නොකියූ පෙම

සිරාවටම කියනවනම් මගේ ගලක් වගේ තිබුන හදවතේ හිනාවක් වෙනුවෙන් ටිකක් හරි ඉඩ තිබුනේ තුන් දෙනෙක් ගෙ සිනහවන් වලට විතරයි. ඒක කොහොමත් ඒ ය දන්නේ නැ. මොකද ඒවා කවදාවත් මම එයාලට කියන්න යන්නේ නැ.  සමහරු හිතන් ඉන්නේ මම මහම මහා නපුරෙක් කියල.  ඒවා වෙනස් කරන්න කොහොමත් මට බැනේ. ඒක ඒ අයගේ කැමැත්ත.  හරි හරි දැන් කතාවට බහිමුකො. 
මගේ හිත ගත්ත හිනාවල් අතරින් අවසාන වතාවට හිත ගත්ත කෙනා ගැන තමා කියන්න යන්නේ. 
මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා තමා එයාව මුලින්ම දැක්කේ.  කෙටියෙන්ම කියනවනම් සුරංගනාවියක් වගේ.  මුණ හරියට නිකන් නෙලුම් මලක් වගේ. රෝසම රෝස පාටයි.  අනික ඒ එයාගේ නැචුරල් ලුක් එක.  කට හඩ ඇහෙනකොට හරියට නිකන් ..... ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නැ. පලවෙනි දවසේ මට එයට කතා කරන්න ඕන කමක් තිබුනත් මට ඒක කරගන්න බැරි උනා.  ඒ වගේ සුරගනක් ට ඒක පාර කතා කරන්නේ කොහොමද අෆ්ෆා, ඒ උනාට පළමු තියරිය ලස්සනට දාගත්ත. කට පුරවල ලස්සන හිනාවක් දැම්මා. එයත් ඒ වගේම ලස්සන හිනාවක් දැම්මා. ඒ වෙලාවේ එයා  බැල්කනිය උඩට වෙලා හිටියේ. ඒ රෝස පට මුණ ඒක පාර මම එන දිහාවට හරවලා දැම්මා ලොකුම ලොකු හිනාවක්. ඒක පාරටම මට නිකන් ඔක්කොම දේවල් ස්ලෝව් මෝෂන් වගේ.  මුකුත් හිතාගන්නවත් බැ. 
ඊ ලග දවසේ නම් මම වැඩේ ඇත ඇරියේ නෑ.  පික් අප් ලයින් එකක් ගෙදරිදම හදාගෙන ගියා. ක්ලාස් ඉවරවෙලා යනකොට " ඔයා අපේ අවුරුද්දේද එක්සැම් කරන්නේ ..? " උත්තරේ දැන දැනත් මම ඒක බොරුවට ඇහුව.
" හ්ම්ම් .. ඔයා..? "
"මාත් ඒ අවුරුද්දෙම තමා."
" ඔයාලගේ ඉස්කෝලේ සමනලිව දන්නවද..?"
" අහ් එයාගේ යාළුවා නම් මගේ හොද යාලුවෙක් , ඒ උනාට අරයව නම් වැඩිය දන්නේ නැ "
" එයාගේ සමනලය නම් මගේ හොද යාලුවෙක් " 
    මම එහෙම කිවුවේ අත්තටම උ මගේ හොද  යාලුවෙක් ය.  
ඔන්න ඔහොම අල්ල ගත්ත කතාව දැන් දැන් හැම දාම ඇදිල යයි.  වෙන වෙන ගමනුත් යයි. එත් තාම තියෙන්නේ යාළුකමක් මිසක් වෙන දෙයක් නම් නොවේ.  ඔන්න ඔහොම වෙන ගමනක් ගිය දවසක  මගේ ලව් එකට එය මට්ටු විය.  ඒ ගැන මම පොස්ට් එකක් දාල තිබ්බ වගේ මතකයි. " මටම ආදරේ කරන්න " කියන එක.  ඊට පස්සේ උනේ අපි තව තව ලං උන එක.  එත් එක දෙයක් අපි දෙන්නම දැන ගෙන හිටිය. අපි දෙන්නට දෙන්නම ලොකු බොරුවක් කරගන්න බව. මොකද එයා මොකද්ද දෙයක් හංගනවා කියල මට ලාවට හිතුන. ඒක එයටත් හිතුන කියල,  කියල තිබ්බලු. 
එයා ගැන ආදරයක් තියෙනවා කියල මට හිතෙන්නේ පටන් ගත්තේ  මෙහෙමයි, එයත් එක්ක කතා කරද්දී , එයා එක්ක ඉද්දි , හිනා වෙද්දී , මගේ වට පිටාව ඒ කියන්නේ මුළු ලෝකෙම නිකන් නවතිනවා.  අපි දෙන්න විතරක් සජීවී වෙනවා. හදවත මහා හයියෙන් ගැහෙනවා. මගේ කටට හරියට වචන එන්නෙත් නැ.  මටම හිතාගන්න බැ මම මොකද කරන්නේ කියල.  
