පොලිස් අන්කල් හා අපේ වෙන්ඩ ලෝයර් ( lawyer)


මගේ යාළුවගේ කෙල්ල ඉගෙන ගත්තේ නුවර , වැව රවුමේ තියෙන ප්‍රසිද්ධ බවුද්ධ බාලිකා පාසලක. දන්නෝ දනිති. කෙලින්ම නම කියන්න බැ.  ඔන්න ඉතින් දවසක් මමයි, මගේ යාළුවයි ඉස්කෝලෙට වෙලා ඉන්නවා. ඇඩ්මිෂන් දෙන දවස් නිසා පන්තියේ කවුරුත් නැ.  දෙන්නට දැන් පට්ට බඩගිනි. අතේ සත පහක් නැ. 
" මචන් එස් අද ටවුමේ ඇත්තේ " අපි උගේ කෙල්ලට එස් කියල කියමුකෝ. 
" අඩේ එහෙනං කෝල් එකක් දාල බලපන් "..
ඔන්න ඉතින් අරු කෝල් එකක් එහෙම අරගත්තා. මු බොරු අටෝපයක් දැම්ම , " දවසම කාල නැ සුදු , " ,,,
හි හි .. මොනවා උනත් උගේ කෙල්ල ගොඩක් හොදයි. අපිත් එක්ක ගොඩක් ෆිට්, සමහර පණ්ඩිත කෙල්ලෝ වගේ නෙමේ. ඕනෑම උදවුවක් කරන්න බය වෙන්නේ නැ. මිනිහගේ කෙල්ල ලෝයර් කෙනෙක් වෙන්න සිහින මව මව ඉන්නේ,  ඊට හරි යන කටකුත් තියෙනවා.
" අහ එහෙනම් ඩයලොග් එක ලගට එන්න "
එයාගෙන් අවේ යහපත් ප්‍රතිචාරයක්. 
දැන් හරි, එත් ඔක්කොටම කලින් ඉස්කෝලෙන් පනින්න ඕනනේ. අපි දැන් 13 අවසාන අදියරේ ඉන්න නිසා සික්කට පොඩි සද්දයක් දැම්ම ගමන් යන්න දෙනවා. ඇඩ්මිෂන් අරන් ඉවරයි නේ.
ඊට පස්සේ අපි දෙන්න ගියා. අරුගේ කෙල්ලත් දැන් ඉන්නවා. අපි යුනිෆෝම් එකෙන්. එයා කලඩ් එකෙන් . 
" මොකද කොන්ඩේ කොටටම කපල..?" 
" පාඩම් කරන ඒවා මතක හිටින්න. " මම උත්තර දුන්නෙමි.  එයා අපිව එක්ක ගියේ ලියෝන්ස් එකටය. මිනිස්සු අපි දිහා දැන් දැන් අමුතු විදියට බලයි. 
අපි යුනිෆෝම් , කෙල්ල කලඩ්.  අපිට ඕවයේ ගානක් නැ. එත් මේ ලංකාවේ ඉතින් කෙල්ලෙක් එක්ක කතා කරත් වැරදි නේ. 
හොදට වැළදු අපි , ටිකක් වෙලා එක එකාගේ වග තුග කතා කරේය. 
" මචන් උබ මාත් එක්ක යන්න හිටපන් ,, හරිද "
මාත් ඉතින් හා කිව්වා, ඒ උනාට සෙට් වෙන්න යන්නේ හොද ගොට්ටකට වගේ. කමක් නැ. 
හවස තුනට විතර අපි වැව රවුම පැත්තට ගියා. සිතල සුලන් වැදී වැදී ඉන්නවා. අරුන් දෙන්නට නම් දැන් ලව් , 
මාත් බංකුවක් උඩට වෙලා මනෝ පාරක් දාගෙන හිටිය. 
" ආසිරි පුළුවන් නම් පෙන්නන්න  කන්ද wood  ඉස්කෝලේ.." කන්ද ඉංගිරිස් වලට හරවපුවම ඇත්ත නම කියවන ඔයාලට තේරෙයි. 
"අහ්හ් අර තියෙන්නේ , අර උඩම" මම එස් ට පෙන්නුවෙමි. 
වෙලාව හිමිට හිමිට යයි. මම පැත්තකට ගොස් ඉදගෙන ඉන්නවා.
 අර දෙන්න දැන් දැන් ටිකක් බදාගෙන එහෙම සිත සුළගේ මිහිර විදිනව.  වැව රවුමේ ගස් අතරින් ඉර අවුව වැටෙනකොට මාර ලස්සනක්.
