මැඩම් එයාට කෙල්ලෙක් ඉන්නවා .....

ටික දවසකින් අලුත් එකක් දාන්නත් බැරි උනා. අද ලියන්න යන්නේ නම් මම පොඩි කාලේ වෙච්ච සිද්දියක් ගැන. 8 වසරේ දී විතර.

අපේ ඉස්කෝලේ පිරිමි පාසලක් . කොල්ලෝ උනත් ඉන්නවනේ කේලම් කියන සමහර චීත්ත වගේ පොරවල්. ඔන්න ඔහොම එකෙක් හිටිය අපේ පන්තියේ, අවාසනාවකට උ මගේ යාලුවෙක්. යන්නෙත් මම යන බස් වලම තමා. මැඩම් ට ටිකක් ගොට්ට එහෙම අල්ලන්නෙත් උ තමා. පන්තියේ නායකයා.
එක දවසක් ඉස්කෝලේ ඇරිලා එහෙම අපි ඉතින් බස් එකක් එනකන් හිටිය. මොනවා උනත් උ ටිකක් හොද පොරක්. හැබැයි මිනිහ නැති දේ ඇති කරලා බොරු කියනවා. මිනිහ එක්ක ගහගන්නත් බැ.
ඔන්න ඉතින් බස් එකක් ආව. අපි පොරකාගෙන නගින නිසාද කොහෙද බස් එක නවත්තන්නේ ඇතට ගිහින්. නගින එකා නගිනවා, නැති එකා ආයේ හෝල්ට් එකට එනවා. කොහොම හරි අපි දෙන්න ෆුට් බෝඩ් එකේ එල්ලුන, පොඩි උනාට වැඩකාරයෝ වගේ, කොන්දා පිටිපස්සේ ඉදන් බනිනවා. .....

බස් එක විදුලි වේගෙන් කටුගස්තොට ට ලංවෙනවා. ඔතන තියෙනවා බාලිකා පාසලක්. එකේ ඉන්න කෙල්ලෝ 20 ක් විතර බස් එකට නැග්ග  . දැන් අපිට හුස්ම ගන්නවත් ඉඩ නැ. අපි පොඩි කොල්ලොනේ, දැන් මුළු බස් එකම ලෝඩ් , අපි ඉතින් ඇඹරි ඇඹරි කොහොම හරි ඉඩ හදාගෙන ඉන්නවා. අර බස් එකට නගපු අක්කල , ඒ කාලේ අක්කල . දැන් නම් අම්මල වෙන්න ඇති. ඒ ගොල්ලොන්ටත් ඉඩ නැති නිසා අපේ ඇගේ. බ්ලොක් එකේ බස් එක දැන් හිමින් හිමින් යයි. ඔහොම ඉන්නකොට එක අක්ක කෙනෙක් එයාගේ අත් දෙක මගේ කර උඩ තියාගෙන බොහොම අමාරුවෙන් වාරු අරගෙන ඉන්නවා. මම බැලුව කවුද යකෝ අත තියාගෙන ඉන්නේ කියල, මම එක පාර හැරුනෙත් නැ. හොරෙන් බැලුව. අම්මටසිරි වේවා කිවුවලු. සුදුම සුදු අත් දෙකක් මගේ කර අල්ලාගෙන ඉන්නවා. බස් එක වන්ගුවලින් යනකොට තව තද වෙනවා. හරියට නිකන් මසාජ් එකක් දානවා වගේ.

