේ ආසම පාට මොකද්ද කියල ඇහුව . අහ්හ් එකටනම් මරු උත්තරයක් දුන්න " රතු " ලු. 
හරි. දැන් තියෙන්නේ අමාරුම හරිය. පපුව නිකන් හොදටම ගැහෙනවා, අයි අෆ්ෆා කොහොමද ගිහින් ඉල්ලන්නේ බ්‍රා එකක් දෙන්න කියල.  ගියා හොද පොෂ් ඇදුම් කඩේකට.  කොළඹ නුවර පැත්තේ නම් ඒක ගොඩක් ප්‍රසිද්දයි. ෂොප් එකට ඇතුල් වුන ගමන්ම හොදට වට පිටාව බලල , වැඩේට ගැලපෙන සේල්ස් අක්කා කෙනෙක් ව ඒම් කරා ගත්ත. ලෙවල් එකක් නැතුවම ගිහින් 
"එක්ස්කියුස් මී , මට පොඩි හෙල්ප් එකක් ඕනේ..??"
"ඔව් සර් කියන්න.. "
" මේ මේ මේකයි මගේ යාලුවෙක් ගේ හැපී බර්ත් ඩේ එකක් තියෙනවා , එයාට ප්‍රසන්ට් එකක් දෙන්න හිතාන ඉන්නේ බ්‍රා එකක්. මට ගිහින් ගන්න බෑනේ , අක්කි ගිහින් එකක් අරන් ඇවිල්ල කවුන්ටර් එකට දෙනවද....???? " 
කොහොම හරි වචන සෙට් ඒක ගලපලා අත ඇරියා . සේල්ස් අක්කි අම්බානෙක බයවෙලා මගේ මුණ දිහා බලාන ඉන්නවා.  මට පෙන්නේ බයකට වගේ තියෙන්නේ කන්ෆියුස් ගතියක්.  ලොලේ ලොල් වැවේ පොල්. 
ටික වෙලාවක් මගේ දිහා බලාන ඉදල..
" නෝමල් එකක්ද.. නැත්තන් හොද එකක් ද කියල "
" හොද එකක් ගෙන්න "
"සයිස් එක..??"
"අනේ අක්කි ඔන්න ඔහේ තියෙන එකක් ගෙන්න මම ඒවා දන්නේ නැනේ "
ඊට පස්සේ ඒකී ගියා මම බලාන හිටිය, පළවෙනියට අරන් ආපු එක හරි යන්නේ නෑ. 
"අක්කි ඕක හරි යන්නේ නෑ , රතු පාට එකක් ගෙන්න "
"අයියෝ බොක්ස් එකකත් දාල ඕනෙද ..?
"අහ්හ් ඔව් ඔව් , "
සේල්ස් ගෑනි දැන් එතන හිටපු උන්ට ගින්න දීල , මොනවා උනත් කාටවත් සැක නොහිතෙන විදියට  බොක්ස් එකක දාල කවුන්ටර් එකට ගෙනත් දුන්න. එකේ ඉන්න ගෑනිත් හිනා වේවි හිටිය.  මම බලාන හිටිය ඒකී මගේ මුණ දිහා බැලුවේ නම් නෑ. ලොල් .
ඊට පස්සේ අර මට වැඩේ කරලා දීපු අක්කි කියනවා එහෙනම් යාලුවට " හැපී බර්ත් ඩේ කිවුව කියන්න "  

"හා හා අනිවා කියනවා"

(බ්‍රා එක නම්  දුන්න , කිසිම අවුලක් උනේ නැ. හොද නම් ටිකක් නම් අහගත්ත :ඩි)

කවදා ......???????????

*********************************************************************************


පුළුවන් නම් කියන්න මූ මොකටද මේ එන්න හදන්නේ කියල  :D






නොකියූ පෙම

සිරාවටම කියනවනම් මගේ ගලක් වගේ තිබුන හදවතේ හිනාවක් වෙනුවෙන් ටිකක් හරි ඉඩ තිබුනේ තුන් දෙනෙක් ගෙ සිනහවන් වලට විතරයි. ඒක කොහොමත් ඒ ය දන්නේ නැ. මොකද ඒවා කවදාවත් මම එයාලට කියන්න යන්නේ නැ.  සමහරු හිතන් ඉන්නේ මම මහම මහා නපුරෙක් කියල.  ඒවා වෙනස් කරන්න කොහොමත් මට බැනේ. ඒක ඒ අයගේ කැමැත්ත.  හරි හරි දැන් කතාවට බහිමුකො. 
මගේ හිත ගත්ත හිනාවල් අතරින් අවසාන වතාවට හිත ගත්ත කෙනා ගැන තමා කියන්න යන්නේ. 
මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා තමා එයාව මුලින්ම දැක්කේ.  කෙටියෙන්ම කියනවනම් සුරංගනාවියක් වගේ.  මුණ හරියට නිකන් නෙලුම් මලක් වගේ. රෝසම රෝස පාටයි.  අනික ඒ එයාගේ නැචුරල් ලුක් එක.  කට හඩ ඇහෙනකොට හරියට නිකන් ..... ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නැ. පලවෙනි දවසේ මට එයට කතා කරන්න ඕන කමක් තිබුනත් මට ඒක කරගන්න බැරි උනා.  ඒ වගේ සුරගනක් ට ඒක පාර කතා කරන්නේ කොහොමද අෆ්ෆා, ඒ උනාට පළමු තියරිය ලස්සනට දාගත්ත. කට පුරවල ලස්සන හිනාවක් දැම්මා. එයත් ඒ වගේම ලස්සන හිනාවක් දැම්මා. ඒ වෙලාවේ එයා  බැල්කනිය උඩට වෙලා හිටියේ. ඒ රෝස පට මුණ ඒක පාර මම එන දිහාවට හරවලා දැම්මා ලොකුම ලොකු හිනාවක්. ඒක පාරටම මට නිකන් ඔක්කොම දේවල් ස්ලෝව් මෝෂන් වගේ.  මුකුත් හිතාගන්නවත් බැ. 
ඊ ලග දවසේ නම් මම වැඩේ ඇත ඇරියේ නෑ.  පික් අප් ලයින් එකක් ගෙදරිදම හදාගෙන ගියා. ක්ලාස් ඉවරවෙලා යනකොට " ඔයා අපේ අවුරුද්දේද එක්සැම් කරන්නේ ..? " උත්තරේ දැන දැනත් මම ඒක බොරුවට ඇහුව.
" හ්ම්ම් .. ඔයා..? "
"මාත් ඒ අවුරුද්දෙම තමා."
" ඔයාලගේ ඉස්කෝලේ සමනලිව දන්නවද..?"
" අහ් එයාගේ යාළුවා නම් මගේ හොද යාලුවෙක් , ඒ උනාට අරයව නම් වැඩිය දන්නේ නැ "
" එයාගේ සමනලය නම් මගේ හොද යාලුවෙක් " 
    මම එහෙම කිවුවේ අත්තටම උ මගේ හොද  යාලුවෙක් ය.  
ඔන්න ඔහොම අල්ල ගත්ත කතාව දැන් දැන් හැම දාම ඇදිල යයි.  වෙන වෙන ගමනුත් යයි. එත් තාම තියෙන්නේ යාළුකමක් මිසක් වෙන දෙයක් නම් නොවේ.  ඔන්න ඔහොම වෙන ගමනක් ගිය දවසක  මගේ ලව් එකට එය මට්ටු විය.  ඒ ගැන මම පොස්ට් එකක් දාල තිබ්බ වගේ මතකයි. " මටම ආදරේ කරන්න " කියන එක.  ඊට පස්සේ උනේ අපි තව තව ලං උන එක.  එත් එක දෙයක් අපි දෙන්නම දැන ගෙන හිටිය. අපි දෙන්නට දෙන්නම ලොකු බොරුවක් කරගන්න බව. මොකද එයා මොකද්ද දෙයක් හංගනවා කියල මට ලාවට හිතුන. ඒක එයටත් හිතුන කියල,  කියල තිබ්බලු. 
එයා ගැන ආදරයක් තියෙනවා කියල මට හිතෙන්නේ පටන් ගත්තේ  මෙහෙමයි, එයත් එක්ක කතා කරද්දී , එයා එක්ක ඉද්දි , හිනා වෙද්දී , මගේ වට පිටාව ඒ කියන්නේ මුළු ලෝකෙම නිකන් නවතිනවා.  අපි දෙන්න විතරක් සජීවී වෙනවා. හදවත මහා හයියෙන් ගැහෙනවා. මගේ කටට හරියට වචන එන්නෙත් නැ.  මටම හිතාගන්න බැ මම මොකද කරන්නේ කියල.  
ඔන්න අප්‍රේල් වල මගේ යෙහෙලියක් එක්ක හොදට රවුන් ගැහුවා. සමහර දවස් වලට මම ක්ලාස් ගියෙත් නෑ. අනික සුරන්ගනාවිත් ක්ලාස් එන්නේ නැ. එයා නැතුව ක්ලාස් එකේ කිසිම ගතියකුත් නැ. ඔන්න ඔහම ඉන්නකොට එක දවසක්  අර මම කිවුව යෙහෙළියට ක්ලාස් එකක් ලු.  එයා ඒ ක්ලාස් එකට ගියා. දැන් එයා එනකන් පැය ගානක් යන නිසා දැම්මා අරයට මැසේජ් එකක්. එයාව හම්බුනේ ඔඩෙල් එක ලගදි. එයාගේ තව යාලුවෙකුත් හිටියා.. උන් දෙන්න කන්න ගත්ත චොක්ලට් එකක් එහෙමත් හම්බුනා.  එකක් නම් කමක් නැ . දෙකක්ම .  මොන කෙහෙල්මල්ද කියල ගිලලම දැම්මා. ඇතුලේ තිබ්බ කජු ටික නම් මාරම රහයි.  ඔහොම පයක් විතර ඉන්නකොට...... හුටා අර යෙහෙළියගේ ක්ලාස් ඉවරයිලු.  මල කෙලියයි දැන් දෙකම ක්‍රොස් වෙන්න යන්නේ.   යෙහෙළිය කවදාවත් නැතුව දිගට හරහට මට කෝල් ගන්නවා. ඒ මදිවට අරය අහවනවා  කවුද කවුද කියල. මම කිවුව " මල කෙලියයි මගේ අක්කා ඇවිල්ල , මට දැන් එන්නලු කියල, " ඇත්තටම බැලුවොත් මම කිවුවේ බොරුවක්මත් නෙවේ , එත් එක්තරා විදියක බොරුවක්.  මම දැක්ක  එයාගේ මුණ රතුම රතු වෙනවා. හොදටම රතු වෙනවා. එයාට හයියෙන් කතා කරන්න බැ. "අනේ අනේ අනේ .. එහෙම කියා කියා අප්සට් එකේ මගේ දිහා බලාගෙන ඉන්නවා. කරන්න දෙයක් නැත  යෙහෙළියට කලින් පොරොන්දු  වුනානේ මම එනවා කියල.  සුරංගනාවී මයි හිටියේ රේල් පාරේ අපේ ගොඩක් අයගේ ලව් පොට් එක. එත් අපි දෙන්න ලව් නෑ. යාළුකමක් විතරයි.  මම KCC එක පැත්තට යන්න නම් ටවර් එක ලගට යන්න ඕනේ.  රේල් පාරේ දුවන ගමන් අරයට ෆ්ලයින් කිස් එකක් දීගෙනම ගියේ හිත සනසන්න . එහෙම නැතුව වෙන මොකටවත් එහෙම නෙමේ. අනිත් එක තමා අර යෙහෙළියට දෙන්න මගේ ලග ප්රෝමිසස් චොක්ලට් එකක් තිබ්බ. එක දුන්නේ නැත්තන් මට ආයේ නුවර එන්න වෙන්නේ නැ. හරියට නිකන් හිට්ලර් ගෙ දෙවන ලෝක යුද්දේ වගේ.  හතර වටින් සුවර් එකටම කාලතුවක්කු හා යුද ටැංකි ප්‍රහාර එල්ලවෙනවා.  
ඊට පස්සේ මගේ යෙහෙළිය මකුළු කයියා හම්බෙලා ගෙදර යනකොට අරයගෙ යාළුවා මට එවුවේ " ඔයා අරයට ලොකු බොරුවක් කරනවා නේද "
" මොකක් පිස්සුද ඒ මගේ අක්කා කෙනෙක් .? " 
" හරි හරි කමක් නැ " අනිත් පැත්තෙන් ආවේ ඒ වගේ  උත්තරයක් . 
කාලය ගෙවී ගියේය. කෝස් එකේ අන්තිම දවසේ අරය ක්ලාස් ආවේ ගොඩක් වෙලා ගිහින්ය. එත් මාත් එක්ක කතා නැත. මාත් බලෙන් දෙන්න ගියේ නැත. මොන කෙහෙල්මල්ද කියා එලියට බැස්සේය.  
මේ ලගදි දවසක් මයි මගේ තව යාළුවෙකුයි කෑම කන ගමන් ඉන්නකොට , මම දැකල පුරුදු ගැහැණු ළමයෙක්  මගේ ඉස්සරහටම ආවේය.  මම කකා හිටියේ පැටිස් ඒකකය. පැටිස් එක කටේ හිරවිය.  අර කෙල්ලත් මගේ මුණ දිහා බලාගෙන විනාඩියක් පමණ බලාගෙන හිටියා.  මගේ යාළුවා කෙල්ලගේ මුණ හා මගේ මුණ දිහා බලමින් 
"ඇයි බන් ..??"
සුරංගනාවී ඉන්නේ වෙන කොල්ලෙක් ගෙ අතින් අල්ලාගෙනය.  මුණු දිහා බලාන හිටපු අපි වෙන්විය. ඇය උඩ තට්ටුවට ගියාය.  
මගේ යාලුවට දැන් මාර අවුලක් ය. 
" උබ දන්නවද ඒ කවුද කියල ..??"
"නෑ බන් කවුද ඒ..??"
.......රි  බන් ..
" අහ්හ්හ් .. යකෝ " 
විනාඩි පහක් විතර යනකන් මට අප්සට් එකක් තිබුණි. නැවත එය ආවේ සතියකින් පමණය. ඒ නිසා මකුළු කයියා මගෙන් බනුමකුත් අහගත්තේය. තරහ ගොස් සිටින විට බොහෝ වෙලාවට එය පිටවෙන්නේ මකුළු කයියාගෙන්ය.  දැන් සුරංගනාවී ගෙ චැප්ටර් එක අහවරය. එක වෙලාවකට මට හිනත් යයි. මොක උනත් වැඩක් නෑ. :(

