ටියුෂන් ....

උසස් පෙළ ටියුෂන් කියන්නේ පට්ට ආතල් කාලයක් නේ , ඉස්කෝලේ යනවට වඩා ආසාවෙන් ඉන්නේ එකට යන්නනේ. ඉස්කෝලේ යනවාටත් වඩා උනන්න්දුවක් තියෙන්නේ ක්ලාස් යන්න. ඒ කාලේ කරපු වඩා මතක් වෙනකොට කොහොම විභාගේ පාස් උනාද කියල හිතාගන්න බෑ. 
ක්ලාස් යන කාලේ අපිට එක එක පිස්සුවල් තියෙනවා, 
01. කෙල්ලෝ පිස්සුව 
02. වලි පිස්සුව 
03. ගේම් පිස්සුව 
04, ෆෝන් පිස්සුව 
05. සින්දු පිස්සුව 
                                                ඔය වගේ එක එක පිස්සු තියෙනවා.  හැමෝම හැමදේටම දක්ෂ නැ. එක එකා දක්ස එක එක අංශ වලින් . 
ක්ලාස් දවසට උදේ පාන්දරම යන්න ලැස්ති වෙයි. නුවරට යන්න යන්නේ විනාඩි 20 ක් උනාද ක්ලාස් පටන් ගන්න පැය තුනකට විතර කලින්  ගෙදරින් පනී.  ඔය සීන් එක හොදටම උනේ රිවිෂන් යන කාලේදී .  උදේ 6 බස් එකේ නගින්නම ඕනේ. මොකද ඒ බස් එකේ වැඩියෙන්ම ඉන්නේ අපේ සහෝදර බාලිකා පාසලේ නංගි ලාය. ඔක්කොම නංගි ලාද දන්නේ නැ , ඒ උනාට අක්ක කෙනෙක් ට උනත් කියන්නේ නංගි කියලය.  නැත්තන් තත්වෙට හොද නෑය.  නුවරට යනකන් ඉතින් එහෙ මෙහෙ බල බල යනවා. මගෙත් එක්ක ක්ලාස් ගිය තව පොරක් ඉන්නවා, ඌ මාතර ඉදන් ආපු පොරක්. මිනිහත් උදේ පාන්දරම එනවා මාලිගාව ලග හෝල්ට් එකට.  හිකිස් ... වැව රවුම පැත්තේ තියෙන බාලිකා පාසලක එක්කෙනෙක්ට මූ සීන් ලු.  ඇත්තටම  එකක් කියල නෑ. උදේ පාන්දර දෙනෝ දාහක් කෙල්ලෝ යයි. අපි ඉතින් හිතෙන වර්ණනා දීගෙන යයි, සමහර වෙලාවට පට්ටම කෑල්ලක් දැක්කම ඇහෙන්නම කියයි " නංගි ඔයා නම් මාර ලස්සනයි " .. සමහර කෙල්ලෝ එහෙම කියනවට මාර කැමතිය. ඒ අය නිහතමානිව හිනා වී යයි,  සමහර අය ගමකට ගහන්න වගේ රවාගෙන යයි, අපිට ඔයා දෙකෙන් මොක උනත් කමක් නැත. තව විනාඩි පහකින් කලින් දැක්ක කෙල්ලව අමතක වෙලාම යයි. 
සමහර පොඩි කෙල්ලෝ ඉන්නවා ලගදි ෆෝම් වෙච්ච අය , තේරෙනවා ඇති නේ .. එහෙම අය  නම් ඕනෑවටත් වඩා රැගිල්ල දායි, අපිව ෆෝම් කරන්න. උන්ට ලව් කරන්න ගිහින් බාල අපරාද අංශයේ නතර වෙන්න බැනේ. හික්ස්ස්ස්... 
ඒ දවස් වල අතේ වැඩිය සල්ලිත් නෑ , කොහොම හරි සන්ටිමක් එහෙම දාල තම උදේට කන්නේ , එකත් මහා ලොකු දේවල් නෙමේ,  ඩෙවොන් , KFC, Pizza Hut , ඕව පැත්ත වත් බලන්නේ නැ, හේ හේ රුපියල් 20 ක් දීල දහයේ රොටි දෙකක් කාල ශේප් වෙනවා. 
ඊට පස්සේ ගාටන්නේ ක්ලාස් එකටය. කලින් ගිහින් ක්ලාස් එක ඉස්සරහට වී වල් පල් දොඩ දොඩ ඉන්නවා. පට්ට කෙල්ලෙක් එහෙම ආවොත් සැළලිහිණියේ කවි වලින් ම වර්ණනා දෙයි.  ඒ උනාට විභාගේ ට ගියාම මුකුත් මතක නැති උනා. 