ටිකක් යනකොට මල්ලි ඔයාට අමාරුයිද ..?
අනේ මට නිකන් මර ලැජ්ජයි, මම ඔලුව වනල කිවුව නැ කියල.
ඕක දැක්ක අර මගේ යාළුවා ,. අෆෝ ඉවරයි, ඒකා කියනවා ,අහ අහ් උබට කෙල්ලෙක් ඉන්නවා නේ..? ,
ඔය පොඩි කාලේ ඔහොම එකක් කියනවටවත් අපි බයයි නේ.
" පිස්සුද බන් උඹට..?? "
නැ නැ හිටපන්කෝ හරි හරි ....
ඔන්න කොහොම හරි මම පහුවදා ඉස්කෝලේ ගියා. පන්ති බාර මැඩම් නම් ලකුණු කරනකොට , මගේ නම කිවුව.
මගේ නම ඇහුන ගමන් අරු " මැඩම් එයාට කෙල්ලෙක් ඉන්නවා, එයේ බස් එකේ කරට අත දාගෙන ගියේ. "
ඔය කාලේ දන්නෙත් කුණුහරප එකක් දෙකක් විතර , මම හිතෙන් උට බැන බැන හිටිය.,
පන්තියේ උන්  දැන් " අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ,,, "
මුළු පන්තියම එක හඩින් සද්දේ දමයි   . මොකද ඔය කාලේ ලව් කේස් කියන්නේ ගුටි කන සීන්.
පන්ති බාර මැඩම් " කියනවා කියනවා මොකද්ද මේ..?? "
"නැ නැ මැඩම්, අක්ක කෙනෙක් වැටෙන්න ගිහින් මව අල්ලගත්ත මු මේ ඒකට කියන්නේ "
නැ නැ මැඩම් ඔය බොරු " අරු මැදින් පැන තව තව ගින්දර දායි.
මැඩම් ගේ දේශනාව පටන් ගත්තාය. " උඹ ඉස්කෝලේ ඇවිල්ල මගේ පන්තියේ ඉන්නවනම් ඒ විදියට ඉදපන්, දැන්ම පිස්සු නටන්න ලෑස්ති වෙන්න එපා. උබ ලොකු අයිය කියලද හිතන් ඉන්නේ , "
අරුගේ අමු බොරුව නිසා මට බැනුම් කෝටියයි. මොනවා කරන්නද ...?
හි හි නියම වැඩේ කියන්නේ ඊට පස්සේ දවසකුත් අර අක්ක අර විදියටම මගේ කර අල්ලගත්ත. අරු ඒක දැක්කද දන්නේ නැ, එත් ඊට පස්සේ මුකුත් කිවුවේ නැ. ඒ උනාට දෙමාපිය හමුවේදී මම වැඩ කරන්නේ නැ කියල පන්තිබාර එක්කෙනා ගොසිප් එකක් අම්මට දීල තිබුන .

ක්‍රිකට් මැච් එකක් ගැසුවෙමු :ඩි

ඔන්න ඉතින් දවසක් කොම්පියුටර් ක්ලාස් ඉවර වෙලා එහෙම , දොඩන්වල හන්දියට වෙලා ඉන්නවා. පට්ට කම්මැලි. දැම්ම යාලුවෙක්ට කෝල් එකක්.
" අහ්හ් මචන් උබ ගැටබෙ ග්‍රවුන්ඩ් එකට වරෙන් "
අම්මෝ කාලෙකින් ඒ පැත්තට ගියෙත් නැ. හා හා පුර කියල ඉතින් මාත් ගියා. අම්මටසිරි සෙට් එක මැච් එකක් ගහනවා.  මටත් ඉතින් මැච් එකක් කිව්වුම  වෙන මුකුත් ඕන නැ. මාත් බැස්ස සෙල්ලමට.  මැච් දෙකක් විතර ගැහුවා. ඔහොම ඉන්නකොට අම්මටසිරි පට්ටම පට්ට  පට්ටම කෙල්ලෝ හතර දෙනෙක්. මගේ යාළුවගේ ක්ලාස් එකට එන සෙට් එකක් ලු, ආවනේ ග්‍රවුන්ඩ් එකට.
හි හි කොල්ලෝ ටිකට  පන ගහල සෙල්ලම් කරනවා.
 අපේ උන්ටත්  මොකද, අහ්හ් " අමාලි " අපි එයට අමාලි කියල කියමු. ගහමු මැච් එකක්.
"අනේ පිස්සුද හලෝ, "
" අප්පෝ ඔහොම නම් බෑ, එන්න එන්න ගහමු "
ඔන්න ඉතින් කොහොම හරි පෙරැත්ත කරලා කරලා මේකිව ෆීල්ඩ් එකට ගත්ත.  කියල වැඩක් නැ, ඒකිගේ පස්ස එහම සුපිරි. අම්මෝ ක්‍රිකට් අමතක වෙනවා දැක්කම. ඇඩෙනවා තනි ඇසට. එහම පස්සක් දැකලම නැ අෆ්ෆා.
ඔන්න ඉතින් එයාව දැම්මේ third man කලාපෙට ,  මම ඉන්නේ point කලාපේ. මගේ ඇහැ තියෙන්නේ දැන් third man වල.
අපේ කැප්ටන්
" අයියෝ මචන් බලාගෙන ඉදපන්කෝ ,"
උට මල පැනල.  මම විතරක් නෙමේ හැම එකම දැන් ඉන්නේ අරහේ.  එක පාරටම බැට ගැහුවා ලේට් කට් පහරක්. බොලේ ගියේ third man වලට.
අම්මේ සිස් කියල වැඩක් නැ , අරය පස්ස උඩ දදා දුවනවා, පැයට කිලෝමීටර් 5 ක විතර වේගෙන් , වැනෙනවා , අපේ කීපර් මීක් නැ. බෝලේ ගැන උනන්දුවක් නැ.  ඔන්න අමාලි දුවගෙන දුවගෙන ගිහින් නැමිලා එහම බෝලේ ගත්ත , අපේ උන්ගේ කටවල් දැන් ඇරිලා. ඔය ටික ඔහොම වෙද්දී අරු හතරක් ම දුවල. බැට් කරන ටීම් එකේ උන් අපට කෑගහනවා , " අඩෝ උබල බෝලේ දිහා බලපන් , වෙන ඒවා බලන්නේ නැතුව. "
" අනේ පල පල ඩෝ, "
ඇත්ත කතාව නම් , අරය දුවනකොට ඔක්කොම බෝල ගාන 5 කි.  තේරෙනවා නේ, ටෙනිස් බෝලේ එක්කම.  බෝල හතරක්  උඩට යටට පැද්දෙනවා.
දැන් ඔහොම ඔහොම බැට් කරන උන් ඒ පැත්තටම  ගහ ගහ ලකුණු ගන්නවා. අපේ උන්ට මැච් එකට වඩා වැදගත් වෙන දෙයක් නේ.
ඔන්න ඔහොම මාස ගානකින් ගහපු ටුනමන්ට් එක ඉතින් අපි පැරදුනා. මොනවා උනත් මාර ෆන් එක. කියල වැඩක් නැ. 
ආයේ නම් කෙල්ලෙක්ව ටීම් එකට ගන්න හොද නැ..  පිස්සු එකයි නේ, කැප්ටන් අපට හින්ට් ගහයි. 

