මැඩම් එයාට කෙල්ලෙක් ඉන්නවා .....

ටික දවසකින් අලුත් එකක් දාන්නත් බැරි උනා. අද ලියන්න යන්නේ නම් මම පොඩි කාලේ වෙච්ච සිද්දියක් ගැන. 8 වසරේ දී විතර.

අපේ ඉස්කෝලේ පිරිමි පාසලක් . කොල්ලෝ උනත් ඉන්නවනේ කේලම් කියන සමහර චීත්ත වගේ පොරවල්. ඔන්න ඔහොම එකෙක් හිටිය අපේ පන්තියේ, අවාසනාවකට උ මගේ යාලුවෙක්. යන්නෙත් මම යන බස් වලම තමා. මැඩම් ට ටිකක් ගොට්ට එහෙම අල්ලන්නෙත් උ තමා. පන්තියේ නායකයා.
එක දවසක් ඉස්කෝලේ ඇරිලා එහෙම අපි ඉතින් බස් එකක් එනකන් හිටිය. මොනවා උනත් උ ටිකක් හොද පොරක්. හැබැයි මිනිහ නැති දේ ඇති කරලා බොරු කියනවා. මිනිහ එක්ක ගහගන්නත් බැ.
ඔන්න ඉතින් බස් එකක් ආව. අපි පොරකාගෙන නගින නිසාද කොහෙද බස් එක නවත්තන්නේ ඇතට ගිහින්. නගින එකා නගිනවා, නැති එකා ආයේ හෝල්ට් එකට එනවා. කොහොම හරි අපි දෙන්න ෆුට් බෝඩ් එකේ එල්ලුන, පොඩි උනාට වැඩකාරයෝ වගේ, කොන්දා පිටිපස්සේ ඉදන් බනිනවා. .....

බස් එක විදුලි වේගෙන් කටුගස්තොට ට ලංවෙනවා. ඔතන තියෙනවා බාලිකා පාසලක්. එකේ ඉන්න කෙල්ලෝ 20 ක් විතර බස් එකට නැග්ග  . දැන් අපිට හුස්ම ගන්නවත් ඉඩ නැ. අපි පොඩි කොල්ලොනේ, දැන් මුළු බස් එකම ලෝඩ් , අපි ඉතින් ඇඹරි ඇඹරි කොහොම හරි ඉඩ හදාගෙන ඉන්නවා. අර බස් එකට නගපු අක්කල , ඒ කාලේ අක්කල . දැන් නම් අම්මල වෙන්න ඇති. ඒ ගොල්ලොන්ටත් ඉඩ නැති නිසා අපේ ඇගේ. බ්ලොක් එකේ බස් එක දැන් හිමින් හිමින් යයි. ඔහොම ඉන්නකොට එක අක්ක කෙනෙක් එයාගේ අත් දෙක මගේ කර උඩ තියාගෙන බොහොම අමාරුවෙන් වාරු අරගෙන ඉන්නවා. මම බැලුව කවුද යකෝ අත තියාගෙන ඉන්නේ කියල, මම එක පාර හැරුනෙත් නැ. හොරෙන් බැලුව. අම්මටසිරි වේවා කිවුවලු. සුදුම සුදු අත් දෙකක් මගේ කර අල්ලාගෙන ඉන්නවා. බස් එක වන්ගුවලින් යනකොට තව තද වෙනවා. හරියට නිකන් මසාජ් එකක් දානවා වගේ.

ටිකක් යනකොට මල්ලි ඔයාට අමාරුයිද ..?
අනේ මට නිකන් මර ලැජ්ජයි, මම ඔලුව වනල කිවුව නැ කියල.
ඕක දැක්ක අර මගේ යාළුවා ,. අෆෝ ඉවරයි, ඒකා කියනවා ,අහ අහ් උබට කෙල්ලෙක් ඉන්නවා නේ..? ,
ඔය පොඩි කාලේ ඔහොම එකක් කියනවටවත් අපි බයයි නේ.
" පිස්සුද බන් උඹට..?? "
නැ නැ හිටපන්කෝ හරි හරි ....
ඔන්න කොහොම හරි මම පහුවදා ඉස්කෝලේ ගියා. පන්ති බාර මැඩම් නම් ලකුණු කරනකොට , මගේ නම කිවුව.
මගේ නම ඇහුන ගමන් අරු " මැඩම් එයාට කෙල්ලෙක් ඉන්නවා, එයේ බස් එකේ කරට අත දාගෙන ගියේ. "
ඔය කාලේ දන්නෙත් කුණුහරප එකක් දෙකක් විතර , මම හිතෙන් උට බැන බැන හිටිය.,
පන්තියේ උන්  දැන් " අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ,,, "
මුළු පන්තියම එක හඩින් සද්දේ දමයි   . මොකද ඔය කාලේ ලව් කේස් කියන්නේ ගුටි කන සීන්.
පන්ති බාර මැඩම් " කියනවා කියනවා මොකද්ද මේ..?? "
"නැ නැ මැඩම්, අක්ක කෙනෙක් වැටෙන්න ගිහින් මව අල්ලගත්ත මු මේ ඒකට කියන්නේ "
නැ නැ මැඩම් ඔය බොරු " අරු මැදින් පැන තව තව ගින්දර දායි.
මැඩම් ගේ දේශනාව පටන් ගත්තාය. " උඹ ඉස්කෝලේ ඇවිල්ල මගේ පන්තියේ ඉන්නවනම් ඒ විදියට ඉදපන්, දැන්ම පිස්සු නටන්න ලෑස්ති වෙන්න එපා. උබ ලොකු අයිය කියලද හිතන් ඉන්නේ , "
අරුගේ අමු බොරුව නිසා මට බැනුම් කෝටියයි. මොනවා කරන්නද ...?
හි හි නියම වැඩේ කියන්නේ ඊට පස්සේ දවසකුත් අර අක්ක අර විදියටම මගේ කර අල්ලගත්ත. අරු ඒක දැක්කද දන්නේ නැ, එත් ඊට පස්සේ මුකුත් කිවුවේ නැ. ඒ උනාට දෙමාපිය හමුවේදී මම වැඩ කරන්නේ නැ කියල පන්තිබාර එක්කෙනා ගොසිප් එකක් අම්මට දීල තිබුන .

