කඳුළු

මම වෙනුවෙන් කඳුලක් වැටෙනවා දුටු පළමු අවස්ථාව මතක් වෙනකොට එක්තරා විදියක සතුටක් වගේම දුකක් ද ඇති වේ.  මට දැනුනේ මම කරේ පුංචි විහිළුවක් කියාය.  විහිලුව කොතරම් පොඩි උනත් නෙලුම් මලට එය කොයි  තරම් භයානක දෙයක් වෙන්න අත්ද. හෝ හෝ ගා වැටෙන කඳුළු නවත්තන්නට විදියක් තිබුනෙම නැත.  මගේ මාපට ඇගිල්ලෙන් වැටෙන හැම කඳුළු බින්දුවක්ම පිස දැම්මද , කොයි තරම් හිත සැනසෙන දේවල් කිව්වද වැටෙන  කඳුළු නවත්තන්නට බැරි විය.   එයාට මාව මේ තරම් ම වටිනවද ? :o  , 
" යන්න , එපා එන්න මම ලගට, ඕනේ නෑ "
එහෙම කිව්වද,  නෙලුම් මලම මගේ පපුව ඇතුලේ මුණ තියාගෙන ඉකි ගසා කඳුළු හැලුවේ මම නිසා මය. 
එකතරා විදියකට එය මට සියුම් සතුටක් ගෙන දුන්නේය . මොකද මම කතාවක් අසා ඇත " ඔබේ වරදකට , ඔබ වෙනුවෙන් කෙනෙක් කඳුළු සලයි නම් එම පුද්ගලයා ඔබට අවන්කවම ආදරේ ය. " 
" ඇගේ වරදකට ඇය අඩන්නේ  නම් ඒ ඇයගේ කපටිකමය " .  

                      අවංක ආදරය එකිනෙකාගේ හැසිරීම් වලින්ම සොයාගත හැක. 

ඔබ කොතරම් ගොන් වැඩ කරත් ඔබේ ආදරවන්තිය ඔබ සමගම සිටිනවානම් , 

විශේෂයෙන්ම ඔබේ වැරදි වලදී ඔබේ වැරැද්ද තිබුනත් ඇය එය තමාගේ වැරැද්ද කරගෙන සමාව ඉල්ලයි නම් , 

[බස් එකක හිටගෙන යනවිට ඔබගේ පොත් ටික ඉඳගෙන  සිටින ගෑනු ලමෙකුට  දුන්නා කියා , ඔබගේ අත හුරනවානම් :ඩි   :වී :)))) ]
                               
                        ඇය ඔබව අහිමි කරගැනීමට  කිසිසේත් ම ඉඩ තියන්නේ නැත.  

4 comments:

රතීගේ දිනපොත said...

ඒ කතාව සහතික ඇත්ත. අවංක ආදරය එකිනෙකාගේ හැසිරීම් වලින්ම සොයාගත හැක.
ඔබ කොතරම් ගොන් වැඩ කරත් ඔබේ ආදරවන්තිය ඔබ සමගම සිටිනවානම් ,
විශේෂයෙන්ම ඔබේ වැරදි වලදී ඔබේ වැරැද්ද තිබුනත් ඇය එය තමාගේ වැරැද්ද කරගෙන සමාව ඉල්ලයි නම් ,
ඇය ඔබව අහිමි කරගැනීමට කිසිසේත් ම ඉඩ තියන්නේ නැත.
මං අත්දැකපු දෙයක් මේක...

රූපේ said...

ඒල

රූපේ said...

ඒල

පුංචි කොලූ said...

අපි වෙනුවෙන් තමන්ගෙ ඇස් දෙකෙන් ඇත්තටම එක කඳුළු බිංදුවක් හරි වැටෙන අය මේ ලෝකෙ ඉන්නෙ අතේ ඇඟිලි ගාණටත් ගොඩාක් අඩුවෙන්.. අම්මා,තාත්තා,සහෝදර සහෝදරියෝ.ඒ වගේම තමයි අපේ ජීවිතයේ හවුල්කාරියක් වන බිරිඳ..මේ අයගෙන් එක්කෙනෙක් හරි ජීවිතෙන් ඈත් උනොත් එදාට දුක්වෙනවට වැඩිය හොඳයි ඒ අය අපේ ජීවිතෙන් ඈත් නොවෙන විදිහට වැඩ කරනවානම්....

Post a Comment

සිංහල බ්ලොග් කියවනය