පන්තිය පටන් ගෙන ටික වෙලාවක් යනකොට නිදි මත එයි, උගන්නන සර් ටද ගානක් නැත , ඔක්කොටම වඩා පෙන්නේ නැතුව ඇති, හෝල් ක්ලාස් නේ, ටික වෙලාවක් යනකොට එකෙක් අයි පෝඩ් එකක් ගෙනත් ය. එකේ වැල අම්බානෙක පුරවාලය, දැන් නම් නිදි මත කොහේ ගියද දන්නේ නැ, ඉන්ටවල් දෙනකන් ම වැල බලයි,  ඒ අතර තුරේදී ටියුට් එක ලියන්නත් අමතක කරන්නේ නැ , හොදම සීන් එක කියන්නේ එක පාරක් අර මම කිව්ව යාළුවා ඕවා බල බල ඉද්දි සර් ට මට්ටු උනා , ආතල් සීන් එක කියන්නේ සර් කාරයත් ඇවිල්ල ඇහුවේ "මොකද්ද ආප්පයක් ද " කියල , හිකිස්ස්ස්ස්...  
සමහර දවස් වල වල නැති දවසුත් තියෙනවා , එදාට ඉතින් එහා පැත්තේ ඉන්න කෙල්ලෙක්ව බයිට් කරන එක තමා ගොඩක් වෙලාවට වෙන්නේ , එහෙමත් නැත්තන් කරපු කුපාඩි වැඩක් ගැන කියා කියා ඉදි. 
ගොඩක් වෙලාවට දවසම තියෙන ක්ලාස් එකේ අපි ඉන්නේ දෙක වෙනකන් විතරය.  ඉන්ටවල් දුන්නම ශේප් එකේ මාරු වෙනවා, 
ඔහොම කාලය යද්දී දැන් විභාගෙට මාසයක් වගේය. මම නම් කොහොම හරි විෂයන් දෙකක් කවර් කරලා තිබ්බ, දැන් දැන් හැම එකම රත් වෙලා , මහා රෑ වෙනකන් පාඩම් කරයි,  ඔහොම ඉන්න කොට එකෙක්ට විභාගෙට සතියක් තියල බූට් එකක් වැදුන, අපි හිතුවේ මිනිහ ඉවරයි කියල , විභාගෙට තිබ්බ බය නිසා මිනිහට ඒ ගැන වගක් වත් නැ , 
අන්තිමේදී විභාගෙත් පටන් ගත්ත , අගෝස්තු 18 අපිට එක විෂයක් තිබ්බ ,  එදා උදේම ගිය  ක්ලාස් එකට සර් හම්බෙන්න , ඔහොම ඉන්නකොට කෙල්ලෙක් ඇතුලේ ඉන්නවා , එයත් සර් හම්බෙන්න ඇවිල්ලද කොහෙද , .?? අපිට දැන් මාර ප්‍රශ්නයක් ය..?? " අඩෝ කවුද බඩුවක් ඇතුලේ බන් ? " 
මම ගත් කටටම ඇහුවේ අපේ වයසද දන්නේ නැනේ ..? 
අපි තවත් හොදට බලන්න ක්ලාස් එක ඇතුලටම පැන්නෙමු,  අෆොයි එයට අමාරුවක් ද කොහෙද .?? ඔලුවේ ඇත තියාන හෙන අමාරුවෙන් ඉන්නේ , අපිට හිතුනේ එහෙම , ඇහේ කදුලුත් පිරිලා වගේ,  පස්සේ තමා ආරංචි උනේ ඒ වෙන එකකට නෙමේ විභාගෙට තියෙන බයට ලු, ........ එක කිව්වේ ඒ කෙල්ලම තමා. 
මොකද එයා  දැනටත් මගේ හොදම හොදම යාලුවෙක් , අඩුම ගානේ මම වත් හිතුවේ නැ අදුර ගන්නවත් හම්බෙයි කියල. හික්ස්ස් ... 
සැප්තැම්බර් 4 වෙනිදයෙන් පස්සේ ඔයා ඔක්කොම දේවල් ඉවර උනා , මොකද විභාගේ ඉවර උනාට පස්සේ කස්ටිය සි සි කඩ විසි උනා ...  අන්තිමට රිසල්ට් වලින් අපේ සෙට් එකේ ඔක්කොම මාරුවට පාස් උනා, කොටින්ම කියනවනම් අපේ ගෙදරින් හිතුවේ මම බොරු කියනවා පාස් කියල.  දැන් සමහරු රස්සාවලුත් කරනවා , ........

1 comments:

iggylascala said...

Hard Rock Hotel and Casino Las Vegas - Mapyro
Hard Rock Hotel and Casino 안동 출장샵 Las Vegas 포천 출장마사지 is the flagship property for the 포항 출장샵 Las 고양 출장마사지 Vegas Strip. It also boasts 삼척 출장마사지 2,149 spacious rooms with an extensive casino,

Post a Comment

සිංහල බ්ලොග් කියවනය