දිවි නසා ගැනීම් ( හිකිස් ) 01

අපි හැමෝම ආදරේ කරන්න ආසයි නේ , ඒ නිසා කස්ටිය ආදරෙත් කරනවා.  ඔහොම ඉතින් ආදරේ කරනකොට රණ්ඩු සරුවල් ඇති වෙන එක සාමාන්‍ය දෙයක් නේ.  මම දන්නා තරමින්ම මගේ යාලුවෝ කීපදෙනෙක් ම හරි විදියට බැලුවොත් දැන් ඉන්න ඕන පරලොව.  ඒ කියන්නේ මැරිලා.  සිය වතාවක් විතර මැරුණා හැබැයි අදටත් මාත් එක්ක කතා කරනවා. හිකිස් ..
වලියක් ගියපු ගමන්ම මම මැරෙනවා ........................................................................ 
ඕවට හැමදාම මැදි වෙන්නේ මේ අහිංසක මම.  ඊට පස්සේ රෑ නිදිමරාගෙන මුන් මැරිලද කියල හොයන්න ඕන.  යාලු ෆිට් එකට කරන්නත් ඕනනේ. 
මැරෙන්න යන අයගේ හොදම වැඩේ තමා පිරිටන් පෙති. සමහරු ඒවා කොට්ටේ යට තියගේනලු ඉන්නේ වලියක් ගියපු ගමන්ම බොන්න.  එහෙම කරේ නම් මගේ යෙහෙලියක් . හිකිස් 
ඔන්න ඉතින්    2011.11.13    වගේ දවසක  මහා රෑ මම ෆේස් බුකියේ භාවනා කර කර හිටියා.  හෆ්ෆටසිරි අර කලින් කිව්ව යෙහෙලියගෙන් මට මැසේජ් එකක් අවා. ආයේ ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ , ගාල්ලෙත් නෑ , ගාලු පොලෙත් නෑ . 
  " ඔය කිව්ව නේද මැරෙන මිනිස්සු කවදාවත් කිය කියා මැරෙන්නේ නැ කියල. අද  ඒක වෙනස් වෙනවා,  හිතට එන ආවේගෙට ඕනම දෙයක් කරන්න පුළුවන්. ආයේ ඔයාට මව කවදාවත් දකින්න බැරි වෙයි,  අදින්           පස්සේ  ඔයාලට මාව දකින්නවත් බැරි වෙයි.  අයියව හොදින් බලාගන්න , එයාට හොද මල්ලි කෙනෙක් වෙන්න. "
   අම්මා ඔය වගේ එකක් මහා රෑ ආපුවම ආයේ කියල වැඩක් නැනේ.  කියන කෙනාට කියන්න ලේසි , ඒවා අහන කෙනාට තමා අමාරු.  ඔය මැසේජ් එක එව්වේ මගේ හෙන බොක්කක්.  මාත් ඉතින් අමුණලා කරලා රිප්ලයි එකක් ගැහුවා. 
 " මොනාද ඕයි මේ කියවන්නේ. පිස්සුද ? දැන් මොකද උනේ කියන්න "
සෑහෙන්න වෙලා යනකන් රිප්ලයි නෑ.  වැඩේ හරි යන්නේ නෑ. ගත්ත කෝල් එකක්. ඇත්තටම මැරිලා ද දන්නේ නැනේ. මම නම් සිරාවටම බය උනා.  වැඩේ ගොඩ ෆෝන් එක කට් උනා. ඒ කියන්නේ තාම ඉන්නවා.  ඊට පස්සේ ආයේ මැසේජ් එකක් ආවා. 
" කෝල් ගන්න එපා , ගෙදර අයට ඇහෙයි, අනික මට හොදටම සනීප නෑ. "  
ඊට පස්සේ මම ඇහුව " මොනාද මේ කියවන්නේ ..? "
 " දෙවියන්ගේ කැමැත්තට ඔක්කොම වෙයි, එක්කෝ මම ජිවත් වෙයි, නැත්තන් මැරෙයි. " 
 කෙල්ල දෙන්නේනම් බොක්ක උණු වෙන ටෝක්ස්.  
" යකෝ ඔයා නම් මැරෙයි, එතකොට අවුරුදු 20 ක් හිටපු අම්ම තාත්ත.  නිකන් මෝඩ වැඩ නොකර ඉන්නවා. "
ඊට පස්සේ දුන්නේ නම් නියම උත්තරයක්. 
" කමක් නෑ අපේ අයිය ඉන්නවා නේ " 
ඊට පස්සේ මෙකි යන්නම ගියා. ආයේ රිප්ලයි අවෙත් නෑ. කෝල් කරට ආන්සර් කරෙත් නෑ.  ඒ වෙලාවෙනම් පට්ට බයක් ආවේ සිරාවටම ඉවරද කියල.  මම කරේ එයාගේ කොල්ලට සීන් එක කිවවා. 
ඌ කියනවා මේකිට පිස්සුලු ...
 හපොයී මගේ කට කිව්වලු.
ඔන්න කොහොම හරි පහුවදා උදීම මම කෝල් එකක් අරන් බැලුව , යන්තන් ඇති පන පිටින් ඉන්නවා , මට ඉතින් දැන් මැරෙන්න හිනා හොද කට කැඩිච්ච කතාවක් කියන්න හිතුනා පවු කියල හිතුන නිසා නිකන් හිටියා.  යටි හිතේ සිනා බෝ වෙනවා. එත් එක එයාට කියන්න බෑ.  මම ඇහුව " කොහෙද ඊයේ ගියේ..? "
" මම ගියා පිරිටන් හොයන්න " හි හි හි හි මට දැන් තවත් හිනා.  ඉන්නම බැරි තැන මම ඇහුව  " ඉතින් දැන් බිව්වද ?? " 
" ඔව් මම හතරක් බිව්වා , ඊට පස්සේ මාව වෙවුලුවා " හි හි හි    හිටපන්කෝ පස්සේ දවසකම හිනා වෙන්නම් කියල පාඩුවේ හිටියා. 
ඊට පස්සේ පයක විතර මලක් කඩලා වස් දොස් අහල ශේප් කරා. 
ඔයා දිවි නසා ගැනීමට හොද ඉතිහාසයක් තියෙනවා.  මොකද එක සැරයක් මම ඔට්ටුවක් ඇල්ලුවා එයත් එක්ක පුළුවන් නම් මැරිලා පෙන්නනවා කියල. මොකද මම හොදටම දන්නවා එයා මැරෙන්නේ නෑ කියල. 
එක දවසක් මාත් එක්ක රණ්ඩුත් උනා ඕකට.
" අනේ නිකන් බොරු නොකිය ඉන්නවා , මැරෙන්න ඕන එවුන් කවදාවත් කිය කිය මැරෙන්නේ නැ , පුළුවන් නම් කරලා පෙන්නනවා. අපිත් නුවර නේ ඉන්නේ , ඕනම නම් මම මළගෙදර එන්නම් මාරි කන්න"
"ඔව් ඔව් ඔහොම හිතාගෙන ඉන්නවා , මැරුණ දවසට ඔහොම හිනා වේවි ඉන්නවා,  හැමෝම නපුරෝ "
ඔන්න ඔය කෙස් එක අපු දවස් වල ඉදන් මම කරන්නේ එයාව බයිට් කරන එක.  මේ ලගදි හම්බුනමත් මම කියල හින්ට් එකක් ගැහුවා.  
" අහ්හ් දැන් සමහරු මරිලානේ ඉන්නේ " අවුරුද්දේ දානෙත් ලගයි.  
හිකිස් ඔය එක යෙහෙලියක් ගේ කතාවක්. මගේ තව යාලුවෙක් හිටියා උත් 3 පාරක් විතර මැරුණ එකෙක්. උගේ කතාව ඊළගට පස්සේ පොස්ට් එකේ කියන්නම් .  

