නොකියූ පෙම

සිරාවටම කියනවනම් මගේ ගලක් වගේ තිබුන හදවතේ හිනාවක් වෙනුවෙන් ටිකක් හරි ඉඩ තිබුනේ තුන් දෙනෙක් ගෙ සිනහවන් වලට විතරයි. ඒක කොහොමත් ඒ ය දන්නේ නැ. මොකද ඒවා කවදාවත් මම එයාලට කියන්න යන්නේ නැ.  සමහරු හිතන් ඉන්නේ මම මහම මහා නපුරෙක් කියල.  ඒවා වෙනස් කරන්න කොහොමත් මට බැනේ. ඒක ඒ අයගේ කැමැත්ත.  හරි හරි දැන් කතාවට බහිමුකො. 
මගේ හිත ගත්ත හිනාවල් අතරින් අවසාන වතාවට හිත ගත්ත කෙනා ගැන තමා කියන්න යන්නේ. 
මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා තමා එයාව මුලින්ම දැක්කේ.  කෙටියෙන්ම කියනවනම් සුරංගනාවියක් වගේ.  මුණ හරියට නිකන් නෙලුම් මලක් වගේ. රෝසම රෝස පාටයි.  අනික ඒ එයාගේ නැචුරල් ලුක් එක.  කට හඩ ඇහෙනකොට හරියට නිකන් ..... ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නැ. පලවෙනි දවසේ මට එයට කතා කරන්න ඕන කමක් තිබුනත් මට ඒක කරගන්න බැරි උනා.  ඒ වගේ සුරගනක් ට ඒක පාර කතා කරන්නේ කොහොමද අෆ්ෆා, ඒ උනාට පළමු තියරිය ලස්සනට දාගත්ත. කට පුරවල ලස්සන හිනාවක් දැම්මා. එයත් ඒ වගේම ලස්සන හිනාවක් දැම්මා. ඒ වෙලාවේ එයා  බැල්කනිය උඩට වෙලා හිටියේ. ඒ රෝස පට මුණ ඒක පාර මම එන දිහාවට හරවලා දැම්මා ලොකුම ලොකු හිනාවක්. ඒක පාරටම මට නිකන් ඔක්කොම දේවල් ස්ලෝව් මෝෂන් වගේ.  මුකුත් හිතාගන්නවත් බැ. 
ඊ ලග දවසේ නම් මම වැඩේ ඇත ඇරියේ නෑ.  පික් අප් ලයින් එකක් ගෙදරිදම හදාගෙන ගියා. ක්ලාස් ඉවරවෙලා යනකොට " ඔයා අපේ අවුරුද්දේද එක්සැම් කරන්නේ ..? " උත්තරේ දැන දැනත් මම ඒක බොරුවට ඇහුව.
" හ්ම්ම් .. ඔයා..? "
"මාත් ඒ අවුරුද්දෙම තමා."
" ඔයාලගේ ඉස්කෝලේ සමනලිව දන්නවද..?"
" අහ් එයාගේ යාළුවා නම් මගේ හොද යාලුවෙක් , ඒ උනාට අරයව නම් වැඩිය දන්නේ නැ "
" එයාගේ සමනලය නම් මගේ හොද යාලුවෙක් " 
    මම එහෙම කිවුවේ අත්තටම උ මගේ හොද  යාලුවෙක් ය.  
ඔන්න ඔහොම අල්ල ගත්ත කතාව දැන් දැන් හැම දාම ඇදිල යයි.  වෙන වෙන ගමනුත් යයි. එත් තාම තියෙන්නේ යාළුකමක් මිසක් වෙන දෙයක් නම් නොවේ.  ඔන්න ඔහොම වෙන ගමනක් ගිය දවසක  මගේ ලව් එකට එය මට්ටු විය.  ඒ ගැන මම පොස්ට් එකක් දාල තිබ්බ වගේ මතකයි. " මටම ආදරේ කරන්න " කියන එක.  ඊට පස්සේ උනේ අපි තව තව ලං උන එක.  එත් එක දෙයක් අපි දෙන්නම දැන ගෙන හිටිය. අපි දෙන්නට දෙන්නම ලොකු බොරුවක් කරගන්න බව. මොකද එයා මොකද්ද දෙයක් හංගනවා කියල මට ලාවට හිතුන. ඒක එයටත් හිතුන කියල,  කියල තිබ්බලු. 