ඔන්න අප්‍රේල් වල මගේ යෙහෙලියක් එක්ක හොදට රවුන් ගැහුවා. සමහර දවස් වලට මම ක්ලාස් ගියෙත් නෑ. අනික සුරන්ගනාවිත් ක්ලාස් එන්නේ නැ. එයා නැතුව ක්ලාස් එකේ කිසිම ගතියකුත් නැ. ඔන්න ඔහම ඉන්නකොට එක දවසක්  අර මම කිවුව යෙහෙළියට ක්ලාස් එකක් ලු.  එයා ඒ ක්ලාස් එකට ගියා. දැන් එයා එනකන් පැය ගානක් යන නිසා දැම්මා අරයට මැසේජ් එකක්. එයාව හම්බුනේ ඔඩෙල් එක ලගදි. එයාගේ තව යාලුවෙකුත් හිටියා.. උන් දෙන්න කන්න ගත්ත චොක්ලට් එකක් එහෙමත් හම්බුනා.  එකක් නම් කමක් නැ . දෙකක්ම .  මොන කෙහෙල්මල්ද කියල ගිලලම දැම්මා. ඇතුලේ තිබ්බ කජු ටික නම් මාරම රහයි.  ඔහොම පයක් විතර ඉන්නකොට...... හුටා අර යෙහෙළියගේ ක්ලාස් ඉවරයිලු.  මල කෙලියයි දැන් දෙකම ක්‍රොස් වෙන්න යන්නේ.   යෙහෙළිය කවදාවත් නැතුව දිගට හරහට මට කෝල් ගන්නවා. ඒ මදිවට අරය අහවනවා  කවුද කවුද කියල. මම කිවුව " මල කෙලියයි මගේ අක්කා ඇවිල්ල , මට දැන් එන්නලු කියල, " ඇත්තටම බැලුවොත් මම කිවුවේ බොරුවක්මත් නෙවේ , එත් එක්තරා විදියක බොරුවක්.  මම දැක්ක  එයාගේ මුණ රතුම රතු වෙනවා. හොදටම රතු වෙනවා. එයාට හයියෙන් කතා කරන්න බැ. "අනේ අනේ අනේ .. එහෙම කියා කියා අප්සට් එකේ මගේ දිහා බලාගෙන ඉන්නවා. කරන්න දෙයක් නැත  යෙහෙළියට කලින් පොරොන්දු  වුනානේ මම එනවා කියල.  සුරංගනාවී මයි හිටියේ රේල් පාරේ අපේ ගොඩක් අයගේ ලව් පොට් එක. එත් අපි දෙන්න ලව් නෑ. යාළුකමක් විතරයි.  මම KCC එක පැත්තට යන්න නම් ටවර් එක ලගට යන්න ඕනේ.  රේල් පාරේ දුවන ගමන් අරයට ෆ්ලයින් කිස් එකක් දීගෙනම ගියේ හිත සනසන්න . එහෙම නැතුව වෙන මොකටවත් එහෙම නෙමේ. අනිත් එක තමා අර යෙහෙළියට දෙන්න මගේ ලග ප්රෝමිසස් චොක්ලට් එකක් තිබ්බ. එක දුන්නේ නැත්තන් මට ආයේ නුවර එන්න වෙන්නේ නැ. හරියට නිකන් හිට්ලර් ගෙ දෙවන ලෝක යුද්දේ වගේ.  හතර වටින් සුවර් එකටම කාලතුවක්කු හා යුද ටැංකි ප්‍රහාර එල්ලවෙනවා.  
ඊට පස්සේ මගේ යෙහෙළිය මකුළු කයියා හම්බෙලා ගෙදර යනකොට අරයගෙ යාළුවා මට එවුවේ " ඔයා අරයට ලොකු බොරුවක් කරනවා නේද "
" මොකක් පිස්සුද ඒ මගේ අක්කා කෙනෙක් .? " 
" හරි හරි කමක් නැ " අනිත් පැත්තෙන් ආවේ ඒ වගේ  උත්තරයක් . 
කාලය ගෙවී ගියේය. කෝස් එකේ අන්තිම දවසේ අරය ක්ලාස් ආවේ ගොඩක් වෙලා ගිහින්ය. එත් මාත් එක්ක කතා නැත. මාත් බලෙන් දෙන්න ගියේ නැත. මොන කෙහෙල්මල්ද කියා එලියට බැස්සේය.  