ආදරයේ අංශු මාත්‍රයක්...

සිස් අහපු ගමන් හිතට වැදුන සින්දුවක් , ආයේ කියල වැඩක් නැ .. පට්ට පට පට ..
මරේ මරු..


තාරුකා උයනට ඉහල අහසින්.....
ඈත ඉදන් හරි හදිස්සියෙන්
ඔබ ආවා...
ආදරයේ අංශු මාත්‍රයක් ආවා ....
ආදරයේ සිහින දෙවිඳු ..
ඔබ ආවා ...

ව්‍යාකරණ නැති ,
කැඩී බිදී ගිය
භාෂාවක හිරවී
ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන් ....

ඇහි පිල්ලමකටවත්
අවසරයක් තිබුනෙ නැ
හරි හදිස්සියේ
ලොබ බැදුනා
අගුල් වැටි ...

මායාවයි ඔබ
ඇසුරු සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා..
ආදරයේ අංශු මාත්‍රයක්
දැනුනේ නැ ...............

http://www.youtube.com/watch?v=HTjl5LtNn8o

කොට මොඩල් බඩුව ගේ කපටිකම ...

හොදම යාලුවෙක් ගේ බඩුවකි.අර අක්කා කෝස් පොස්ට් එකේ හිටපු ආප්ප කඩේ ඉස්කෝලේ කෙල්ල.  මිනිහට දැන් එයාව සැකයි ලු.  හත් දෙයියනේ ඒ මදිවට  අර කෙල්ල මට කියනවා , එයාට අනාගතයක් නැ, අරවද මේවද ඔක්කොම කියනවා. ඔන්න ඉතින් මගේ යාළුවා ආවා අපේ ගෙදර. මම අර කෙල්ල කියපු ඒවා ඔක්කොම මිනිහට පෙන්නුවා. අපේ සෙට් එකේ මෙහෙම එකක් තිබ්බ. අපි අතර රහස් නැ. මොනවා උනත් උ මගේ හොදම යාළුවා නේ, අදට ඉතුරු වෙලා ඉන්න.  " අ මචන් , උබේ ගැනි ඊයේ මොනවද ඔය කිව්වා, " මිනිහ මැසේජ් ටික බැලුව. " ඔව් මචන් ඒකිගේ දැන් වෙනස් කම , හැම වෙලේම මගේ වැරද්දක් ගැන කියවන එකමයි වැඩේ". 
උ අපේ ගෙදර ඇවිල්ල තියෙන්නේ වෙන එකකට නෙමේ , කෙල්ලගේ ඊ මේල් එක හැක් කරගන්න. 
" උබ පාස්වඩ් එක දන්නවද ..?"
"ඔව් ඔව් , අඩෝ මට ඒ උදව්ව විතරක් කරලා දීපන් .. "
හි හි හි... ඔන්න ඉතින් අපි ඊ මේල් එක හැක් කරා.  ප්‍රයිවට් කේස් එකක් නිසා මම උට ඒක බලාගන්න කියල මාරු උනා. 
" අඩෝ මචන් වරෙන් මේ බලපං දැන් කවුද මෙතන ඇත්ත කියන්නේ , බොරු කියන්නේ කියල "
මේකයි සීන් එක , උගේ අර කොට මොඩල් කෙල්ල මගේ අතින් කිව්වේ අපේ එකාට වෙන කෙල්ලෙක් ඉන්නවා ,, ඔන්න ඔහම කතාවක්. මම එක දවසක් ඕක අපේ එකාට කිව්වා. ඔන්න ඕක ඔප්පු කරන්න තමා මිනිහ අපේ ගෙදර ඇවිල්ල හැක් කරේ. 