අර දෙන්න ඉන්න විදියට ඒ සීනරි එක තවත් ලස්සනයි. නියම රොමැන්ටික් කපල් එක. 
ඔහොම ඉන්නකොට බුලත් විටක් හප හප , නිකන් සෙරෙප්පු දෙකක් දාගෙන ආවා පොලිස් අන්කල් කෙනෙක්.  උ එක පාරටම ගිහින් , ජරා හිනාවක් දාල, මගේ යාළුවගේ ID එක ඉල්ලුව. මුත් ඉතින් දුන්න. 
හැ යකෝ ඊට පස්සේ පොලිස් අන්කල් අරුව එක්කගෙන  ගියානේ  මීටර් 100 ක් විතර ඉස්සරහට. අර කෙල්ල දැන් බය වෙලා මගෙන් අහනවා, අනේ ඇයි අරයව ගෙනියන්නේ. මම ඒකිට පොඩ්ඩක් ඉන්න කියල අරුගේ පස්සේ දිවුව. අරකි මට යන්න දෙන්නේ නැතුව මගේ අතින් අදිනවා. 
" අනේ ආසිරි මොකද මේ වෙන්නේ ..?"
" පොඩ්ඩක් ඉන්නක්කෝ මම බලල එන්නම්"
"අනේ මාවත් එක්කන් යන්න.."
"නැ නැ ඔයා අවොත් ඔයාටත් කේස් යයි. " 
මම එතනට යනකොට ටිකක් ලොකු පොස්ට් එකක් තියන පොලිස් ලොක්කෙක් අරුගෙන් ප්‍රශ්න අහ අහ බනිනවා. 
" කරන්න දෙයක් නැ , දෙන්නවම එක්කන් ගිහින් ගෙවල් වලට කෝල් දෙනවා, "
හි හි හි .. අර කෙල්ලට මේක ඇහුන ගමන් , "
 ඇයි ඔයාල මෙයාට බනින්නේ ,  මෙයා මොකද්ද කරපු වැරැද්ද ? , 
ඔයාලට අයිතියක් නැනේ මෙහෙම කරන්න, 
මොකද්ද ඔයාලට තියෙන අයිතිය, ?
හරි මෙන්න මගේ අම්මිගේ නම්බර් එක දැන්ම කෝල් කරලා කියන්න, මොකද අපේ ගෙවල් වලින් මේක දන්නවා "
ඔන්න කෙල්ලගේ ප්‍රශ්න ටික.. හි හි 
පොලිස් අන්කල් ල දෙන්නට කට උත්තර නැ , උන්ගේ මුනවල් පු*** උනා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ. 
ඊට පස්සේ අර බුලත් හපයා " දැක්කද බෝයි ෆ්‍රෙන්ඩ් ට බනිනකොට ඉන්න බැ, හිත රිදෙනවා නේ, "
උ ඒක ඇහුවේ ලැජ්ජාව වහගන්නය. 
ඇත්තටම බැලුවොත් අපේ වයසත් අවුලක් නැ. ඒ නිසා උන්ට අපිට මුකුත් කරන්න බැරිය.  එත් කෙල්ලගේ ගෙදරින් මේ ලව් එකක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැත. බැරි වෙලාවත් කෝල් කරානම් ඒ දෙන්නට වැලේ වැල් නැත. 
දැන් පොලිස් අන්කල්ට කරන්න දෙයක් නැත. බොරු බන දේශනාවක් දුන්න.
"මටත් ඉන්නවා ඔයා වගේ දුවක් , ඔයාල ඔහොම කරන ඒක වැරදි, " 
මු කියන්නේ ලව් කරන ඒක වැරදි කියලද කොහෙද.. පිස්සෙක් නේ.  කොහොම හරි විනාඩි 30 ක් විතර බන කියල මගේ යාලුවෝ දෙන්නට යන්න දුන්න. 
මට මේ සීන් එකේදී කේස් එකක් අවේ නැ. 
කොහොම හරි වෙන්න ලෝයර් හින්ද අපි ගොඩ ගියා. 
මේ ලගදි එස් මට කියනවා ,  
 "  අනේ ආසිරි, මම ගැන වැරදියට හිතන්න එපා, එදා මම ඔයාගේ ඇගේ එල්ලුනට. මම බය වෙලා හිටියේ. ඒකයි. " 
හි හි කතා කරපු පලවෙනි නඩුවෙන්ම  දින්නනේ.  අපිත් එන්නම්කෝ මිනියක් එහෙම මරල බේරෙන්න.  හි හි . 

අක්කා කෝස් ....

