තේරෙන්නේ නැ ..

එක වෙලාවකට පොඩි එකෙක් වගේ, 
එක වෙලාවකට යක්ෂණියක් වගේ .....
තවත් වෙලාවකට අතුරුදහන් වෙලා වගේ හොයාගන්නත් නැ. කොහොම තේරුම් ගන්නද ..?
මට විතරක් කරන මවා පෑමක් ද ..? මොලේ කියනවා එපා කියල , හදවත කියනවා ඕන දෙයක් කරපු දෙන් මට වැඩක් නැනේ කියල. 
තව ටිකකින් කියනවා එපා .... මොනවා උනත් පවු නේ. 
තේරුම් ගන්න උත්සහ කරා, හොදටම තේරුම් ගත්තා......... ඒ අවුරුදු දෙකකට විතර කලින් , එත් දැන් ඉන්නේ ඒ හිටිය පුද්ගලයමද ..??
මට හිතෙන්නේ මොලේ හේදිලා හරි මොලේ හෝදලා හරි, 
පොතක තිබුන කවදාවත් ගැහැනියක් තේරුම් ගන්න බැ කියල.  සිරා කතාව.  හොදම වැඩේ ගණන් නොගෙන පැත්තකට කරන එකලු. 
දෙය්යෝ සාක්ෂි......  :පි 

මැඩම් එයාට කෙල්ලෙක් ඉන්නවා .....

ටික දවසකින් අලුත් එකක් දාන්නත් බැරි උනා. අද ලියන්න යන්නේ නම් මම පොඩි කාලේ වෙච්ච සිද්දියක් ගැන. 8 වසරේ දී විතර.

අපේ ඉස්කෝලේ පිරිමි පාසලක් . කොල්ලෝ උනත් ඉන්නවනේ කේලම් කියන සමහර චීත්ත වගේ පොරවල්. ඔන්න ඔහොම එකෙක් හිටිය අපේ පන්තියේ, අවාසනාවකට උ මගේ යාලුවෙක්. යන්නෙත් මම යන බස් වලම තමා. මැඩම් ට ටිකක් ගොට්ට එහෙම අල්ලන්නෙත් උ තමා. පන්තියේ නායකයා.
එක දවසක් ඉස්කෝලේ ඇරිලා එහෙම අපි ඉතින් බස් එකක් එනකන් හිටිය. මොනවා උනත් උ ටිකක් හොද පොරක්. හැබැයි මිනිහ නැති දේ ඇති කරලා බොරු කියනවා. මිනිහ එක්ක ගහගන්නත් බැ.
ඔන්න ඉතින් බස් එකක් ආව. අපි පොරකාගෙන නගින නිසාද කොහෙද බස් එක නවත්තන්නේ ඇතට ගිහින්. නගින එකා නගිනවා, නැති එකා ආයේ හෝල්ට් එකට එනවා. කොහොම හරි අපි දෙන්න ෆුට් බෝඩ් එකේ එල්ලුන, පොඩි උනාට වැඩකාරයෝ වගේ, කොන්දා පිටිපස්සේ ඉදන් බනිනවා. .....

බස් එක විදුලි වේගෙන් කටුගස්තොට ට ලංවෙනවා. ඔතන තියෙනවා බාලිකා පාසලක්. එකේ ඉන්න කෙල්ලෝ 20 ක් විතර බස් එකට නැග්ග  . දැන් අපිට හුස්ම ගන්නවත් ඉඩ නැ. අපි පොඩි කොල්ලොනේ, දැන් මුළු බස් එකම ලෝඩ් , අපි ඉතින් ඇඹරි ඇඹරි කොහොම හරි ඉඩ හදාගෙන ඉන්නවා. අර බස් එකට නගපු අක්කල , ඒ කාලේ අක්කල . දැන් නම් අම්මල වෙන්න ඇති. ඒ ගොල්ලොන්ටත් ඉඩ නැති නිසා අපේ ඇගේ. බ්ලොක් එකේ බස් එක දැන් හිමින් හිමින් යයි. ඔහොම ඉන්නකොට එක අක්ක කෙනෙක් එයාගේ අත් දෙක මගේ කර උඩ තියාගෙන බොහොම අමාරුවෙන් වාරු අරගෙන ඉන්නවා. මම බැලුව කවුද යකෝ අත තියාගෙන ඉන්නේ කියල, මම එක පාර හැරුනෙත් නැ. හොරෙන් බැලුව. අම්මටසිරි වේවා කිවුවලු. සුදුම සුදු අත් දෙකක් මගේ කර අල්ලාගෙන ඉන්නවා. බස් එක වන්ගුවලින් යනකොට තව තද වෙනවා. හරියට නිකන් මසාජ් එකක් දානවා වගේ.

ටිකක් යනකොට මල්ලි ඔයාට අමාරුයිද ..?
අනේ මට නිකන් මර ලැජ්ජයි, මම ඔලුව වනල කිවුව නැ කියල.
ඕක දැක්ක අර මගේ යාළුවා ,. අෆෝ ඉවරයි, ඒකා කියනවා ,අහ අහ් උබට කෙල්ලෙක් ඉන්නවා නේ..? ,
ඔය පොඩි කාලේ ඔහොම එකක් කියනවටවත් අපි බයයි නේ.
" පිස්සුද බන් උඹට..?? "
නැ නැ හිටපන්කෝ හරි හරි ....
ඔන්න කොහොම හරි මම පහුවදා ඉස්කෝලේ ගියා. පන්ති බාර මැඩම් නම් ලකුණු කරනකොට , මගේ නම කිවුව.
මගේ නම ඇහුන ගමන් අරු " මැඩම් එයාට කෙල්ලෙක් ඉන්නවා, එයේ බස් එකේ කරට අත දාගෙන ගියේ. "
ඔය කාලේ දන්නෙත් කුණුහරප එකක් දෙකක් විතර , මම හිතෙන් උට බැන බැන හිටිය.,
පන්තියේ උන්  දැන් " අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ,,, "
මුළු පන්තියම එක හඩින් සද්දේ දමයි   . මොකද ඔය කාලේ ලව් කේස් කියන්නේ ගුටි කන සීන්.
පන්ති බාර මැඩම් " කියනවා කියනවා මොකද්ද මේ..?? "
"නැ නැ මැඩම්, අක්ක කෙනෙක් වැටෙන්න ගිහින් මව අල්ලගත්ත මු මේ ඒකට කියන්නේ "
නැ නැ මැඩම් ඔය බොරු " අරු මැදින් පැන තව තව ගින්දර දායි.
මැඩම් ගේ දේශනාව පටන් ගත්තාය. " උඹ ඉස්කෝලේ ඇවිල්ල මගේ පන්තියේ ඉන්නවනම් ඒ විදියට ඉදපන්, දැන්ම පිස්සු නටන්න ලෑස්ති වෙන්න එපා. උබ ලොකු අයිය කියලද හිතන් ඉන්නේ , "
අරුගේ අමු බොරුව නිසා මට බැනුම් කෝටියයි. මොනවා කරන්නද ...?
හි හි නියම වැඩේ කියන්නේ ඊට පස්සේ දවසකුත් අර අක්ක අර විදියටම මගේ කර අල්ලගත්ත. අරු ඒක දැක්කද දන්නේ නැ, එත් ඊට පස්සේ මුකුත් කිවුවේ නැ. ඒ උනාට දෙමාපිය හමුවේදී මම වැඩ කරන්නේ නැ කියල පන්තිබාර එක්කෙනා ගොසිප් එකක් අම්මට දීල තිබුන .
සිංහල බ්ලොග් කියවනය