ෆැන්ටසිය


ඇනුම් ඇර ඇර ටියුෂන් පන්තියේ සිටි මම බලා සිටියේ කීයට මේ මල වදේ ඉවර වේද කියාය.  අවසාන පේලියේ ට වී විකාර කරමින් සිට දැන් ඇති වෙලාය.  එහා පැත්තේ හිටපු කෙල්ලගෙන් වතුර ටිකක් ඉල්ලන්න සිතු මම  ඇයට කොලයක් ගසා බැලුවෙමි. වැඩක් නැත අඩුම ගැනේ හැරිලාවත් බැලුවේ නැත. හැමදාම ගසන වැල් බයිලා එලෙසින්ම රිපීට් වෙමින් තිබුණි. සවස තුන පසු විය.   වාසනාවට මෙන් පන්තිය අහවර විය. .මගේ ක්‍රෂ් එක ඉන්නවද බලු මම, ඉක්මනට දිව්වේ ඇයට කතා කරන්නය. අපෝ ... වඩේ බකල් .. හැමදාම මට උදැල්ල දාන ඒකිගේ අඹ යාළුවා එකිත් එක්ක බර කතාවකි. "මුන්ට මොනවද දන්නේ නැ මේ තරම් කතා කරන්න තියෙන්නේ,"මම හිතං බැන බැන ටවෙර් එක පැත්තට ආවෙමි. 

 ගෙදර  තිබෙන්නේ  කටුගස්තොට  බැවි ඕනෑම බස් එකක යා හැකිය . මඳ වේලාවකින් පැමිණි වත්තේගම  බසය මා රැගෙන ඉගිලෙන්නට විය.


''....මහාය්යව , කටුගස්තොට , නවයලතන්න, මඩවල , වත්තේගම, වත්තේගම, වත්තේ වත්තේ  ....'' 


ප්‍රයිවට් බස් එකේ කොන්දොස්තර බෙරිහන් දෙයි. මට වෙනසක් නොදැනේ. හ්ම්ම්....මම නිසොල්මන්ව ඉදිරිපස දොරටුව දෙසට නෙත් යොමාගෙන සිටිමි. එක් වරම දුටු දෙයින් මගේ දෙනෙත් කාන්තිමත් විය. ලස්සන ගැහැණු ළමයෙක්!ඊළඟ මොහොතේ මම සිටියේ සිහින ලෝකයක් තුළ අතරං වී බව සිහිනෙන් මෙන් මට වැටහී ගියේය. ඇය ලස්සනය. සුදෝ සුදු මුහුණ, රත් පැහැති තොල් ඇයට මනා පෙනුමක් ලබා දී තිබිණි. මම මොහොතකට යථාර්ථය හා ගැටුනෙමි. සිහිනිඟ, පුළුලුකුල, පිරිපුන් සිරුර, පියකරු මුහුණ මේ ආදී නනාප්‍රකාර නාරි ලක්ෂණ ඇය තුළින් අවධානය පිටතට ගැනීමට මගේ පෘතග්ජන සිතට ඉඩ නොදෙයි.ඇය ඇය මනාව දර්ශනය වේ. සිතේ හටගන්නා නානාප්‍රකාර සිතුවිලිවලට මා ඔහේ පාවී යන්නට ඉඩ හලෙමි.
මම සිට්යේ බස් එකේ පෙම් මුල්ලේය,  ඇය ඉස්සරහ දොරෙන් කෙලින්ම ආවේ පිටිපස්සටය, ඇය අනිත් පැත්තේ වාඩි විය. 

 එහෙත් පොඩි කොස්සක් ඇත. ඇය අක්කා කෙනෙක් ය. 

මම එය දැක ගත්තේ ඇය කොන්දට සල්ලි දෙන්න යනකොට පර්ස් එකේ තිබුන ලය්සෙන් එකෙන්ය, අක්කා උනත් මොකෙක් උනත් මොකද කියල හිතුව මම ඇයට පොඩි සිනාවක් දැම්මේ ටෙස්ට් කරන්නය, වැඩේ හරිය , ඇගෙන් ආවේ ඉතා ලස්සන ප්‍රතිචාරයකි .
මොහොතකින් මා සිටියේ ඇගේ අනෙක් පස අසුනේ අසුන්ගෙනය. මට මා ඇය තරමටම තරුණ වී සිටිනවා වැනි හැඟීමක් දැනෙයි. තව දුරටත් මා හා ඇය අතර දුරස් බවක් නැත. අපි පෙමින් වෙලී සිටියෙමු. ඇගේ රත් පැහැති තොල්වලින් මගේ වියළි  තොල් සිපගන්නවා සේ මට දැණින. එය මහත් ආශ්වාදජනක අත්දැකීමක් බව මම ජීවිතේ ප්‍රථම වරට අත්වින්දෙමි. මා සිටින්නේ බසයක් තුළ බව මට කිසි ලෙසකින්වත් නොදැනේ. මා ඇයත් සමග වෙනමම ලොවක හුදෙකලා වී සිටී. ඇය මට ආදරයෙන් අමතයි. මා ද ඇය සමග පෙම් බස් දොඩන්නේ පුරුදුකාරයෙකු මෙනි. ඇය මහත් ආදරයෙන් මා ගතට තුරුළු වෙයි. මට මහත් උණුසුමක් දැනේ............සියුම් උණුසුමක්.

අනේ, ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
 මට සෙමින් සෙමින් මල්ලි මල්ලි යි කියා කියා කව්දෝ කතා කරන හඩක් ඇසුණේය. මල්ලි කටුගස්තොට නේද බහින්නේ ..??  කොන්දා මට  කතා කරේ මගේ අතල් නින්ද කඩමින්ය.
අය්යෝ .. ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
මම ඇහැරී බලන විට ....අර ලස්සන අක්කා තාම එහා පැත්තේ සීට් එකේ සිටි,..

රගර් ආතල්.....

රගර් කිව්වොත් මුකුත් ඕන නෑ. පට්ට පට, අන්තිම මොහොතේ තිබ්බ ට්‍රයි එක තරම් අමතක නොවෙන සිද්දියක් තවත් නැ. එක බලාගෙන හිටපු අපිට උන් හිටි තැන් අමතක උනා.  කස්ටියම පැන්න ග්‍රවුන්ඩ් එකට :ඩි   තව පොඩ්ඩෙන් පොලිසියෙන් කන්න වෙනවා අම්බානෙක 





හි හි ඊට  පස්සේ මැච් එක දින්නට පස්සේ   අපේ ටීම් එකට සප් එක දෙන්න ග්‍රවුන්ඩ් එකට පැනල ඉස්කෝලේ නම කියල කැගහපු හැටි, ...ඒ වගේ  ආතල්  එකක් ලොවෙත් නෑ 



                                           video
                                         




ටියුෂන් ....