ක්‍රිකට් මැච් එකක් ගැසුවෙමු :ඩි

ඔන්න ඉතින් දවසක් කොම්පියුටර් ක්ලාස් ඉවර වෙලා එහෙම , දොඩන්වල හන්දියට වෙලා ඉන්නවා. පට්ට කම්මැලි. දැම්ම යාලුවෙක්ට කෝල් එකක්.
" අහ්හ් මචන් උබ ගැටබෙ ග්‍රවුන්ඩ් එකට වරෙන් "
අම්මෝ කාලෙකින් ඒ පැත්තට ගියෙත් නැ. හා හා පුර කියල ඉතින් මාත් ගියා. අම්මටසිරි සෙට් එක මැච් එකක් ගහනවා.  මටත් ඉතින් මැච් එකක් කිව්වුම  වෙන මුකුත් ඕන නැ. මාත් බැස්ස සෙල්ලමට.  මැච් දෙකක් විතර ගැහුවා. ඔහොම ඉන්නකොට අම්මටසිරි පට්ටම පට්ට  පට්ටම කෙල්ලෝ හතර දෙනෙක්. මගේ යාළුවගේ ක්ලාස් එකට එන සෙට් එකක් ලු, ආවනේ ග්‍රවුන්ඩ් එකට.
හි හි කොල්ලෝ ටිකට  පන ගහල සෙල්ලම් කරනවා.
 අපේ උන්ටත්  මොකද, අහ්හ් " අමාලි " අපි එයට අමාලි කියල කියමු. ගහමු මැච් එකක්.
"අනේ පිස්සුද හලෝ, "
" අප්පෝ ඔහොම නම් බෑ, එන්න එන්න ගහමු "
ඔන්න ඉතින් කොහොම හරි පෙරැත්ත කරලා කරලා මේකිව ෆීල්ඩ් එකට ගත්ත.  කියල වැඩක් නැ, ඒකිගේ පස්ස එහම සුපිරි. අම්මෝ ක්‍රිකට් අමතක වෙනවා දැක්කම. ඇඩෙනවා තනි ඇසට. එහම පස්සක් දැකලම නැ අෆ්ෆා.
ඔන්න ඉතින් එයාව දැම්මේ third man කලාපෙට ,  මම ඉන්නේ point කලාපේ. මගේ ඇහැ තියෙන්නේ දැන් third man වල.
අපේ කැප්ටන්
" අයියෝ මචන් බලාගෙන ඉදපන්කෝ ,"
උට මල පැනල.  මම විතරක් නෙමේ හැම එකම දැන් ඉන්නේ අරහේ.  එක පාරටම බැට ගැහුවා ලේට් කට් පහරක්. බොලේ ගියේ third man වලට.
අම්මේ සිස් කියල වැඩක් නැ , අරය පස්ස උඩ දදා දුවනවා, පැයට කිලෝමීටර් 5 ක විතර වේගෙන් , වැනෙනවා , අපේ කීපර් මීක් නැ. බෝලේ ගැන උනන්දුවක් නැ.  ඔන්න අමාලි දුවගෙන දුවගෙන ගිහින් නැමිලා එහම බෝලේ ගත්ත , අපේ උන්ගේ කටවල් දැන් ඇරිලා. ඔය ටික ඔහොම වෙද්දී අරු හතරක් ම දුවල. බැට් කරන ටීම් එකේ උන් අපට කෑගහනවා , " අඩෝ උබල බෝලේ දිහා බලපන් , වෙන ඒවා බලන්නේ නැතුව. "
" අනේ පල පල ඩෝ, "
ඇත්ත කතාව නම් , අරය දුවනකොට ඔක්කොම බෝල ගාන 5 කි.  තේරෙනවා නේ, ටෙනිස් බෝලේ එක්කම.  බෝල හතරක්  උඩට යටට පැද්දෙනවා.
දැන් ඔහොම ඔහොම බැට් කරන උන් ඒ පැත්තටම  ගහ ගහ ලකුණු ගන්නවා. අපේ උන්ට මැච් එකට වඩා වැදගත් වෙන දෙයක් නේ.
ඔන්න ඔහොම මාස ගානකින් ගහපු ටුනමන්ට් එක ඉතින් අපි පැරදුනා. මොනවා උනත් මාර ෆන් එක. කියල වැඩක් නැ. 
ආයේ නම් කෙල්ලෙක්ව ටීම් එකට ගන්න හොද නැ..  පිස්සු එකයි නේ, කැප්ටන් අපට හින්ට් ගහයි. 
සිංහල බ්ලොග් කියවනය