දැන් බලන යනකොට මෙකි ෆේස් බුකියෙන් කොල්ලෝ එක්ක මහා රෑ චැට් එකේ ඉදල තියෙනවා. තව තව කොමෙන්ට්ස් එහෙමත් දාල. සමහර ඒවා රෑ 1.30 ... ඒවා නිකන් රොමැන්ටික් වගේ මැසේජ් .. ඒ මදිවට මගේ යාළුවගේ වැරදි මේ කවදාවත් දැකල නැති කොල්ලෝ එක්ක පවා කියල. තව මේකිගේ යාලුවොන්ට කියල තියෙන්නේ මගේ යාළුවා මේකිට වැරදි කරනවා කියල. 
 " මෙකි මට පාඩම් කරන්න යනවා කියල ඔන්න ඕව තමා බන් කරන්නේ , උබට පේනවනේ ..? , එකී උබට කියන්නේ බොරු බන්. " 
අම්මටසිරි මේකි මර කෙල්ලෙක් නේ බන්.  මාත් පුදුම විය. ඒ කෙල්ල නිකන් මට පෙන්නුවේ එය පත්තිනි අම්ම වගේ නේ. .
" මචන් උබ ටිකක් පරිස්සමෙන් හිටපන් , එන පොට හොද නැ "
මම එසේ කිවේ ලගදීම මගේ යාලුවට සපත්තු පාරක් වදී යන සැකයෙනි.  ඔහොම ටික දවසක් යනකොට  අර කෙල්ල  මට ආයෙත් මැසේජ් කරලා වැරදි අහන්න ගත්ත 
 " අනේ මේ , ඔයා අරයට බූට් ඒක තියන්න යනවනම් , ඒක කෙලින්ම කියල ඕන දෙයක් කරගන්න. මගෙන් වැරදි අහන්න එපා. " ඔය මැසේජ් ඒක ගැහුවේ මගේ වෙන යාලුවෙක්.  මේකිගේ කපටි කම කොහොමද කියනවනම් මගේ යාලුවට කියල " මම එයාට බැන්නලු. " 
දන්නෝ දනිති..  මගේ යාලුවත් දනිති. මොකද උ හිටියේ මට එහා පැත්තේ නේ.  ඔන්න පේනවනේ කෙල්ලෝ කොල්ලොන්ව කොටවන යන හැටි.  
" මචන් ඕකි උබල ගැන තව තව දේවල් කිව්වා බන්, .. මම ඒවා ඇහුවනම් අද මට මොකෙක්වත් නැ "  .. ඇත්තටම මේ කෙල්ල ට්‍රයි කරේ අපිව කොටවන්නය. එකට හේතු අපි දන්නේ නැ. අපි ඊට වැඩ කපටියෝ නිසා බේරුනා.  අන්තිමේදී සල්ලි ප්‍රශ්න ඇදල  අරන් තමා ඒ කෙල්ල යාලුවට බූට් ඒක තිබ්බේ , උට පිස්සු හැදුනේ නැති ඒක විතරයි. බොක්කෙන්ම කරපු ලව් එකක්ලු නේ. අපේ සෙට් එකෙන් බොක්කෙන් ලව් කරේ උ විතරයි.  
මේ ලගදි  ඒ කෙල්ල ආයෙත් මගේ යාලුවට මැසේජ් කරලා. විභාගේ ෆේල් ලු, තාත්තගේ ජොබ් ඒක නැති වෙලාලු. 
අන්තිමට අනාගතයක් නැති වෙයි කියල ලොකු සීන් දාපු කෙල්ලට මොකද උනේ, ..??
ඒ උනාට මගේ යාළුවා විභාගේ පාස් වෙලා දැන් ජොබ් එකකුත් කරනවා.  සොබහවධර්මය විසින්ම අර කොට මොඩල් කෙල්ලට රිටන් ඒක දුන්න.  