A / L කරන කාලේ අපි සෙට් එකේ හිටිය කොල්ලෝ පස් දෙනෙක්. හොදම පිස්සෝ ටිකක් තමා හිටියේ. අපට ඉතින් එක එක කාලෙට එක එක ආසාවන් එනවනේ,  ඔහොම ඉන්නකොට වත්තේගම පැත්තේ ඉන්න මගේ යාලුවෙක් අවුරුදු 24 ක අක්කා කෙනෙක් එක්ක යාලු උනා. මුත් ඉස්කෝලේ රගර් ටීම් එකේ ඉන්න එකෙක් නිසා මුගේ ඇග පත එහෙමත් තියෙන නිසා වයස අවුලකුත් නැ වගේ. දැන් ඔය සීන් එක දැනගත්තට පස්සේ අපිටත් ආසාවක් ආව අක්ක කෝස් එකක් කරන්න.  වැඩේ ලේසි නැනේ. අපේ උන්ට තියෙන අමාරුවට අපේ සර් කෙනෙක්ගෙන් අහනවා " සර් අපට වඩ වැඩිමල් ගැණු ළමයි අපිට කැමතිද..??"
ඔහොම ඉන්නකොට මාතර පැත්තේ ඉදන් අපු මගේ යාලුවෙක් , මු විදින්න ඕන හොදම දුක් විදලා අක්ක කෙනෙක් සෙට් කරගෙන. නුවර අපි නම් ඒ කෙල්ලගේ ඉස්කෝලෙට කියන්නේ ආප්ප කඩේ කියල.  කොහොම හරි කමක් නැ උ අක්ක කෙනෙක් එක්ක යාලු වෙන්න හොර ID එකකුත් හැදුව. උ අපට කිව්වේ ඒක සිරා කරන්නේ නැ කියල , ඒ උනාට මු බොක්කෙන්ම කරනවා. 
මම එක උගේ කටින් අල්ලාගත්තේ. 
" මචන් උබේ බඩුව ඉස්කෝලෙදි ආප්ප දානවලු නේ, හි හි හි "
මුගේ මුණ නිකන් රතු වෙලා අඩන්න වගේ දැන්. බොක්කෙන් කරන නිසා මුට අප්සට්. 
" අයියෝ එපා බන් , පව් "
" හා හා පල පල ඩෝ"
ඔන්න ඕකත් කොහොම හරි ලව් එක කරගෙන යනවා. 
ඊට පස්සේ අපේ තවත් එකෙක් , ක්ලාස් එකේ පාට් ටයිම් ජොබ් එකකට ආව අක්ක කෙනෙක්, එකී පේරාදෙණිය කැම්පස් එකේ බඩුවක්, හැබැයි හිතාන ඉන්නේ එහෙම. මට නම් එකී  අල්ලන්නේ නැ. ඒ උනාට අරුට තිබ්බ සික් එකට උ මෙකි එක්ක යාලු වෙලා. අපි සීන් ඒක දැනගත්තේ මු ක්ලාස් එකෙන් වල බැහැල පේරාදෙණිය මල් වත්තට එකිත්  එක්ක ගිහින්. ඒක තමා මාරු සීන් ඒක,
මු දැන් එකිත් එක්ක ඉන්නකොට මු අහල
" මට කිස් එකක් දෙන්නකෝ " ඔය පලවෙනි දවසෙම පේනවනේ අපේ උන්ගේ හැටි 
හි හි අරකි දීල තියෙන්නේ මාරු උත්තරයක් නේ, " හරි හැබැයි මාව කසාද බදින්න ඕනේ ,, හරිද "
අරුගේ දෙලොව රත්වෙලා.,  පස්සේ තමා දන්නේ මෙකි ගොඩක් දුෂ්කර පැත්තක කෙල්ලෙක් ලු. එකයි. 
නුවර පැත්තේ කෙල්ලෙක් එහෙමනම් කිස් එක පටස් ගාල එනවා.  ඔන්න දැන් අපේ උන් තුන්දෙනෙක් අක්ක කෝස් කරනවා. හැබැයි ඒ ඔක්කොම සිරා නෙමේ, උන්  අපට කියන විදියට. 
ඔන්න ඔහොම ඉන්නකොට අපේ හිටිය කොටා කියල පොරක්. මු නිකන් අර පුස් ඉන් බුට් එකේ පුසා වගේ. 
දොඩන්වල හන්දියේ ෆැෂන් බග් එකේ අක්ක කෙනෙක් එක්ක යාලු වෙලා. එකී නම් මුගේ ගෙවල් පැත්තේ. වයස 25 ක් ලු. ටික කාලෙකට කලින් ඒකිව කොල්ලෙක් රවට්ටලා. තේරෙනවනේ . මුත් ඉතින් බොර දියේ මාළු බැව. 