මේ ලගදි දවසක් මයි මගේ තව යාළුවෙකුයි කෑම කන ගමන් ඉන්නකොට , මම දැකල පුරුදු ගැහැණු ළමයෙක්  මගේ ඉස්සරහටම ආවේය.  මම කකා හිටියේ පැටිස් ඒකකය. පැටිස් එක කටේ හිරවිය.  අර කෙල්ලත් මගේ මුණ දිහා බලාගෙන විනාඩියක් පමණ බලාගෙන හිටියා.  මගේ යාළුවා කෙල්ලගේ මුණ හා මගේ මුණ දිහා බලමින් 
"ඇයි බන් ..??"
සුරංගනාවී ඉන්නේ වෙන කොල්ලෙක් ගෙ අතින් අල්ලාගෙනය.  මුණු දිහා බලාන හිටපු අපි වෙන්විය. ඇය උඩ තට්ටුවට ගියාය.  
මගේ යාලුවට දැන් මාර අවුලක් ය. 
" උබ දන්නවද ඒ කවුද කියල ..??"
"නෑ බන් කවුද ඒ..??"
.......රි  බන් ..
" අහ්හ්හ් .. යකෝ " 
විනාඩි පහක් විතර යනකන් මට අප්සට් එකක් තිබුණි. නැවත එය ආවේ සතියකින් පමණය. ඒ නිසා මකුළු කයියා මගෙන් බනුමකුත් අහගත්තේය. තරහ ගොස් සිටින විට බොහෝ වෙලාවට එය පිටවෙන්නේ මකුළු කයියාගෙන්ය.  දැන් සුරංගනාවී ගෙ චැප්ටර් එක අහවරය. එක වෙලාවකට මට හිනත් යයි. මොක උනත් වැඩක් නෑ. :(

දිවි නසා ගැනීම් ( හිකිස් ) 01

අපි හැමෝම ආදරේ කරන්න ආසයි නේ , ඒ නිසා කස්ටිය ආදරෙත් කරනවා.  ඔහොම ඉතින් ආදරේ කරනකොට රණ්ඩු සරුවල් ඇති වෙන එක සාමාන්‍ය දෙයක් නේ.  මම දන්නා තරමින්ම මගේ යාලුවෝ කීපදෙනෙක් ම හරි විදියට බැලුවොත් දැන් ඉන්න ඕන පරලොව.  ඒ කියන්නේ මැරිලා.  සිය වතාවක් විතර මැරුණා හැබැයි අදටත් මාත් එක්ක කතා කරනවා. හිකිස් ..
වලියක් ගියපු ගමන්ම මම මැරෙනවා ........................................................................ 
ඕවට හැමදාම මැදි වෙන්නේ මේ අහිංසක මම.  ඊට පස්සේ රෑ නිදිමරාගෙන මුන් මැරිලද කියල හොයන්න ඕන.  යාලු ෆිට් එකට කරන්නත් ඕනනේ. 
මැරෙන්න යන අයගේ හොදම වැඩේ තමා පිරිටන් පෙති. සමහරු ඒවා කොට්ටේ යට තියගේනලු ඉන්නේ වලියක් ගියපු ගමන්ම බොන්න.  එහෙම කරේ නම් මගේ යෙහෙලියක් . හිකිස් 
ඔන්න ඉතින්    2011.11.13    වගේ දවසක  මහා රෑ මම ෆේස් බුකියේ භාවනා කර කර හිටියා.  හෆ්ෆටසිරි අර කලින් කිව්ව යෙහෙලියගෙන් මට මැසේජ් එකක් අවා. ආයේ ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ , ගාල්ලෙත් නෑ , ගාලු පොලෙත් නෑ . 
  " ඔය කිව්ව නේද මැරෙන මිනිස්සු කවදාවත් කිය කියා මැරෙන්නේ නැ කියල. අද  ඒක වෙනස් වෙනවා,  හිතට එන ආවේගෙට ඕනම දෙයක් කරන්න පුළුවන්. ආයේ ඔයාට මව කවදාවත් දකින්න බැරි වෙයි,  අදින්           පස්සේ  ඔයාලට මාව දකින්නවත් බැරි වෙයි.  අයියව හොදින් බලාගන්න , එයාට හොද මල්ලි කෙනෙක් වෙන්න. "
   අම්මා ඔය වගේ එකක් මහා රෑ ආපුවම ආයේ කියල වැඩක් නැනේ.  කියන කෙනාට කියන්න ලේසි , ඒවා අහන කෙනාට තමා අමාරු.  ඔය මැසේජ් එක එව්වේ මගේ හෙන බොක්කක්.  මාත් ඉතින් අමුණලා කරලා රිප්ලයි එකක් ගැහුවා. 