පොලිස් අන්කල් හා අපේ වෙන්ඩ ලෝයර් ( lawyer)


මගේ යාළුවගේ කෙල්ල ඉගෙන ගත්තේ නුවර , වැව රවුමේ තියෙන ප්‍රසිද්ධ බවුද්ධ බාලිකා පාසලක. දන්නෝ දනිති. කෙලින්ම නම කියන්න බැ.  ඔන්න ඉතින් දවසක් මමයි, මගේ යාළුවයි ඉස්කෝලෙට වෙලා ඉන්නවා. ඇඩ්මිෂන් දෙන දවස් නිසා පන්තියේ කවුරුත් නැ.  දෙන්නට දැන් පට්ට බඩගිනි. අතේ සත පහක් නැ. 
" මචන් එස් අද ටවුමේ ඇත්තේ " අපි උගේ කෙල්ලට එස් කියල කියමුකෝ. 
" අඩේ එහෙනං කෝල් එකක් දාල බලපන් "..
ඔන්න ඉතින් අරු කෝල් එකක් එහෙම අරගත්තා. මු බොරු අටෝපයක් දැම්ම , " දවසම කාල නැ සුදු , " ,,,
හි හි .. මොනවා උනත් උගේ කෙල්ල ගොඩක් හොදයි. අපිත් එක්ක ගොඩක් ෆිට්, සමහර පණ්ඩිත කෙල්ලෝ වගේ නෙමේ. ඕනෑම උදවුවක් කරන්න බය වෙන්නේ නැ. මිනිහගේ කෙල්ල ලෝයර් කෙනෙක් වෙන්න සිහින මව මව ඉන්නේ,  ඊට හරි යන කටකුත් තියෙනවා.
" අහ එහෙනම් ඩයලොග් එක ලගට එන්න "
එයාගෙන් අවේ යහපත් ප්‍රතිචාරයක්. 
දැන් හරි, එත් ඔක්කොටම කලින් ඉස්කෝලෙන් පනින්න ඕනනේ. අපි දැන් 13 අවසාන අදියරේ ඉන්න නිසා සික්කට පොඩි සද්දයක් දැම්ම ගමන් යන්න දෙනවා. ඇඩ්මිෂන් අරන් ඉවරයි නේ.
ඊට පස්සේ අපි දෙන්න ගියා. අරුගේ කෙල්ලත් දැන් ඉන්නවා. අපි යුනිෆෝම් එකෙන්. එයා කලඩ් එකෙන් . 
" මොකද කොන්ඩේ කොටටම කපල..?" 
" පාඩම් කරන ඒවා මතක හිටින්න. " මම උත්තර දුන්නෙමි.  එයා අපිව එක්ක ගියේ ලියෝන්ස් එකටය. මිනිස්සු අපි දිහා දැන් දැන් අමුතු විදියට බලයි. 
අපි යුනිෆෝම් , කෙල්ල කලඩ්.  අපිට ඕවයේ ගානක් නැ. එත් මේ ලංකාවේ ඉතින් කෙල්ලෙක් එක්ක කතා කරත් වැරදි නේ. 
හොදට වැළදු අපි , ටිකක් වෙලා එක එකාගේ වග තුග කතා කරේය. 
" මචන් උබ මාත් එක්ක යන්න හිටපන් ,, හරිද "
මාත් ඉතින් හා කිව්වා, ඒ උනාට සෙට් වෙන්න යන්නේ හොද ගොට්ටකට වගේ. කමක් නැ. 
හවස තුනට විතර අපි වැව රවුම පැත්තට ගියා. සිතල සුලන් වැදී වැදී ඉන්නවා. අරුන් දෙන්නට නම් දැන් ලව් , 
මාත් බංකුවක් උඩට වෙලා මනෝ පාරක් දාගෙන හිටිය. 
" ආසිරි පුළුවන් නම් පෙන්නන්න  කන්ද wood  ඉස්කෝලේ.." කන්ද ඉංගිරිස් වලට හරවපුවම ඇත්ත නම කියවන ඔයාලට තේරෙයි. 
"අහ්හ් අර තියෙන්නේ , අර උඩම" මම එස් ට පෙන්නුවෙමි. 
වෙලාව හිමිට හිමිට යයි. මම පැත්තකට ගොස් ඉදගෙන ඉන්නවා.
 අර දෙන්න දැන් දැන් ටිකක් බදාගෙන එහෙම සිත සුළගේ මිහිර විදිනව.  වැව රවුමේ ගස් අතරින් ඉර අවුව වැටෙනකොට මාර ලස්සනක්.
අර දෙන්න ඉන්න විදියට ඒ සීනරි එක තවත් ලස්සනයි. නියම රොමැන්ටික් කපල් එක. 