දැන් ඉතුරු මම විතරයි නේ, මට ඔය කාලේ කෙල්ලෙක් නැ. වැඩි ආසාවකුත් තිබ්බේ නැ. ඔහොම ඉන්නකොට අර මල් වත්තේ ගියපු එකා අදුරන අක්ක කෙනෙක් ඉන්නවා. අපේ පන්තියේ මාත් එක්ක එකට ඉන්න එකෙක් එක්ක යාළුවෙලා රජ බුට් එකක් කාල. එකී කියල " අනේ මල්ලි මට නිකන් මැසේජ් කර කර ඉන්න හොද ඔයා වගේ මල්ලියෙක්ගෙ නම්බර් එකක් දෙන්නකෝ කියල. " ඔන්න පේනවනේ කෙල්ලොන්ගේ සික් එක.  එයාගේ ඉස්කෝලේ නුවර තියෙන සුවර්ණ ...ලි  කියන එක. එයාට මධු  මල කියල කියමුකෝ .
මටත් ඉතින් මොකද කියල මම මැසේජ් කර කර හිටිය. ඒ උනාට මෙකි එක්ක යාලු වෙන්න බැ මොකද, මගේ අර යාළුවාත් එක්ක ඉන්න කාලේ කරන්න තියෙන ඔක්කොම කරලා ඉන්නේ. අපි කොල්ලෝ ලග රහස් නැනේ. කෙල්ලෝ එක්ක කරන ඔක්කොම කියනවා. 
" මචන් උබ මේකිට සිරා නම් කරන්න එපා " හි හි රජයේ අවවාදය. 
මාත් ඉතින් දවස් දෙක තුනක් මධු මල  හම්බෙන්න එහෙම ගියා. මහා බොලද එක්කෙනෙක්. රවට්ටලා ඇනල මාරු වෙන්න ගේමක්ම නැ. මොනවා උනත් පව් . ගොඩක් අහිංසක අක්ක කෙනෙක්. 
ඔන්න දැන් දැන් එක එකාට ප්‍රශ්න එනවා.  
අර කැම්පස් එකේ අක්ක ට මගේ යාළුවා බුට් එක තිබ්බ. උ එහෙම කිව්වට අපිට ආරංචි උනේ එකී මුට බුට් එක තිබ්බ කියල. කමක් නැ, ඒකිට අපේ ක්ලාස් එකේ ලොක්ක කෙස් දාල. ඒකලු හේතුව. උට එකේ ගානක් නැ. උට හැමතැන කෙල්ලෝ. 
අර වත්තේගම ඉන්න එක , දවස් හතරක් විතර උගේ කෙල්ල එක්ක රුම් ගානේ ගිහින්.  දැන් මුට එපා වෙලාලු. මු කරේ පොල්ල තිබ්බ එක. මාරු සීන් එක කියන්නේ අර අක්කටත් ඕන වෙලා තියෙන්නේ ඒකම තමා. 
" මචන් ඒකිට ඕන වෙලා තිබ්බේ ආතල් එක විතරයි. " , අනික මගේ යාළුවගේ අම්ම දැනගත්ත නම් උ මෙලවකට මැරිලා. 
අන්තිමට ඉතුරු උනේ  මගේ ආප්ප කඩේ යාළුවා විතරයි. 
අපරාදේ කියන්න බැ " ඒ කෙල්ල මුට බොක්කෙන්ම කරනවා ", අපිට වඩා එකක්ලුනේ වැඩිමල්. ඒ උනාට ඒකිගේ මාර ලොකු සීන් තියෙන්නේ.  මහා පණ්ඩිතයි. ඔහොම ඉන්නකොට මෙකි මට මැසේජ් කර කර කියනවා " එයාට වෙන ගැණු ලමෙක් හිටියද , " මම ගත් කටටම කිව්වා නැ කියල.  දැන් ඔහොම ඔහොම උගේ වැරදි මගෙන්  අහනවා. ඕනෑම බබෙක් ට තේරෙනවා නේ ඕවා අහන්නේ ඇයි කියල. 
ඔන්න ඉතින් හා හා පුරා කියල එකී මුට වෙසක් දවසෙම බුට් එක තිබ්බ.  
අහ අර ෆැෂන් බග් එක. එකී තාම ඉන්නවලු. ඒ උනාට මගේ ෆ්‍රෙඩ වෙන්ඩ ලෝයර් කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නේ. 
අන්තිමට අපේ උන්ට අක්කලත් එපා උනා ....... 

සිංහල බ්ලොග් කියවනය