උසස් පෙළ ටියුෂන් කියන්නේ පට්ට ආතල් කාලයක් නේ , ඉස්කෝලේ යනවට වඩා ආසාවෙන් ඉන්නේ එකට යන්නනේ. ඉස්කෝලේ යනවාටත් වඩා උනන්න්දුවක් තියෙන්නේ ක්ලාස් යන්න. ඒ කාලේ කරපු වඩා මතක් වෙනකොට කොහොම විභාගේ පාස් උනාද කියල හිතාගන්න බෑ. 
ක්ලාස් යන කාලේ අපිට එක එක පිස්සුවල් තියෙනවා, 
01. කෙල්ලෝ පිස්සුව 
02. වලි පිස්සුව 
03. ගේම් පිස්සුව 
04, ෆෝන් පිස්සුව 
05. සින්දු පිස්සුව 
                                                ඔය වගේ එක එක පිස්සු තියෙනවා.  හැමෝම හැමදේටම දක්ෂ නැ. එක එකා දක්ස එක එක අංශ වලින් . 
ක්ලාස් දවසට උදේ පාන්දරම යන්න ලැස්ති වෙයි. නුවරට යන්න යන්නේ විනාඩි 20 ක් උනාද ක්ලාස් පටන් ගන්න පැය තුනකට විතර කලින්  ගෙදරින් පනී.  ඔය සීන් එක හොදටම උනේ රිවිෂන් යන කාලේදී .  උදේ 6 බස් එකේ නගින්නම ඕනේ. මොකද ඒ බස් එකේ වැඩියෙන්ම ඉන්නේ අපේ සහෝදර බාලිකා පාසලේ නංගි ලාය. ඔක්කොම නංගි ලාද දන්නේ නැ , ඒ උනාට අක්ක කෙනෙක් ට උනත් කියන්නේ නංගි කියලය.  නැත්තන් තත්වෙට හොද නෑය.  නුවරට යනකන් ඉතින් එහෙ මෙහෙ බල බල යනවා. මගෙත් එක්ක ක්ලාස් ගිය තව පොරක් ඉන්නවා, ඌ මාතර ඉදන් ආපු පොරක්. මිනිහත් උදේ පාන්දරම එනවා මාලිගාව ලග හෝල්ට් එකට.  හිකිස් ... වැව රවුම පැත්තේ තියෙන බාලිකා පාසලක එක්කෙනෙක්ට මූ සීන් ලු.  ඇත්තටම  එකක් කියල නෑ. උදේ පාන්දර දෙනෝ දාහක් කෙල්ලෝ යයි. අපි ඉතින් හිතෙන වර්ණනා දීගෙන යයි, සමහර වෙලාවට පට්ටම කෑල්ලක් දැක්කම ඇහෙන්නම කියයි " නංගි ඔයා නම් මාර ලස්සනයි " .. සමහර කෙල්ලෝ එහෙම කියනවට මාර කැමතිය. ඒ අය නිහතමානිව හිනා වී යයි,  සමහර අය ගමකට ගහන්න වගේ රවාගෙන යයි, අපිට ඔයා දෙකෙන් මොක උනත් කමක් නැත. තව විනාඩි පහකින් කලින් දැක්ක කෙල්ලව අමතක වෙලාම යයි. 
සමහර පොඩි කෙල්ලෝ ඉන්නවා ලගදි ෆෝම් වෙච්ච අය , තේරෙනවා ඇති නේ .. එහෙම අය  නම් ඕනෑවටත් වඩා රැගිල්ල දායි, අපිව ෆෝම් කරන්න. උන්ට ලව් කරන්න ගිහින් බාල අපරාද අංශයේ නතර වෙන්න බැනේ. හික්ස්ස්ස්... 
ඒ දවස් වල අතේ වැඩිය සල්ලිත් නෑ , කොහොම හරි සන්ටිමක් එහෙම දාල තම උදේට කන්නේ , එකත් මහා ලොකු දේවල් නෙමේ,  ඩෙවොන් , KFC, Pizza Hut , ඕව පැත්ත වත් බලන්නේ නැ, හේ හේ රුපියල් 20 ක් දීල දහයේ රොටි දෙකක් කාල ශේප් වෙනවා. 
ඊට පස්සේ ගාටන්නේ ක්ලාස් එකටය. කලින් ගිහින් ක්ලාස් එක ඉස්සරහට වී වල් පල් දොඩ දොඩ ඉන්නවා. පට්ට කෙල්ලෙක් එහෙම ආවොත් සැළලිහිණියේ කවි වලින් ම වර්ණනා දෙයි.  ඒ උනාට විභාගේ ට ගියාම මුකුත් මතක නැති උනා. 
පන්තිය පටන් ගෙන ටික වෙලාවක් යනකොට නිදි මත එයි, උගන්නන සර් ටද ගානක් නැත , ඔක්කොටම වඩා පෙන්නේ නැතුව ඇති, හෝල් ක්ලාස් නේ, ටික වෙලාවක් යනකොට එකෙක් අයි පෝඩ් එකක් ගෙනත් ය. එකේ වැල අම්බානෙක පුරවාලය, දැන් නම් නිදි මත කොහේ ගියද දන්නේ නැ, ඉන්ටවල් දෙනකන් ම වැල බලයි,  ඒ අතර තුරේදී ටියුට් එක ලියන්නත් අමතක කරන්නේ නැ , හොදම සීන් එක කියන්නේ එක පාරක් අර මම කිව්ව යාළුවා ඕවා බල බල ඉද්දි සර් ට මට්ටු උනා , ආතල් සීන් එක කියන්නේ සර් කාරයත් ඇවිල්ල ඇහුවේ "මොකද්ද ආප්පයක් ද " කියල , හිකිස්ස්ස්ස්...  
සමහර දවස් වල වල නැති දවසුත් තියෙනවා , එදාට ඉතින් එහා පැත්තේ ඉන්න කෙල්ලෙක්ව බයිට් කරන එක තමා ගොඩක් වෙලාවට වෙන්නේ , එහෙමත් නැත්තන් කරපු කුපාඩි වැඩක් ගැන කියා කියා ඉදි. 
ගොඩක් වෙලාවට දවසම තියෙන ක්ලාස් එකේ අපි ඉන්නේ දෙක වෙනකන් විතරය.  ඉන්ටවල් දුන්නම ශේප් එකේ මාරු වෙනවා, 
ඔහොම කාලය යද්දී දැන් විභාගෙට මාසයක් වගේය. මම නම් කොහොම හරි විෂයන් දෙකක් කවර් කරලා තිබ්බ, දැන් දැන් හැම එකම රත් වෙලා , මහා රෑ වෙනකන් පාඩම් කරයි,  ඔහොම ඉන්න කොට එකෙක්ට විභාගෙට සතියක් තියල බූට් එකක් වැදුන, අපි හිතුවේ මිනිහ ඉවරයි කියල , විභාගෙට තිබ්බ බය නිසා මිනිහට ඒ ගැන වගක් වත් නැ , 
අන්තිමේදී විභාගෙත් පටන් ගත්ත , අගෝස්තු 18 අපිට එක විෂයක් තිබ්බ ,  එදා උදේම ගිය  ක්ලාස් එකට සර් හම්බෙන්න , ඔහොම ඉන්නකොට කෙල්ලෙක් ඇතුලේ ඉන්නවා , එයත් සර් හම්බෙන්න ඇවිල්ලද කොහෙද , .?? අපිට දැන් මාර ප්‍රශ්නයක් ය..?? " අඩෝ කවුද බඩුවක් ඇතුලේ බන් ? " 
මම ගත් කටටම ඇහුවේ අපේ වයසද දන්නේ නැනේ ..? 
අපි තවත් හොදට බලන්න ක්ලාස් එක ඇතුලටම පැන්නෙමු,  අෆොයි එයට අමාරුවක් ද කොහෙද .?? ඔලුවේ ඇත තියාන හෙන අමාරුවෙන් ඉන්නේ , අපිට හිතුනේ එහෙම , ඇහේ කදුලුත් පිරිලා වගේ,  පස්සේ තමා ආරංචි උනේ ඒ වෙන එකකට නෙමේ විභාගෙට තියෙන බයට ලු, ........ එක කිව්වේ ඒ කෙල්ලම තමා. 
මොකද එයා  දැනටත් මගේ හොදම හොදම යාලුවෙක් , අඩුම ගානේ මම වත් හිතුවේ නැ අදුර ගන්නවත් හම්බෙයි කියල. හික්ස්ස් ... 
සැප්තැම්බර් 4 වෙනිදයෙන් පස්සේ ඔයා ඔක්කොම දේවල් ඉවර උනා , මොකද විභාගේ ඉවර උනාට පස්සේ කස්ටිය සි සි කඩ විසි උනා ...  අන්තිමට රිසල්ට් වලින් අපේ සෙට් එකේ ඔක්කොම මාරුවට පාස් උනා, කොටින්ම කියනවනම් අපේ ගෙදරින් හිතුවේ මම බොරු කියනවා පාස් කියල.  දැන් සමහරු රස්සාවලුත් කරනවා , ........

යාළුවා සහ යෙහෙළිය .....

එකමත් එක කාලෙක හිටියලු හොදම යාළුවෙකුයි, යෙහෙලියෙකුයි , දෙන්න පට්ට බුදු ෆිට්.  ඒ කියන්නේ සමහර වෙලාවට ගැනි සහ මිනිහ වගේ.  අම්මා............ කවදාවත් එහෙම වෙන්නේනම් නැ. සමහර වෙලාවට යාළුවා පොඩි දේකටත් එයාට හොදටම බනිනවලු. බනින්නෙත් සීනිබෝල විදියට නෙමේලු , අඩෙන්නම බනිනවා කියල තමා ආරංචි.  ගොඩක් වෙලාවට බනින්නේ මුට ඩොටේ පොරක්  ගැන කියවන්න අවොත් ලු,  ඒ නිසා දැන් වැඩිය ඒ මිනිහ ගැන කියවන්නේ නැල්ලු. හික්ස් ....කොච්චර කොහොම බැන්නත් ආයේ පැයකින් විතර යාලුවෙනවලු. බැනපු ඒවා ගැන ආයේ කතා කරන්නේ නැ ඊට පස්සේ. යාළුවගේ යාලුවෝ සමහර වෙලාවකට කියනවලු " උබව හොදටම තේරුම් අරන් ඉන්නේ එයා විතරයි බන්, දැන් බලපන් උබේ හිටපු ගැනිට විහිළුවක් කරත් දිරවන්නේ නැනේ, එකනේ උඹ බූට් එක තිබ්බේ". 