ඔහොම ඉන්නකොට බුලත් විටක් හප හප , නිකන් සෙරෙප්පු දෙකක් දාගෙන ආවා පොලිස් අන්කල් කෙනෙක්.  උ එක පාරටම ගිහින් , ජරා හිනාවක් දාල, මගේ යාළුවගේ ID එක ඉල්ලුව. මුත් ඉතින් දුන්න. 
හැ යකෝ ඊට පස්සේ පොලිස් අන්කල් අරුව එක්කගෙන  ගියානේ  මීටර් 100 ක් විතර ඉස්සරහට. අර කෙල්ල දැන් බය වෙලා මගෙන් අහනවා, අනේ ඇයි අරයව ගෙනියන්නේ. මම ඒකිට පොඩ්ඩක් ඉන්න කියල අරුගේ පස්සේ දිවුව. අරකි මට යන්න දෙන්නේ නැතුව මගේ අතින් අදිනවා. 
" අනේ ආසිරි මොකද මේ වෙන්නේ ..?"
" පොඩ්ඩක් ඉන්නක්කෝ මම බලල එන්නම්"
"අනේ මාවත් එක්කන් යන්න.."
"නැ නැ ඔයා අවොත් ඔයාටත් කේස් යයි. " 
මම එතනට යනකොට ටිකක් ලොකු පොස්ට් එකක් තියන පොලිස් ලොක්කෙක් අරුගෙන් ප්‍රශ්න අහ අහ බනිනවා. 
" කරන්න දෙයක් නැ , දෙන්නවම එක්කන් ගිහින් ගෙවල් වලට කෝල් දෙනවා, "
හි හි හි .. අර කෙල්ලට මේක ඇහුන ගමන් , "
 ඇයි ඔයාල මෙයාට බනින්නේ ,  මෙයා මොකද්ද කරපු වැරැද්ද ? , 
ඔයාලට අයිතියක් නැනේ මෙහෙම කරන්න, 
මොකද්ද ඔයාලට තියෙන අයිතිය, ?
හරි මෙන්න මගේ අම්මිගේ නම්බර් එක දැන්ම කෝල් කරලා කියන්න, මොකද අපේ ගෙවල් වලින් මේක දන්නවා "
ඔන්න කෙල්ලගේ ප්‍රශ්න ටික.. හි හි 
පොලිස් අන්කල් ල දෙන්නට කට උත්තර නැ , උන්ගේ මුනවල් පු*** උනා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ. 
ඊට පස්සේ අර බුලත් හපයා " දැක්කද බෝයි ෆ්‍රෙන්ඩ් ට බනිනකොට ඉන්න බැ, හිත රිදෙනවා නේ, "
උ ඒක ඇහුවේ ලැජ්ජාව වහගන්නය. 
ඇත්තටම බැලුවොත් අපේ වයසත් අවුලක් නැ. ඒ නිසා උන්ට අපිට මුකුත් කරන්න බැරිය.  එත් කෙල්ලගේ ගෙදරින් මේ ලව් එකක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැත. බැරි වෙලාවත් කෝල් කරානම් ඒ දෙන්නට වැලේ වැල් නැත. 
දැන් පොලිස් අන්කල්ට කරන්න දෙයක් නැත. බොරු බන දේශනාවක් දුන්න.
"මටත් ඉන්නවා ඔයා වගේ දුවක් , ඔයාල ඔහොම කරන ඒක වැරදි, " 
මු කියන්නේ ලව් කරන ඒක වැරදි කියලද කොහෙද.. පිස්සෙක් නේ.  කොහොම හරි විනාඩි 30 ක් විතර බන කියල මගේ යාලුවෝ දෙන්නට යන්න දුන්න. 
මට මේ සීන් එකේදී කේස් එකක් අවේ නැ. 
කොහොම හරි වෙන්න ලෝයර් හින්ද අපි ගොඩ ගියා. 
මේ ලගදි එස් මට කියනවා ,  
 "  අනේ ආසිරි, මම ගැන වැරදියට හිතන්න එපා, එදා මම ඔයාගේ ඇගේ එල්ලුනට. මම බය වෙලා හිටියේ. ඒකයි. " 
හි හි කතා කරපු පලවෙනි නඩුවෙන්ම  දින්නනේ.  අපිත් එන්නම්කෝ මිනියක් එහෙම මරල බේරෙන්න.  හි හි . 