 " මොනාද ඕයි මේ කියවන්නේ. පිස්සුද ? දැන් මොකද උනේ කියන්න "
සෑහෙන්න වෙලා යනකන් රිප්ලයි නෑ.  වැඩේ හරි යන්නේ නෑ. ගත්ත කෝල් එකක්. ඇත්තටම මැරිලා ද දන්නේ නැනේ. මම නම් සිරාවටම බය උනා.  වැඩේ ගොඩ ෆෝන් එක කට් උනා. ඒ කියන්නේ තාම ඉන්නවා.  ඊට පස්සේ ආයේ මැසේජ් එකක් ආවා. 
" කෝල් ගන්න එපා , ගෙදර අයට ඇහෙයි, අනික මට හොදටම සනීප නෑ. "  
ඊට පස්සේ මම ඇහුව " මොනාද මේ කියවන්නේ ..? "
 " දෙවියන්ගේ කැමැත්තට ඔක්කොම වෙයි, එක්කෝ මම ජිවත් වෙයි, නැත්තන් මැරෙයි. " 
 කෙල්ල දෙන්නේනම් බොක්ක උණු වෙන ටෝක්ස්.  
" යකෝ ඔයා නම් මැරෙයි, එතකොට අවුරුදු 20 ක් හිටපු අම්ම තාත්ත.  නිකන් මෝඩ වැඩ නොකර ඉන්නවා. "
ඊට පස්සේ දුන්නේ නම් නියම උත්තරයක්. 
" කමක් නෑ අපේ අයිය ඉන්නවා නේ " 
ඊට පස්සේ මෙකි යන්නම ගියා. ආයේ රිප්ලයි අවෙත් නෑ. කෝල් කරට ආන්සර් කරෙත් නෑ.  ඒ වෙලාවෙනම් පට්ට බයක් ආවේ සිරාවටම ඉවරද කියල.  මම කරේ එයාගේ කොල්ලට සීන් එක කිවවා. 
ඌ කියනවා මේකිට පිස්සුලු ...
 හපොයී මගේ කට කිව්වලු.
ඔන්න කොහොම හරි පහුවදා උදීම මම කෝල් එකක් අරන් බැලුව , යන්තන් ඇති පන පිටින් ඉන්නවා , මට ඉතින් දැන් මැරෙන්න හිනා හොද කට කැඩිච්ච කතාවක් කියන්න හිතුනා පවු කියල හිතුන නිසා නිකන් හිටියා.  යටි හිතේ සිනා බෝ වෙනවා. එත් එක එයාට කියන්න බෑ.  මම ඇහුව " කොහෙද ඊයේ ගියේ..? "
" මම ගියා පිරිටන් හොයන්න " හි හි හි හි මට දැන් තවත් හිනා.  ඉන්නම බැරි තැන මම ඇහුව  " ඉතින් දැන් බිව්වද ?? " 
" ඔව් මම හතරක් බිව්වා , ඊට පස්සේ මාව වෙවුලුවා " හි හි හි    හිටපන්කෝ පස්සේ දවසකම හිනා වෙන්නම් කියල පාඩුවේ හිටියා. 
ඊට පස්සේ පයක විතර මලක් කඩලා වස් දොස් අහල ශේප් කරා. 
ඔයා දිවි නසා ගැනීමට හොද ඉතිහාසයක් තියෙනවා.  මොකද එක සැරයක් මම ඔට්ටුවක් ඇල්ලුවා එයත් එක්ක පුළුවන් නම් මැරිලා පෙන්නනවා කියල. මොකද මම හොදටම දන්නවා එයා මැරෙන්නේ නෑ කියල. 
එක දවසක් මාත් එක්ක රණ්ඩුත් උනා ඕකට.
" අනේ නිකන් බොරු නොකිය ඉන්නවා , මැරෙන්න ඕන එවුන් කවදාවත් කිය කිය මැරෙන්නේ නැ , පුළුවන් නම් කරලා පෙන්නනවා. අපිත් නුවර නේ ඉන්නේ , ඕනම නම් මම මළගෙදර එන්නම් මාරි කන්න"
"ඔව් ඔව් ඔහොම හිතාගෙන ඉන්නවා , මැරුණ දවසට ඔහොම හිනා වේවි ඉන්නවා,  හැමෝම නපුරෝ "
ඔන්න ඔය කෙස් එක අපු දවස් වල ඉදන් මම කරන්නේ එයාව බයිට් කරන එක.  මේ ලගදි හම්බුනමත් මම කියල හින්ට් එකක් ගැහුවා.  
" අහ්හ් දැන් සමහරු මරිලානේ ඉන්නේ " අවුරුද්දේ දානෙත් ලගයි.  
හිකිස් ඔය එක යෙහෙලියක් ගේ කතාවක්. මගේ තව යාලුවෙක් හිටියා උත් 3 පාරක් විතර මැරුණ එකෙක්. උගේ කතාව ඊළගට පස්සේ පොස්ට් එකේ කියන්නම් .  

සිංහල බ්ලොග් කියවනය