තෑග්ගක් ගන්න ගියෙමි

 ජුලි මාසෙත් අවා. එක්කෙනෙක්ගේ උපන් දිනෙත් මේ මාසෙම තියෙනවා.  මොනවා දෙන්නද කිය කිය සෑහෙන්න කල්පනා කරා. හැමදාම දෙන සුකුරුත්තන් දීලත් වැඩක් නෑ. මේ පාර අමතක නොවෙන්නම එකක් දෙන්න ඕන කියල හිත හිත සති දෙකක් විතර කල්පනා කරා.  එයාගෙනුත් ඇහුව මොනවද ඕනේ කියල. වැඩක් නා. මේකී ගත් කටටම කියනවා මුකුත් එපා කියල.  ඔහොම කල්පනා කරා කරා ඉන්නකොට  යාන්තමට වගේ අදහසක් ආවා. අමතක නොවෙන්නෙම හිතුව බ්‍රා එකක් අරන් දෙන්න.  ඒ කියන්නේ බ්රෙසියර් එකක්.   කොහොමත් මගේ කාර්ඩ් එක තක්කඩියා නේ. තක්කඩි වැඩක්ම කරන්න හිතුන.  බ්‍රා එකක් දෙන්න හිතුවට ඕක දීල අවුලක් වෙයිද කියලත් පොඩි කියුරියස් එකක් අවා. ඒ උනාට මෙච්චර කාලෙකට කරලා තියෙන තක්කඩි වැඩ වලට එයා හිතේ කහටක් ඇති කරගෙන තිබුනේ නෑ.  වෙන එකියක් නම් හොයාගන්නත් නැති වෙයි.  ලොල් . 


බ්‍රා එකක් දෙන්න හිතුවට මොකද ඕකක් ගන්න එක නේ තියෙන ලොකුම අවුල.  වෙන අදුරන කෙල්ලෙක්ට කියල ගන්නත් බැ. ඊට පස්සේ උන් ඔවා හැමතැනම පතුරනවා. ඔක්කොටම කලින් හරි සයිස්  එක දැනගන්න ඕනනේ. එයටම මැසේජ් එකක් දාල ඇහුව 
" ඔයාගේ බ්‍රා සයිස් එක කියද..? "
" ඊයා මෝඩය "
" අහ්හ් ඊයා නම් අදින්නේ මොකටද..? "
වැඩක් වෙන්නේ නෑ . එයා කියන්නේ ම නෑ සයිස් එක. ඒ වෙනුවට මගෙන් අහනවා මොකටද අහන්නේ කියල..? . ඒක එයාගේ හැටියක්. මොකක් හරි දෙයක් අහපුවම අහන එකාගෙන් එයා වෙන වෙන දේවල් අහනවා.   ෆුල් ට්‍රයි එකක් දාල ඇහුවත් කියන්නෙම නෑ. අඩුම ගානේ ආසම පාට මොකද්ද කියල ඇහුව . අහ්හ් එකටනම් මරු උත්තරයක් දුන්න " රතු " ලු. 
හරි. දැන් තියෙන්නේ අමාරුම හරිය. පපුව නිකන් හොදටම ගැහෙනවා, අයි අෆ්ෆා කොහොමද ගිහින් ඉල්ලන්නේ බ්‍රා එකක් දෙන්න කියල.  ගියා හොද පොෂ් ඇදුම් කඩේකට.  කොළඹ නුවර පැත්තේ නම් ඒක ගොඩක් ප්‍රසිද්දයි. ෂොප් එකට ඇතුල් වුන ගමන්ම හොදට වට පිටාව බලල , වැඩේට ගැලපෙන සේල්ස් අක්කා කෙනෙක් ව ඒම් කරා ගත්ත. ලෙවල් එකක් නැතුවම ගිහින් 
"එක්ස්කියුස් මී , මට පොඩි හෙල්ප් එකක් ඕනේ..??"
"ඔව් සර් කියන්න.. "
" මේ මේ මේකයි මගේ යාලුවෙක් ගේ හැපී බර්ත් ඩේ එකක් තියෙනවා , එයාට ප්‍රසන්ට් එකක් දෙන්න හිතාන ඉන්නේ බ්‍රා එකක්. මට ගිහින් ගන්න බෑනේ , අක්කි ගිහින් එකක් අරන් ඇවිල්ල කවුන්ටර් එකට දෙනවද....???? " 
කොහොම හරි වචන සෙට් ඒක ගලපලා අත ඇරියා . සේල්ස් අක්කි අම්බානෙක බයවෙලා මගේ මුණ දිහා බලාන ඉන්නවා.  මට පෙන්නේ බයකට වගේ තියෙන්නේ කන්ෆියුස් ගතියක්.  ලොලේ ලොල් වැවේ පොල්. 
ටික වෙලාවක් මගේ දිහා බලාන ඉදල..
" නෝමල් එකක්ද.. නැත්තන් හොද එකක් ද කියල "
" හොද එකක් ගෙන්න "
"සයිස් එක..??"
"අනේ අක්කි ඔන්න ඔහේ තියෙන එකක් ගෙන්න මම ඒවා දන්නේ නැනේ "
ඊට පස්සේ ඒකී ගියා මම බලාන හිටිය, පළවෙනියට අරන් ආපු එක හරි යන්නේ නෑ. 
"අක්කි ඕක හරි යන්නේ නෑ , රතු පාට එකක් ගෙන්න "
"අයියෝ බොක්ස් එකකත් දාල ඕනෙද ..?
"අහ්හ් ඔව් ඔව් , "
සේල්ස් ගෑනි දැන් එතන හිටපු උන්ට ගින්න දීල , මොනවා උනත් කාටවත් සැක නොහිතෙන විදියට  බොක්ස් එකක දාල කවුන්ටර් එකට ගෙනත් දුන්න. එකේ ඉන්න ගෑනිත් හිනා වේවි හිටිය.  මම බලාන හිටිය ඒකී මගේ මුණ දිහා බැලුවේ නම් නෑ. ලොල් .
ඊට පස්සේ අර මට වැඩේ කරලා දීපු අක්කි කියනවා එහෙනම් යාලුවට " හැපී බර්ත් ඩේ කිවුව කියන්න "  

"හා හා අනිවා කියනවා"

(බ්‍රා එක නම්  දුන්න , කිසිම අවුලක් උනේ නැ. හොද නම් ටිකක් නම් අහගත්ත :ඩි)

කවදා ......???????????

*********************************************************************************


පුළුවන් නම් කියන්න මූ මොකටද මේ එන්න හදන්නේ කියල  :D






සිංහල බ්ලොග් කියවනය