එයා ගැන ආදරයක් තියෙනවා කියල මට හිතෙන්නේ පටන් ගත්තේ  මෙහෙමයි, එයත් එක්ක කතා කරද්දී , එයා එක්ක ඉද්දි , හිනා වෙද්දී , මගේ වට පිටාව ඒ කියන්නේ මුළු ලෝකෙම නිකන් නවතිනවා.  අපි දෙන්න විතරක් සජීවී වෙනවා. හදවත මහා හයියෙන් ගැහෙනවා. මගේ කටට හරියට වචන එන්නෙත් නැ.  මටම හිතාගන්න බැ මම මොකද කරන්නේ කියල.  
ඔන්න අප්‍රේල් වල මගේ යෙහෙලියක් එක්ක හොදට රවුන් ගැහුවා. සමහර දවස් වලට මම ක්ලාස් ගියෙත් නෑ. අනික සුරන්ගනාවිත් ක්ලාස් එන්නේ නැ. එයා නැතුව ක්ලාස් එකේ කිසිම ගතියකුත් නැ. ඔන්න ඔහම ඉන්නකොට එක දවසක්  අර මම කිවුව යෙහෙළියට ක්ලාස් එකක් ලු.  එයා ඒ ක්ලාස් එකට ගියා. දැන් එයා එනකන් පැය ගානක් යන නිසා දැම්මා අරයට මැසේජ් එකක්. එයාව හම්බුනේ ඔඩෙල් එක ලගදි. එයාගේ තව යාලුවෙකුත් හිටියා.. උන් දෙන්න කන්න ගත්ත චොක්ලට් එකක් එහෙමත් හම්බුනා.  එකක් නම් කමක් නැ . දෙකක්ම .  මොන කෙහෙල්මල්ද කියල ගිලලම දැම්මා. ඇතුලේ තිබ්බ කජු ටික නම් මාරම රහයි.  ඔහොම පයක් විතර ඉන්නකොට...... හුටා අර යෙහෙළියගේ ක්ලාස් ඉවරයිලු.  මල කෙලියයි දැන් දෙකම ක්‍රොස් වෙන්න යන්නේ.   යෙහෙළිය කවදාවත් නැතුව දිගට හරහට මට කෝල් ගන්නවා. ඒ මදිවට අරය අහවනවා  කවුද කවුද කියල. මම කිවුව " මල කෙලියයි මගේ අක්කා ඇවිල්ල , මට දැන් එන්නලු කියල, " ඇත්තටම බැලුවොත් මම කිවුවේ බොරුවක්මත් නෙවේ , එත් එක්තරා විදියක බොරුවක්.  මම දැක්ක  එයාගේ මුණ රතුම රතු වෙනවා. හොදටම රතු වෙනවා. එයාට හයියෙන් කතා කරන්න බැ. "අනේ අනේ අනේ .. එහෙම කියා කියා අප්සට් එකේ මගේ දිහා බලාගෙන ඉන්නවා. කරන්න දෙයක් නැත  යෙහෙළියට කලින් පොරොන්දු  වුනානේ මම එනවා කියල.  සුරංගනාවී මයි හිටියේ රේල් පාරේ අපේ ගොඩක් අයගේ ලව් පොට් එක. එත් අපි දෙන්න ලව් නෑ. යාළුකමක් විතරයි.  මම KCC එක පැත්තට යන්න නම් ටවර් එක ලගට යන්න ඕනේ.  රේල් පාරේ දුවන ගමන් අරයට ෆ්ලයින් කිස් එකක් දීගෙනම ගියේ හිත සනසන්න . එහෙම නැතුව වෙන මොකටවත් එහෙම නෙමේ. අනිත් එක තමා අර යෙහෙළියට දෙන්න මගේ ලග ප්රෝමිසස් චොක්ලට් එකක් තිබ්බ. එක දුන්නේ නැත්තන් මට ආයේ නුවර එන්න වෙන්නේ නැ. හරියට නිකන් හිට්ලර් ගෙ දෙවන ලෝක යුද්දේ වගේ.  හතර වටින් සුවර් එකටම කාලතුවක්කු හා යුද ටැංකි ප්‍රහාර එල්ලවෙනවා.  