අක්කා කෝස් ....

A / L කරන කාලේ අපි සෙට් එකේ හිටිය කොල්ලෝ පස් දෙනෙක්. හොදම පිස්සෝ ටිකක් තමා හිටියේ. අපට ඉතින් එක එක කාලෙට එක එක ආසාවන් එනවනේ,  ඔහොම ඉන්නකොට වත්තේගම පැත්තේ ඉන්න මගේ යාලුවෙක් අවුරුදු 24 ක අක්කා කෙනෙක් එක්ක යාලු උනා. මුත් ඉස්කෝලේ රගර් ටීම් එකේ ඉන්න එකෙක් නිසා මුගේ ඇග පත එහෙමත් තියෙන නිසා වයස අවුලකුත් නැ වගේ. දැන් ඔය සීන් එක දැනගත්තට පස්සේ අපිටත් ආසාවක් ආව අක්ක කෝස් එකක් කරන්න.  වැඩේ ලේසි නැනේ. අපේ උන්ට තියෙන අමාරුවට අපේ සර් කෙනෙක්ගෙන් අහනවා " සර් අපට වඩ වැඩිමල් ගැණු ළමයි අපිට කැමතිද..??"
ඔහොම ඉන්නකොට මාතර පැත්තේ ඉදන් අපු මගේ යාලුවෙක් , මු විදින්න ඕන හොදම දුක් විදලා අක්ක කෙනෙක් සෙට් කරගෙන. නුවර අපි නම් ඒ කෙල්ලගේ ඉස්කෝලෙට කියන්නේ ආප්ප කඩේ කියල.  කොහොම හරි කමක් නැ උ අක්ක කෙනෙක් එක්ක යාලු වෙන්න හොර ID එකකුත් හැදුව. උ අපට කිව්වේ ඒක සිරා කරන්නේ නැ කියල , ඒ උනාට මු බොක්කෙන්ම කරනවා. 
මම එක උගේ කටින් අල්ලාගත්තේ. 
" මචන් උබේ බඩුව ඉස්කෝලෙදි ආප්ප දානවලු නේ, හි හි හි "
මුගේ මුණ නිකන් රතු වෙලා අඩන්න වගේ දැන්. බොක්කෙන් කරන නිසා මුට අප්සට්. 
" අයියෝ එපා බන් , පව් "
" හා හා පල පල ඩෝ"
ඔන්න ඕකත් කොහොම හරි ලව් එක කරගෙන යනවා. 
ඊට පස්සේ අපේ තවත් එකෙක් , ක්ලාස් එකේ පාට් ටයිම් ජොබ් එකකට ආව අක්ක කෙනෙක්, එකී පේරාදෙණිය කැම්පස් එකේ බඩුවක්, හැබැයි හිතාන ඉන්නේ එහෙම. මට නම් එකී  අල්ලන්නේ නැ. ඒ උනාට අරුට තිබ්බ සික් එකට උ මෙකි එක්ක යාලු වෙලා. අපි සීන් ඒක දැනගත්තේ මු ක්ලාස් එකෙන් වල බැහැල පේරාදෙණිය මල් වත්තට එකිත්  එක්ක ගිහින්. ඒක තමා මාරු සීන් ඒක,
මු දැන් එකිත් එක්ක ඉන්නකොට මු අහල
" මට කිස් එකක් දෙන්නකෝ " ඔය පලවෙනි දවසෙම පේනවනේ අපේ උන්ගේ හැටි 
හි හි අරකි දීල තියෙන්නේ මාරු උත්තරයක් නේ, " හරි හැබැයි මාව කසාද බදින්න ඕනේ ,, හරිද "
අරුගේ දෙලොව රත්වෙලා.,  පස්සේ තමා දන්නේ මෙකි ගොඩක් දුෂ්කර පැත්තක කෙල්ලෙක් ලු. එකයි. 
නුවර පැත්තේ කෙල්ලෙක් එහෙමනම් කිස් එක පටස් ගාල එනවා.  ඔන්න දැන් අපේ උන් තුන්දෙනෙක් අක්ක කෝස් කරනවා. හැබැයි ඒ ඔක්කොම සිරා නෙමේ, උන්  අපට කියන විදියට. 
ඔන්න ඔහොම ඉන්නකොට අපේ හිටිය කොටා කියල පොරක්. මු නිකන් අර පුස් ඉන් බුට් එකේ පුසා වගේ. 
දොඩන්වල හන්දියේ ෆැෂන් බග් එකේ අක්ක කෙනෙක් එක්ක යාලු වෙලා. එකී නම් මුගේ ගෙවල් පැත්තේ. වයස 25 ක් ලු. ටික කාලෙකට කලින් ඒකිව කොල්ලෙක් රවට්ටලා. තේරෙනවනේ . මුත් ඉතින් බොර දියේ මාළු බැව. 