 දැන් ඉතින් උසස් පෙළ එහෙම කරලා එක  එක්කෙනා එක එක පැති වලට යනවනේ. එයාගේ ආසාව මම හිතන්නේ ගුරුවරියක් වෙන්නලු. යාළුවගේ ආසාව නම් බිස්නස් පැත්තට යන්නලු. මොකක් හරි කමක් නැ හරි යනවනම්.  මම මුලින් කිව්ව යෙහෙළිය දැන් ඉන්නේ නුවර ඉදන් ටිකක් දුර. යාළුවා  නම් කියන්නේ ඩොටේ පැත්ත කියල. එහෙම කියන්නේ එයාව අවුස්සන්න.  ඔන්න ඉතින් මේ ලගදි තිබ්බ අප්‍රේල් නිවාඩුවට එයා ආවලු  නුවරට.  දෙන්නට දෙන්න අන්තිමට හම්බුනේ ඊට මාස ගානකට ඉස්සර. 
ඔන්න කොහොම හරි දෙන්න හම්බෙලා. හම්බෙන්න මාසෙකට කලින් ඉදලම අර යෙහෙළිය promises චොක්ලට් එකක් ඉල්ලලා තිබුනලු.මහා පාර මැද හරි කමක් නැ promises එක කඩාගෙන කන්න  තරම් මාර ආසාවක් තියෙන්නේ ,  හි හි හි මට යාළුවා දවසක් කිව්ව එයාට පලවෙනි පාරට චොක්ලට් එකක් දුන්න දවස ගැන. මගේ යාළුවා චොක්ලට් එක දුන්නම තඩි නයි මල්ලක් වගේ බැග් එකත් උස්සගෙන එයා දිවුවලු හැටට හැටේ. යාලුවට වඩා අවුරුද්දක් වැඩිමල්ලු. ඒ උනාට හැසිරෙන්නේ අවුරුදු 10 ක් විතර බාලයි වගේ . හිකිස් ...
මේ ලගදි අවට පස්සේ එක දවසක් යෙහෙළිය එන්න හොදටම පරක්කු වෙලා , අරුට දැන් මරුවටම මල පැනල.  ඔන්න ඉතින් පය 2 ක කට්ටක් එහෙම කාල ඉන්නකොට ආවලු නැලවී නැලවී, ඊට පස්සේ කියනවලු " ඔය මගේ පිටින් තරහ පිට කරන්න එපා කියල " අරුගේ මුනේ හැටි දක්කහමම බය වෙන්න ඇති. 
මුට දැන් මහා පාරේ බනින්නත් බැනේ , තිබ්බ තරහ අඩු කරගන්න බබල් ගම් දහයක් විතර ඔබ ගත්තලු කටේ, හපන්නත් අමාරු උනාට මු කොහොම හරි හපනවලු,  අරයට ඕව දිරවන්නේ නැල්ලු,  " මොකද හලෝ ඔය ..?? " මුත් ඉතින් අරයව අවුස්සන්නම ඒකම කරනවලු , අරය දැන් නිකන් පුපුරන්න වගේලු, තරහෙන් පුපුරනවලු , ඇස් දෙක නිකන් ගිනිබෝල දෙකක් වගේලු, ඒ උනාට මගේ යාලුවට ෆුල් අතල් ලු,  මොකද මල පැන්නම මාර ලස්සනයි ලු, ඒ මදිවට මුන් දෙන්න මේ කෙලගන්නේ කඩයක් ඇතුලේ, අනිවා මිනිස්සුන්ට හොදටම පෙන්න ඇති, මම හිතන්නේ ඔය සීන් එක හොදයි , එක දවසක් දෙන්න මහා පාරේ ගහගත්තලු,  හරියට නිකන් පොඩි උන් දෙන්නෙක් වගේ, තව දවසක් නුවර ලේක් සයිඩ් එකේදිත් පොලු වලින් ගහගත්තලු,  ඕව මේ පොඩි කලේ කරපු ඒවා නෙමේ, දෙන්නටම අවුරුදු 20 දී විතර කරපු ඒවා,  ඕව දන්නෙත් මම විතරයි. 
අර කඩෙන් අවට පස්සේ දෙන්න ආයේ යාලු වෙලා, .. ඊට පස්සේ ගියාලු මොනවහරි කන්න, පොෂ් කඩේකට ලු  ගියේ,  අර කෙල්ල කන්නෙත් පොඩි උන්  කන කෑම , දෙන්න ගත්තලු ඩෝනට් , දොඩන් ජුස් , හික්ස්...
මොනවා උනත් අරය තාම මුට රවනවලු, මුත් ඉතින් දමන අවුස්සනවා , මු කරලා තියෙන්නේ ඩෝනට් එකේ තිබ්බ චොක්ලට් එයාගේ මුනේ ගාන්න ගිහින් ඒකට දෙන්න පොරකනකොට දොඩන් ජුස් එක ඔක්කම කෙල්ලගේ මුළු ඇගේම හැලිලා, මල කෙලියයි එයා අවුරුද්දට ගත්ත අලුත්ම අලුත් ඇදුමක් ලු, අ මදිවට අලුතෙන් ගත්ත හෑන්ඩ් බැග් එකත්, සම්පුර්නෙන්ම දොඩන් ජුස් වලින් නැවිලා.  ෂොප් එකේ ඉන්න උන් උන් දෙන්න දිහා බල බල හිනාවේනවලු,  හිනා වෙන්නම සීන් එක නේ, ආයේ ඉතින් උන් දෙන්නට රෙද්දක් ඇදන් ඔය කඩේට යන්න වෙන්නේ නැ. එකනම් සුවර් . අරු නම් කොල්ලෝ සෙට් එකක් එක්ක උනත් ඒ කඩේට යන්නේ නැ. 
යාලුවට ඇහෙනවලු අරය බනිනවා " කරොත් කරන්නේ තක්කඩි වැඩක්ම තමා". මුට තක්කඩියා කියන්නේ සමහර වෙලාවට කරන්නෙත් එහෙම වැඩ තමා, එක දවසක් මෙයා එක්කම යනකොට මොකද්දෝ යාලුවෙක් ගේ කේස් එකකට එක මිනිහෙක්ට මහා පර මැදදී තඩි බැවලු. එකත් කරලා තියෙන්නේ මෙයා ඉස්සරහමයිලු. 
දැන් දෙන්න කොහොම හරි ඇග පුරාම තිබ්බ දොඩන් ජුස් කොහොම හරි පිහ ගත්තලු. කඩේ උන්ටත් දැන් වැඩ වැඩිවෙනවා, පව් එකෙක් ඇවිල්ල දැන් එතන මොප් කරනවා,  උ එක කරන්නෙත් හිනා වේවි,  විලි ලැජ්ජයි ...
අරයගෙ සුදු  ඇදුම දැන් ලා කහ පාටයි ලු,  වාසනාවකට වගේ එදා හොදටම වැස්සලු, ඒ නිසා අරයගෙ අර දොඩන් ජුස් පොඩ්ඩක් හරි හේදිලා යන්න ඇති,හික්ස්... :D 
අහ්. මේක කියන්නම ඕනේ, මේකේ ඉන්නේ මගේ යාලුවෙක් මම එහෙම නෙමේ :P ..
ඔය දොඩන් ජුස් සීන් ඒකට වඩ තව කේස් තියෙනවා, ඒවා කියන්න වෙන්නේ වෙනම එකකින් තමා, 

ඉගෙන ගන්න ලව් කිරීම ( you suck at love )

. දැන් ඉතින් කල වයසත් හරි නිසා හිතුවා සිරාම ලව් කරලා ටිකක් පිළිවෙලක් වෙන්න. ඕක කරගන්න ඉතින් කෙල්ලෙක් ඕනේ නේ.  කෙල්ලෙකුත්  හොයාගත්ත. එයාගෙත් මේකට අකමැත්තක් නැ.  එයත් මාර මාර ටෝක්ස් දුන්නේ.  ආයේ  කියල වැඩක් නැ.  ඔන්න ඉතින් අපි යාලු උනා. 

දවස් දෙකක් විතර ගියා. මෙයා කියනවා පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මම පස්සේ කියන්නම් කියල. මට නිකන් වටෙන් ගොඩින් තේරුණා මෙය මොකටද එන්න හදන්නේ කියල. මොකද අපි පුරුදු වෙන්න ලව් කරන ය නෙමෙයි නේ. " අනේ බලන්නකෝ අක්කා කියනවා දැන්ම ඕව කරන්න යන්න එපා , ටිකක් ඉවසන්න කියල, "
හුකැස්................. 
ඕව නිකන් සුරඟන කතා නේ . අපි ඕවට වඩා ඒවා අහල තියෙනවා . මම ඇහුව "ඔයා කිවුවනේ දැන්ම කාටවත් කියන්නේ නැ කියල "
හරි කමක් නැ , එහෙනම් ටිකක් ඉවසමුකෝ කියල මාත්   වැඩි ප්‍රෙෂර් එකක් දෙන්නේ නැතුව හිටියා. පහුවද ඉදන් අඩුම ගානේ මෙකි ඉන්නවද මැරිලද කියල හොයාගන්න බැ, ෆේස් බුකියේ චැට් කරන්න එන්නෙත් නැ. යකෝ මේක හරි කෙලියක් නේ. මම නිකන් ඉන්නේ යාලුවෙක් වගේ. ඔය කතාව කිවුවේත් එයම තම.
" අපි ටික දවසක් යනකන් මෙහෙම යාලුවෝ වගේ ඉමු කියල. "
සිරා ලව් කරන්න පටන් ගත්ත කෙල්ලත් එක්ක කොහොමද යාලුවෝ වගේ ඉන්නේ.  මට වටින් ගොඩින් හොයල බැලුව , කස්ටිය කියන්නේ මෙය හරිම අහිංසක කෙල්ලෙක් රවට්ටන්න එපා, තව එකෙක් කියනවා මේක තමා පලවෙනි ලව් එක  කියල. 
මම අහන්නේ ඔහොම බය නම් මොකටද බොරු බලාපොරොත්තු දීල ආදරයක් කරමු කියල කිවුවේ කියල. ඇත්තටම කියනවනම් මම ඔය ප්‍රශ්නේ ඔය විදියටම එයාගෙන් 10 වතාවක් ඇහුව. එත් කෙල්ලට මුකුත් කියාගන්න බැ. අඩුම ගානේ රිප්ලයි එකක්වත් එන්නේ නැ. පලවෙනි ලව් එක නිසා ඉගෙන ගන්න ලව් කරාද දන්නෙත් නැ කියල හිතෙනවා වෙලාවකට..???
මම දවස තුනක් ඔය විදියට ඉදල බැලුව. මේකේ කිසි තේරුමක් නැ. ඔන්න ඉතින් මම හා හා පුරා කියල සපත්තුව තිබ්බ. මම හිතන්නේ එයාට ඕන කරගෙන තිබ්බෙත් ඒක කරගන්න තමා. මොකද එතකොට ලෝකෙටම වැරදි කාරය වෙන්නේ මම කියල හිතාන ඇති. 
මරුම සීන් එක කියන්නේ මම සපත්තුව තිබ්බම කියපු දේ තමා මට ඩබ පලාගෙන හිනා ගියේ
" අනේ මට දැන් ඔයාට කියන්න ඕන මොකද්ද කියලවත් තේරෙන්නේ නැ "
හිකිස් ./......  එකත් මම තමා කියල දෙන්න ඕනේ. 
ලව් කරන්න තේරෙන්නේ නැත්තන් හරි වටේ පිටේ ඉන්න අය කියන විදියට ලව් කරන්න යනවනම් මොන මල ඉලවුවකටද ආදරේ කරන්න පටන් ගත්තේ.  ඒවා ඇහුවට වැඩක් නැ. ඒවාට උත්තර නැ. 
ඔහොම මෙහෙම වෙනකොට ඉතින් මේ කතාව සතියකින් ඉවර කරන්න උනා. මොකද නමට ගැණු තියාගෙන වැඩක් නැනේ. 
ආදරේ කරන්න දන්නේ නැත්තන් ඒවාට පැටලෙන්නේ නැතුව ඉන්න ඕන. මොකද මිනිස්සුන්ට බොරු සුරඟන කතා කියල බොරු කරන එක වැඩක් නැනේ. ලව් කරන්න තේරෙන්නේ නැත්තන් කොහෙන් හරි ඉගෙන ගෙන ඉන්න ඕන. 
හුකැස් .........

