කොට ගවුම

වියත් තුනේ කොට ගවුම ඇද
කොණ්ඩය ස්ටේට් , තැන තැන වර්ණ යොදා 
අත් නැති බ්ලවුසිය ඇදගෙන 
උර හිස වැහෙන තෙක් පච්ච කොටා
හැරී හැරී බලන විට ...
කෙසේද මා ඉගෙන ගන්නේ එක මනසෙන් ...

දැනුනු විට මගේ මනෝ පාර
ලෙක්චර් අයියා කියයි මෙසේ
"මයි ඩියර් ෆ්‍රෙන්ඩ් ,
ෆෝකස්  ඔන් ද ක්ලාස් ,.."

අනිත් උන් ලියයි පස්චාත් 
බාගෙ උඩ දමාගෙන ..

වගුවක් ගසන විට , 
නැත අඩි රූලක් මා අත..
දෙපැත්ත බැලුවෙමි සරණක් පතා..
පිහිටට ආවේ සුදු කොට ගවුමය 
බලෙන්ම මා අත තිබ්බේය අඩි රූලක් ..
පින් දිදී ඇන්දේය වගුව,
 නැත දැන් ඇදීමට 
හැකියාවක් සුදු කොට ගවුමට ..
දෙන්න යන විට නැවත 
එපා කියා , ඔයා ඇදගෙනම දෙන්නකෝ 

තේරුනේ මට එක දෙයක් 
සල්ලිය බාගෙ තිබුනාට 
සෙල්ලක්කාර ලෙස ඇද පැළඳ සිටියාට..
පොෂ් ලුක් එකෙන් සිටියාට 
නැත මහා ලොකු ආඩම්බර කමක් සිත අහලකවත් ...........
මෙවැනි කෙල්ලන් සිටින බව දැන සිටි මුත් 
දැක තිබුනේ නැත මිට පෙර ........

දේශපාලන රගර් පරදා

 අද ලියන්න යන්නේ වෙනස් කතාවක්. අපේ ජනාධිපතිගේ පුතාල ගහපු රගර් මැච් එක සමහරු ඊයේ දකින්න ඇති. පැරදුන දුකට අහිංසක මිනිස්සුන්ට ගේම ඉල්ලන එක නම් පොන්න කම. මොකෝ උන් මහා රාජා ගේ උන් කියල මිනිස්සු දෙකට නැවෙන්න කැමති නැ. විශේෂයෙන් නුවර උන්. මහනුවර  කොල්ලෝ ටික දින්නා. ඒක ලොකු දෙයක්.  මෙහෙම කිවුවට තරහ ගන්න එපා . ජීවිතේට මැච් එකක් දැකල නැති ගම් කබරයෝ මැච් බලන්න බස් වලින් ඇද්දම මේ වගේ දේවල් වෙනවා. උන් හිතන්න ඇති හම්බන්තොට පැත්තේ වගේ උන්ට දෙකට නැමිලා බය වෙලා ඉදි කියල.  උන්ට තේරුම් යන්නත් ඇති උන්ට බය නැති මිනිස්සු වෙන ඕන තරම් ලංකාවේ ඉන්නවා කියල. හරි පිරිමි ටිකක් නම් අහිංසක ගෑනුන්ට  පුටුවලින් දමල ගහයිද ..?? එකට අපි නම් කියන්නේ පොන්න කම කියල.  මොකද ගෑනුන්ට අත උස්සන නාවික හමුදා සිවිල් මැරයෝ ඉන්නවා නේ. උන් නිසා මුළු හමුදාවටම නින්දාවක්.  විනයගරුක හමුදාවන් මුන් වගේ කාලකන්නි නිසා බැනුම් අහන එක ගැන දුකයි.


බාල මහලු කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම සාටක ටීම් ඒක පරදිනවා බලන්න ඇවිල්ල හිටය. මොකද හැමදාම දේශපාලන බලෙන් තරග දිනන එක කාටත් දැන් එපා වෙලා . මම ඇස දෙකෙන් දැක්ක ලොකු පුතා ප්‍රීති ගෝෂා නැගු යට කුණුහරප පුජාවක් තියනවා. එකත් කරේ psd එකේ උන්ව වටකරගෙන . ගහයි කියල බයට.  වලිය පටන් ගන්නත් හේතුව ඕක තමා.
රාජපක්ෂ පුතාලගේ මැරයෝන්ට එරෙහිව නැගී හිටපු මහනුවර ජනතාව ගැන සතුටුයි .. ඒ  වගේම  මහනුවර ක්‍රීඩා සමාජය ලැබූ ජයග්‍රහණය ඇති විශිෂ්ටයි. 
( පොටෝ හා වීඩියෝ පහල ඇත)














දේශපාලන ටීම් එකට එරෙහිව ලැබූ ජයග්‍රහණය ගැන සතුටු වෙන මහනුවර ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් හා ක්‍රීඩා  ලෝලීන්  ප්‍රීති වන අයුරු  ඉහල පොටෝ වලින් ..



වලියේ හයිලයිට්ස් 







සිංහල බ්ලොග් කියවනය