ඊට පස්සේ මගේ යෙහෙළිය මකුළු කයියා හම්බෙලා ගෙදර යනකොට අරයගෙ යාළුවා මට එවුවේ " ඔයා අරයට ලොකු බොරුවක් කරනවා නේද "
" මොකක් පිස්සුද ඒ මගේ අක්කා කෙනෙක් .? " 
" හරි හරි කමක් නැ " අනිත් පැත්තෙන් ආවේ ඒ වගේ  උත්තරයක් . 
කාලය ගෙවී ගියේය. කෝස් එකේ අන්තිම දවසේ අරය ක්ලාස් ආවේ ගොඩක් වෙලා ගිහින්ය. එත් මාත් එක්ක කතා නැත. මාත් බලෙන් දෙන්න ගියේ නැත. මොන කෙහෙල්මල්ද කියා එලියට බැස්සේය.  
මේ ලගදි දවසක් මයි මගේ තව යාළුවෙකුයි කෑම කන ගමන් ඉන්නකොට , මම දැකල පුරුදු ගැහැණු ළමයෙක්  මගේ ඉස්සරහටම ආවේය.  මම කකා හිටියේ පැටිස් ඒකකය. පැටිස් එක කටේ හිරවිය.  අර කෙල්ලත් මගේ මුණ දිහා බලාගෙන විනාඩියක් පමණ බලාගෙන හිටියා.  මගේ යාළුවා කෙල්ලගේ මුණ හා මගේ මුණ දිහා බලමින් 
"ඇයි බන් ..??"
සුරංගනාවී ඉන්නේ වෙන කොල්ලෙක් ගෙ අතින් අල්ලාගෙනය.  මුණු දිහා බලාන හිටපු අපි වෙන්විය. ඇය උඩ තට්ටුවට ගියාය.  
මගේ යාලුවට දැන් මාර අවුලක් ය. 
" උබ දන්නවද ඒ කවුද කියල ..??"
"නෑ බන් කවුද ඒ..??"
.......රි  බන් ..
" අහ්හ්හ් .. යකෝ " 
විනාඩි පහක් විතර යනකන් මට අප්සට් එකක් තිබුණි. නැවත එය ආවේ සතියකින් පමණය. ඒ නිසා මකුළු කයියා මගෙන් බනුමකුත් අහගත්තේය. තරහ ගොස් සිටින විට බොහෝ වෙලාවට එය පිටවෙන්නේ මකුළු කයියාගෙන්ය.  දැන් සුරංගනාවී ගෙ චැප්ටර් එක අහවරය. එක වෙලාවකට මට හිනත් යයි. මොක උනත් වැඩක් නෑ. :(

9 comments:

කසුන් හර්ෂණ said...

හික්ස්... පිණි බිංදු නේ මචං.......එල ඈ.....!!!!

රස කතා said...

ඔව් මචන් , තැන්ක් යු වේවා

athaaa said...

හිකිස්

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

සිරා මචං... දිගටම ලියපන්..

රස කතා said...

අනිවා මචන් .... !!!!

හසාරා බී - Hasara B said...

ලස්සන කතාව...ඔය වගේ කොච්චර නොකියූ පෙම් කතා තියෙනවද මේ ලෝකේ :(

රොබින් said...

මට මගේ උසස් පෙළ ලියපු සොදුරු කාලය මතක් උනා

wolf man said...

හරිම ලොල් සහගතයි ......රි ලස්සනයි බන් මම දැක්කනේ පැටිස් එකට වුනදේ

udayanka herath said...

muhude inne eka maluwath nemeine machn...

Post a Comment