තේරෙන්නේ නැ ..

එක වෙලාවකට පොඩි එකෙක් වගේ, 
එක වෙලාවකට යක්ෂණියක් වගේ .....
තවත් වෙලාවකට අතුරුදහන් වෙලා වගේ හොයාගන්නත් නැ. කොහොම තේරුම් ගන්නද ..?
මට විතරක් කරන මවා පෑමක් ද ..? මොලේ කියනවා එපා කියල , හදවත කියනවා ඕන දෙයක් කරපු දෙන් මට වැඩක් නැනේ කියල. 
තව ටිකකින් කියනවා එපා .... මොනවා උනත් පවු නේ. 
තේරුම් ගන්න උත්සහ කරා, හොදටම තේරුම් ගත්තා......... ඒ අවුරුදු දෙකකට විතර කලින් , එත් දැන් ඉන්නේ ඒ හිටිය පුද්ගලයමද ..??
මට හිතෙන්නේ මොලේ හේදිලා හරි මොලේ හෝදලා හරි, 
පොතක තිබුන කවදාවත් ගැහැනියක් තේරුම් ගන්න බැ කියල.  සිරා කතාව.  හොදම වැඩේ ගණන් නොගෙන පැත්තකට කරන එකලු. 
දෙය්යෝ සාක්ෂි......  :පි 

මැඩම් එයාට කෙල්ලෙක් ඉන්නවා .....

ටික දවසකින් අලුත් එකක් දාන්නත් බැරි උනා. අද ලියන්න යන්නේ නම් මම පොඩි කාලේ වෙච්ච සිද්දියක් ගැන. 8 වසරේ දී විතර.

අපේ ඉස්කෝලේ පිරිමි පාසලක් . කොල්ලෝ උනත් ඉන්නවනේ කේලම් කියන සමහර චීත්ත වගේ පොරවල්. ඔන්න ඔහොම එකෙක් හිටිය අපේ පන්තියේ, අවාසනාවකට උ මගේ යාලුවෙක්. යන්නෙත් මම යන බස් වලම තමා. මැඩම් ට ටිකක් ගොට්ට එහෙම අල්ලන්නෙත් උ තමා. පන්තියේ නායකයා.
එක දවසක් ඉස්කෝලේ ඇරිලා එහෙම අපි ඉතින් බස් එකක් එනකන් හිටිය. මොනවා උනත් උ ටිකක් හොද පොරක්. හැබැයි මිනිහ නැති දේ ඇති කරලා බොරු කියනවා. මිනිහ එක්ක ගහගන්නත් බැ.
ඔන්න ඉතින් බස් එකක් ආව. අපි පොරකාගෙන නගින නිසාද කොහෙද බස් එක නවත්තන්නේ ඇතට ගිහින්. නගින එකා නගිනවා, නැති එකා ආයේ හෝල්ට් එකට එනවා. කොහොම හරි අපි දෙන්න ෆුට් බෝඩ් එකේ එල්ලුන, පොඩි උනාට වැඩකාරයෝ වගේ, කොන්දා පිටිපස්සේ ඉදන් බනිනවා. .....

බස් එක විදුලි වේගෙන් කටුගස්තොට ට ලංවෙනවා. ඔතන තියෙනවා බාලිකා පාසලක්. එකේ ඉන්න කෙල්ලෝ 20 ක් විතර බස් එකට නැග්ග  . දැන් අපිට හුස්ම ගන්නවත් ඉඩ නැ. අපි පොඩි කොල්ලොනේ, දැන් මුළු බස් එකම ලෝඩ් , අපි ඉතින් ඇඹරි ඇඹරි කොහොම හරි ඉඩ හදාගෙන ඉන්නවා. අර බස් එකට නගපු අක්කල , ඒ කාලේ අක්කල . දැන් නම් අම්මල වෙන්න ඇති. ඒ ගොල්ලොන්ටත් ඉඩ නැති නිසා අපේ ඇගේ. බ්ලොක් එකේ බස් එක දැන් හිමින් හිමින් යයි. ඔහොම ඉන්නකොට එක අක්ක කෙනෙක් එයාගේ අත් දෙක මගේ කර උඩ තියාගෙන බොහොම අමාරුවෙන් වාරු අරගෙන ඉන්නවා. මම බැලුව කවුද යකෝ අත තියාගෙන ඉන්නේ කියල, මම එක පාර හැරුනෙත් නැ. හොරෙන් බැලුව. අම්මටසිරි වේවා කිවුවලු. සුදුම සුදු අත් දෙකක් මගේ කර අල්ලාගෙන ඉන්නවා. බස් එක වන්ගුවලින් යනකොට තව තද වෙනවා. හරියට නිකන් මසාජ් එකක් දානවා වගේ.

ටිකක් යනකොට මල්ලි ඔයාට අමාරුයිද ..?
අනේ මට නිකන් මර ලැජ්ජයි, මම ඔලුව වනල කිවුව නැ කියල.
ඕක දැක්ක අර මගේ යාළුවා ,. අෆෝ ඉවරයි, ඒකා කියනවා ,අහ අහ් උබට කෙල්ලෙක් ඉන්නවා නේ..? ,
ඔය පොඩි කාලේ ඔහොම එකක් කියනවටවත් අපි බයයි නේ.
" පිස්සුද බන් උඹට..?? "
නැ නැ හිටපන්කෝ හරි හරි ....
ඔන්න කොහොම හරි මම පහුවදා ඉස්කෝලේ ගියා. පන්ති බාර මැඩම් නම් ලකුණු කරනකොට , මගේ නම කිවුව.
මගේ නම ඇහුන ගමන් අරු " මැඩම් එයාට කෙල්ලෙක් ඉන්නවා, එයේ බස් එකේ කරට අත දාගෙන ගියේ. "
ඔය කාලේ දන්නෙත් කුණුහරප එකක් දෙකක් විතර , මම හිතෙන් උට බැන බැන හිටිය.,
පන්තියේ උන්  දැන් " අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ,,, "
මුළු පන්තියම එක හඩින් සද්දේ දමයි   . මොකද ඔය කාලේ ලව් කේස් කියන්නේ ගුටි කන සීන්.
පන්ති බාර මැඩම් " කියනවා කියනවා මොකද්ද මේ..?? "
"නැ නැ මැඩම්, අක්ක කෙනෙක් වැටෙන්න ගිහින් මව අල්ලගත්ත මු මේ ඒකට කියන්නේ "
නැ නැ මැඩම් ඔය බොරු " අරු මැදින් පැන තව තව ගින්දර දායි.
මැඩම් ගේ දේශනාව පටන් ගත්තාය. " උඹ ඉස්කෝලේ ඇවිල්ල මගේ පන්තියේ ඉන්නවනම් ඒ විදියට ඉදපන්, දැන්ම පිස්සු නටන්න ලෑස්ති වෙන්න එපා. උබ ලොකු අයිය කියලද හිතන් ඉන්නේ , "
අරුගේ අමු බොරුව නිසා මට බැනුම් කෝටියයි. මොනවා කරන්නද ...?
හි හි නියම වැඩේ කියන්නේ ඊට පස්සේ දවසකුත් අර අක්ක අර විදියටම මගේ කර අල්ලගත්ත. අරු ඒක දැක්කද දන්නේ නැ, එත් ඊට පස්සේ මුකුත් කිවුවේ නැ. ඒ උනාට දෙමාපිය හමුවේදී මම වැඩ කරන්නේ නැ කියල පන්තිබාර එක්කෙනා ගොසිප් එකක් අම්මට දීල තිබුන .

ක්‍රිකට් මැච් එකක් ගැසුවෙමු :ඩි

ඔන්න ඉතින් දවසක් කොම්පියුටර් ක්ලාස් ඉවර වෙලා එහෙම , දොඩන්වල හන්දියට වෙලා ඉන්නවා. පට්ට කම්මැලි. දැම්ම යාලුවෙක්ට කෝල් එකක්.
" අහ්හ් මචන් උබ ගැටබෙ ග්‍රවුන්ඩ් එකට වරෙන් "
අම්මෝ කාලෙකින් ඒ පැත්තට ගියෙත් නැ. හා හා පුර කියල ඉතින් මාත් ගියා. අම්මටසිරි සෙට් එක මැච් එකක් ගහනවා.  මටත් ඉතින් මැච් එකක් කිව්වුම  වෙන මුකුත් ඕන නැ. මාත් බැස්ස සෙල්ලමට.  මැච් දෙකක් විතර ගැහුවා. ඔහොම ඉන්නකොට අම්මටසිරි පට්ටම පට්ට  පට්ටම කෙල්ලෝ හතර දෙනෙක්. මගේ යාළුවගේ ක්ලාස් එකට එන සෙට් එකක් ලු, ආවනේ ග්‍රවුන්ඩ් එකට.
හි හි කොල්ලෝ ටිකට  පන ගහල සෙල්ලම් කරනවා.
 අපේ උන්ටත්  මොකද, අහ්හ් " අමාලි " අපි එයට අමාලි කියල කියමු. ගහමු මැච් එකක්.
"අනේ පිස්සුද හලෝ, "
" අප්පෝ ඔහොම නම් බෑ, එන්න එන්න ගහමු "
ඔන්න ඉතින් කොහොම හරි පෙරැත්ත කරලා කරලා මේකිව ෆීල්ඩ් එකට ගත්ත.  කියල වැඩක් නැ, ඒකිගේ පස්ස එහම සුපිරි. අම්මෝ ක්‍රිකට් අමතක වෙනවා දැක්කම. ඇඩෙනවා තනි ඇසට. එහම පස්සක් දැකලම නැ අෆ්ෆා.
ඔන්න ඉතින් එයාව දැම්මේ third man කලාපෙට ,  මම ඉන්නේ point කලාපේ. මගේ ඇහැ තියෙන්නේ දැන් third man වල.
අපේ කැප්ටන්
" අයියෝ මචන් බලාගෙන ඉදපන්කෝ ,"
උට මල පැනල.  මම විතරක් නෙමේ හැම එකම දැන් ඉන්නේ අරහේ.  එක පාරටම බැට ගැහුවා ලේට් කට් පහරක්. බොලේ ගියේ third man වලට.
අම්මේ සිස් කියල වැඩක් නැ , අරය පස්ස උඩ දදා දුවනවා, පැයට කිලෝමීටර් 5 ක විතර වේගෙන් , වැනෙනවා , අපේ කීපර් මීක් නැ. බෝලේ ගැන උනන්දුවක් නැ.  ඔන්න අමාලි දුවගෙන දුවගෙන ගිහින් නැමිලා එහම බෝලේ ගත්ත , අපේ උන්ගේ කටවල් දැන් ඇරිලා. ඔය ටික ඔහොම වෙද්දී අරු හතරක් ම දුවල. බැට් කරන ටීම් එකේ උන් අපට කෑගහනවා , " අඩෝ උබල බෝලේ දිහා බලපන් , වෙන ඒවා බලන්නේ නැතුව. "
" අනේ පල පල ඩෝ, "
ඇත්ත කතාව නම් , අරය දුවනකොට ඔක්කොම බෝල ගාන 5 කි.  තේරෙනවා නේ, ටෙනිස් බෝලේ එක්කම.  බෝල හතරක්  උඩට යටට පැද්දෙනවා.
දැන් ඔහොම ඔහොම බැට් කරන උන් ඒ පැත්තටම  ගහ ගහ ලකුණු ගන්නවා. අපේ උන්ට මැච් එකට වඩා වැදගත් වෙන දෙයක් නේ.
ඔන්න ඔහොම මාස ගානකින් ගහපු ටුනමන්ට් එක ඉතින් අපි පැරදුනා. මොනවා උනත් මාර ෆන් එක. කියල වැඩක් නැ. 
ආයේ නම් කෙල්ලෙක්ව ටීම් එකට ගන්න හොද නැ..  පිස්සු එකයි නේ, කැප්ටන් අපට හින්ට් ගහයි. 

ආදරයේ අංශු මාත්‍රයක්...

සිස් අහපු ගමන් හිතට වැදුන සින්දුවක් , ආයේ කියල වැඩක් නැ .. පට්ට පට පට ..
මරේ මරු..


තාරුකා උයනට ඉහල අහසින්.....
ඈත ඉදන් හරි හදිස්සියෙන්
ඔබ ආවා...
ආදරයේ අංශු මාත්‍රයක් ආවා ....
ආදරයේ සිහින දෙවිඳු ..
ඔබ ආවා ...

ව්‍යාකරණ නැති ,
කැඩී බිදී ගිය
භාෂාවක හිරවී
ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන් ....

ඇහි පිල්ලමකටවත්
අවසරයක් තිබුනෙ නැ
හරි හදිස්සියේ
ලොබ බැදුනා
අගුල් වැටි ...

මායාවයි ඔබ
ඇසුරු සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා..
ආදරයේ අංශු මාත්‍රයක්
දැනුනේ නැ ...............

http://www.youtube.com/watch?v=HTjl5LtNn8o

කොට මොඩල් බඩුව ගේ කපටිකම ...

හොදම යාලුවෙක් ගේ බඩුවකි.අර අක්කා කෝස් පොස්ට් එකේ හිටපු ආප්ප කඩේ ඉස්කෝලේ කෙල්ල.  මිනිහට දැන් එයාව සැකයි ලු.  හත් දෙයියනේ ඒ මදිවට  අර කෙල්ල මට කියනවා , එයාට අනාගතයක් නැ, අරවද මේවද ඔක්කොම කියනවා. ඔන්න ඉතින් මගේ යාළුවා ආවා අපේ ගෙදර. මම අර කෙල්ල කියපු ඒවා ඔක්කොම මිනිහට පෙන්නුවා. අපේ සෙට් එකේ මෙහෙම එකක් තිබ්බ. අපි අතර රහස් නැ. මොනවා උනත් උ මගේ හොදම යාළුවා නේ, අදට ඉතුරු වෙලා ඉන්න.  " අ මචන් , උබේ ගැනි ඊයේ මොනවද ඔය කිව්වා, " මිනිහ මැසේජ් ටික බැලුව. " ඔව් මචන් ඒකිගේ දැන් වෙනස් කම , හැම වෙලේම මගේ වැරද්දක් ගැන කියවන එකමයි වැඩේ". 
උ අපේ ගෙදර ඇවිල්ල තියෙන්නේ වෙන එකකට නෙමේ , කෙල්ලගේ ඊ මේල් එක හැක් කරගන්න. 
" උබ පාස්වඩ් එක දන්නවද ..?"
"ඔව් ඔව් , අඩෝ මට ඒ උදව්ව විතරක් කරලා දීපන් .. "
හි හි හි... ඔන්න ඉතින් අපි ඊ මේල් එක හැක් කරා.  ප්‍රයිවට් කේස් එකක් නිසා මම උට ඒක බලාගන්න කියල මාරු උනා. 
" අඩෝ මචන් වරෙන් මේ බලපං දැන් කවුද මෙතන ඇත්ත කියන්නේ , බොරු කියන්නේ කියල "
මේකයි සීන් එක , උගේ අර කොට මොඩල් කෙල්ල මගේ අතින් කිව්වේ අපේ එකාට වෙන කෙල්ලෙක් ඉන්නවා ,, ඔන්න ඔහම කතාවක්. මම එක දවසක් ඕක අපේ එකාට කිව්වා. ඔන්න ඕක ඔප්පු කරන්න තමා මිනිහ අපේ ගෙදර ඇවිල්ල හැක් කරේ. 
දැන් බලන යනකොට මෙකි ෆේස් බුකියෙන් කොල්ලෝ එක්ක මහා රෑ චැට් එකේ ඉදල තියෙනවා. තව තව කොමෙන්ට්ස් එහෙමත් දාල. සමහර ඒවා රෑ 1.30 ... ඒවා නිකන් රොමැන්ටික් වගේ මැසේජ් .. ඒ මදිවට මගේ යාළුවගේ වැරදි මේ කවදාවත් දැකල නැති කොල්ලෝ එක්ක පවා කියල. තව මේකිගේ යාලුවොන්ට කියල තියෙන්නේ මගේ යාළුවා මේකිට වැරදි කරනවා කියල. 
 " මෙකි මට පාඩම් කරන්න යනවා කියල ඔන්න ඕව තමා බන් කරන්නේ , උබට පේනවනේ ..? , එකී උබට කියන්නේ බොරු බන්. " 
අම්මටසිරි මේකි මර කෙල්ලෙක් නේ බන්.  මාත් පුදුම විය. ඒ කෙල්ල නිකන් මට පෙන්නුවේ එය පත්තිනි අම්ම වගේ නේ. .
" මචන් උබ ටිකක් පරිස්සමෙන් හිටපන් , එන පොට හොද නැ "
මම එසේ කිවේ ලගදීම මගේ යාලුවට සපත්තු පාරක් වදී යන සැකයෙනි.  ඔහොම ටික දවසක් යනකොට  අර කෙල්ල  මට ආයෙත් මැසේජ් කරලා වැරදි අහන්න ගත්ත 
 " අනේ මේ , ඔයා අරයට බූට් ඒක තියන්න යනවනම් , ඒක කෙලින්ම කියල ඕන දෙයක් කරගන්න. මගෙන් වැරදි අහන්න එපා. " ඔය මැසේජ් ඒක ගැහුවේ මගේ වෙන යාලුවෙක්.  මේකිගේ කපටි කම කොහොමද කියනවනම් මගේ යාලුවට කියල " මම එයාට බැන්නලු. " 
දන්නෝ දනිති..  මගේ යාලුවත් දනිති. මොකද උ හිටියේ මට එහා පැත්තේ නේ.  ඔන්න පේනවනේ කෙල්ලෝ කොල්ලොන්ව කොටවන යන හැටි.  
" මචන් ඕකි උබල ගැන තව තව දේවල් කිව්වා බන්, .. මම ඒවා ඇහුවනම් අද මට මොකෙක්වත් නැ "  .. ඇත්තටම මේ කෙල්ල ට්‍රයි කරේ අපිව කොටවන්නය. එකට හේතු අපි දන්නේ නැ. අපි ඊට වැඩ කපටියෝ නිසා බේරුනා.  අන්තිමේදී සල්ලි ප්‍රශ්න ඇදල  අරන් තමා ඒ කෙල්ල යාලුවට බූට් ඒක තිබ්බේ , උට පිස්සු හැදුනේ නැති ඒක විතරයි. බොක්කෙන්ම කරපු ලව් එකක්ලු නේ. අපේ සෙට් එකෙන් බොක්කෙන් ලව් කරේ උ විතරයි.  
මේ ලගදි  ඒ කෙල්ල ආයෙත් මගේ යාලුවට මැසේජ් කරලා. විභාගේ ෆේල් ලු, තාත්තගේ ජොබ් ඒක නැති වෙලාලු. 
අන්තිමට අනාගතයක් නැති වෙයි කියල ලොකු සීන් දාපු කෙල්ලට මොකද උනේ, ..??
ඒ උනාට මගේ යාළුවා විභාගේ පාස් වෙලා දැන් ජොබ් එකකුත් කරනවා.  සොබහවධර්මය විසින්ම අර කොට මොඩල් කෙල්ලට රිටන් ඒක දුන්න.  

පොලිස් අන්කල් හා අපේ වෙන්ඩ ලෝයර් ( lawyer)


මගේ යාළුවගේ කෙල්ල ඉගෙන ගත්තේ නුවර , වැව රවුමේ තියෙන ප්‍රසිද්ධ බවුද්ධ බාලිකා පාසලක. දන්නෝ දනිති. කෙලින්ම නම කියන්න බැ.  ඔන්න ඉතින් දවසක් මමයි, මගේ යාළුවයි ඉස්කෝලෙට වෙලා ඉන්නවා. ඇඩ්මිෂන් දෙන දවස් නිසා පන්තියේ කවුරුත් නැ.  දෙන්නට දැන් පට්ට බඩගිනි. අතේ සත පහක් නැ. 
" මචන් එස් අද ටවුමේ ඇත්තේ " අපි උගේ කෙල්ලට එස් කියල කියමුකෝ. 
" අඩේ එහෙනං කෝල් එකක් දාල බලපන් "..
ඔන්න ඉතින් අරු කෝල් එකක් එහෙම අරගත්තා. මු බොරු අටෝපයක් දැම්ම , " දවසම කාල නැ සුදු , " ,,,
හි හි .. මොනවා උනත් උගේ කෙල්ල ගොඩක් හොදයි. අපිත් එක්ක ගොඩක් ෆිට්, සමහර පණ්ඩිත කෙල්ලෝ වගේ නෙමේ. ඕනෑම උදවුවක් කරන්න බය වෙන්නේ නැ. මිනිහගේ කෙල්ල ලෝයර් කෙනෙක් වෙන්න සිහින මව මව ඉන්නේ,  ඊට හරි යන කටකුත් තියෙනවා.
" අහ එහෙනම් ඩයලොග් එක ලගට එන්න "
එයාගෙන් අවේ යහපත් ප්‍රතිචාරයක්. 
දැන් හරි, එත් ඔක්කොටම කලින් ඉස්කෝලෙන් පනින්න ඕනනේ. අපි දැන් 13 අවසාන අදියරේ ඉන්න නිසා සික්කට පොඩි සද්දයක් දැම්ම ගමන් යන්න දෙනවා. ඇඩ්මිෂන් අරන් ඉවරයි නේ.
ඊට පස්සේ අපි දෙන්න ගියා. අරුගේ කෙල්ලත් දැන් ඉන්නවා. අපි යුනිෆෝම් එකෙන්. එයා කලඩ් එකෙන් . 
" මොකද කොන්ඩේ කොටටම කපල..?" 
" පාඩම් කරන ඒවා මතක හිටින්න. " මම උත්තර දුන්නෙමි.  එයා අපිව එක්ක ගියේ ලියෝන්ස් එකටය. මිනිස්සු අපි දිහා දැන් දැන් අමුතු විදියට බලයි. 
අපි යුනිෆෝම් , කෙල්ල කලඩ්.  අපිට ඕවයේ ගානක් නැ. එත් මේ ලංකාවේ ඉතින් කෙල්ලෙක් එක්ක කතා කරත් වැරදි නේ. 
හොදට වැළදු අපි , ටිකක් වෙලා එක එකාගේ වග තුග කතා කරේය. 
" මචන් උබ මාත් එක්ක යන්න හිටපන් ,, හරිද "
මාත් ඉතින් හා කිව්වා, ඒ උනාට සෙට් වෙන්න යන්නේ හොද ගොට්ටකට වගේ. කමක් නැ. 
හවස තුනට විතර අපි වැව රවුම පැත්තට ගියා. සිතල සුලන් වැදී වැදී ඉන්නවා. අරුන් දෙන්නට නම් දැන් ලව් , 
මාත් බංකුවක් උඩට වෙලා මනෝ පාරක් දාගෙන හිටිය. 
" ආසිරි පුළුවන් නම් පෙන්නන්න  කන්ද wood  ඉස්කෝලේ.." කන්ද ඉංගිරිස් වලට හරවපුවම ඇත්ත නම කියවන ඔයාලට තේරෙයි. 
"අහ්හ් අර තියෙන්නේ , අර උඩම" මම එස් ට පෙන්නුවෙමි. 
වෙලාව හිමිට හිමිට යයි. මම පැත්තකට ගොස් ඉදගෙන ඉන්නවා.
 අර දෙන්න දැන් දැන් ටිකක් බදාගෙන එහෙම සිත සුළගේ මිහිර විදිනව.  වැව රවුමේ ගස් අතරින් ඉර අවුව වැටෙනකොට මාර ලස්සනක්.
අර දෙන්න ඉන්න විදියට ඒ සීනරි එක තවත් ලස්සනයි. නියම රොමැන්ටික් කපල් එක. 
ඔහොම ඉන්නකොට බුලත් විටක් හප හප , නිකන් සෙරෙප්පු දෙකක් දාගෙන ආවා පොලිස් අන්කල් කෙනෙක්.  උ එක පාරටම ගිහින් , ජරා හිනාවක් දාල, මගේ යාළුවගේ ID එක ඉල්ලුව. මුත් ඉතින් දුන්න. 
හැ යකෝ ඊට පස්සේ පොලිස් අන්කල් අරුව එක්කගෙන  ගියානේ  මීටර් 100 ක් විතර ඉස්සරහට. අර කෙල්ල දැන් බය වෙලා මගෙන් අහනවා, අනේ ඇයි අරයව ගෙනියන්නේ. මම ඒකිට පොඩ්ඩක් ඉන්න කියල අරුගේ පස්සේ දිවුව. අරකි මට යන්න දෙන්නේ නැතුව මගේ අතින් අදිනවා. 
" අනේ ආසිරි මොකද මේ වෙන්නේ ..?"
" පොඩ්ඩක් ඉන්නක්කෝ මම බලල එන්නම්"
"අනේ මාවත් එක්කන් යන්න.."
"නැ නැ ඔයා අවොත් ඔයාටත් කේස් යයි. " 
මම එතනට යනකොට ටිකක් ලොකු පොස්ට් එකක් තියන පොලිස් ලොක්කෙක් අරුගෙන් ප්‍රශ්න අහ අහ බනිනවා. 
" කරන්න දෙයක් නැ , දෙන්නවම එක්කන් ගිහින් ගෙවල් වලට කෝල් දෙනවා, "
හි හි හි .. අර කෙල්ලට මේක ඇහුන ගමන් , "
 ඇයි ඔයාල මෙයාට බනින්නේ ,  මෙයා මොකද්ද කරපු වැරැද්ද ? , 
ඔයාලට අයිතියක් නැනේ මෙහෙම කරන්න, 
මොකද්ද ඔයාලට තියෙන අයිතිය, ?
හරි මෙන්න මගේ අම්මිගේ නම්බර් එක දැන්ම කෝල් කරලා කියන්න, මොකද අපේ ගෙවල් වලින් මේක දන්නවා "
ඔන්න කෙල්ලගේ ප්‍රශ්න ටික.. හි හි 
පොලිස් අන්කල් ල දෙන්නට කට උත්තර නැ , උන්ගේ මුනවල් පු*** උනා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ. 
ඊට පස්සේ අර බුලත් හපයා " දැක්කද බෝයි ෆ්‍රෙන්ඩ් ට බනිනකොට ඉන්න බැ, හිත රිදෙනවා නේ, "
උ ඒක ඇහුවේ ලැජ්ජාව වහගන්නය. 
ඇත්තටම බැලුවොත් අපේ වයසත් අවුලක් නැ. ඒ නිසා උන්ට අපිට මුකුත් කරන්න බැරිය.  එත් කෙල්ලගේ ගෙදරින් මේ ලව් එකක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැත. බැරි වෙලාවත් කෝල් කරානම් ඒ දෙන්නට වැලේ වැල් නැත. 
දැන් පොලිස් අන්කල්ට කරන්න දෙයක් නැත. බොරු බන දේශනාවක් දුන්න.
"මටත් ඉන්නවා ඔයා වගේ දුවක් , ඔයාල ඔහොම කරන ඒක වැරදි, " 
මු කියන්නේ ලව් කරන ඒක වැරදි කියලද කොහෙද.. පිස්සෙක් නේ.  කොහොම හරි විනාඩි 30 ක් විතර බන කියල මගේ යාලුවෝ දෙන්නට යන්න දුන්න. 
මට මේ සීන් එකේදී කේස් එකක් අවේ නැ. 
කොහොම හරි වෙන්න ලෝයර් හින්ද අපි ගොඩ ගියා. 
මේ ලගදි එස් මට කියනවා ,  
 "  අනේ ආසිරි, මම ගැන වැරදියට හිතන්න එපා, එදා මම ඔයාගේ ඇගේ එල්ලුනට. මම බය වෙලා හිටියේ. ඒකයි. " 
හි හි කතා කරපු පලවෙනි නඩුවෙන්ම  දින්නනේ.  අපිත් එන්නම්කෝ මිනියක් එහෙම මරල බේරෙන්න.  හි හි .