දැන් ඉතුරු මම විතරයි නේ, මට ඔය කාලේ කෙල්ලෙක් නැ. වැඩි ආසාවකුත් තිබ්බේ නැ. ඔහොම ඉන්නකොට අර මල් වත්තේ ගියපු එකා අදුරන අක්ක කෙනෙක් ඉන්නවා. අපේ පන්තියේ මාත් එක්ක එකට ඉන්න එකෙක් එක්ක යාළුවෙලා රජ බුට් එකක් කාල. එකී කියල " අනේ මල්ලි මට නිකන් මැසේජ් කර කර ඉන්න හොද ඔයා වගේ මල්ලියෙක්ගෙ නම්බර් එකක් දෙන්නකෝ කියල. " ඔන්න පේනවනේ කෙල්ලොන්ගේ සික් එක.  එයාගේ ඉස්කෝලේ නුවර තියෙන සුවර්ණ ...ලි  කියන එක. එයාට මධු  මල කියල කියමුකෝ .
මටත් ඉතින් මොකද කියල මම මැසේජ් කර කර හිටිය. ඒ උනාට මෙකි එක්ක යාලු වෙන්න බැ මොකද, මගේ අර යාළුවාත් එක්ක ඉන්න කාලේ කරන්න තියෙන ඔක්කොම කරලා ඉන්නේ. අපි කොල්ලෝ ලග රහස් නැනේ. කෙල්ලෝ එක්ක කරන ඔක්කොම කියනවා. 
" මචන් උබ මේකිට සිරා නම් කරන්න එපා " හි හි රජයේ අවවාදය. 
මාත් ඉතින් දවස් දෙක තුනක් මධු මල  හම්බෙන්න එහෙම ගියා. මහා බොලද එක්කෙනෙක්. රවට්ටලා ඇනල මාරු වෙන්න ගේමක්ම නැ. මොනවා උනත් පව් . ගොඩක් අහිංසක අක්ක කෙනෙක්. 
ඔන්න දැන් දැන් එක එකාට ප්‍රශ්න එනවා.  
අර කැම්පස් එකේ අක්ක ට මගේ යාළුවා බුට් එක තිබ්බ. උ එහෙම කිව්වට අපිට ආරංචි උනේ එකී මුට බුට් එක තිබ්බ කියල. කමක් නැ, ඒකිට අපේ ක්ලාස් එකේ ලොක්ක කෙස් දාල. ඒකලු හේතුව. උට එකේ ගානක් නැ. උට හැමතැන කෙල්ලෝ. 
අර වත්තේගම ඉන්න එක , දවස් හතරක් විතර උගේ කෙල්ල එක්ක රුම් ගානේ ගිහින්.  දැන් මුට එපා වෙලාලු. මු කරේ පොල්ල තිබ්බ එක. මාරු සීන් එක කියන්නේ අර අක්කටත් ඕන වෙලා තියෙන්නේ ඒකම තමා. 
" මචන් ඒකිට ඕන වෙලා තිබ්බේ ආතල් එක විතරයි. " , අනික මගේ යාළුවගේ අම්ම දැනගත්ත නම් උ මෙලවකට මැරිලා. 
අන්තිමට ඉතුරු උනේ  මගේ ආප්ප කඩේ යාළුවා විතරයි. 
අපරාදේ කියන්න බැ " ඒ කෙල්ල මුට බොක්කෙන්ම කරනවා ", අපිට වඩා එකක්ලුනේ වැඩිමල්. ඒ උනාට ඒකිගේ මාර ලොකු සීන් තියෙන්නේ.  මහා පණ්ඩිතයි. ඔහොම ඉන්නකොට මෙකි මට මැසේජ් කර කර කියනවා " එයාට වෙන ගැණු ලමෙක් හිටියද , " මම ගත් කටටම කිව්වා නැ කියල.  දැන් ඔහොම ඔහොම උගේ වැරදි මගෙන්  අහනවා. ඕනෑම බබෙක් ට තේරෙනවා නේ ඕවා අහන්නේ ඇයි කියල. 
ඔන්න ඉතින් හා හා පුරා කියල එකී මුට වෙසක් දවසෙම බුට් එක තිබ්බ.  
අහ අර ෆැෂන් බග් එක. එකී තාම ඉන්නවලු. ඒ උනාට මගේ ෆ්‍රෙඩ වෙන්ඩ ලෝයර් කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නේ. 
අන්තිමට අපේ උන්ට අක්කලත් එපා උනා ....... 

Friendship never Dies.... මොන බොරුද

අද නම් ඉන්නේ ෆුල් අප්සට් එකෙන් ඇ......
එක පාරටම තව එකක් ලියන්න හිතුනෙත් ඒකයි.  මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියල අපි දන්නවා.  A / L කරන කාලේ හිටපු කස්ටිය දැන් පේන්නවත් නැ. ජිවිතේ ඕනම පුරස්නෙකට ඉන්නවා කියපු උන්දලා ඉන්නවා. එත් පුරස්නේ කියනකොට ඇහුනේ නැ වගේ මග අරිනවා.  දුක තමා.  කතා කරන හැටි ඇහෙනකොට අපේ පුරස්නේ කියන්න හිතෙන්නෙත් නැ.  ඒ මට විතරක් දාන ඇක්ටින් පාරක් ද දන්නේ නැ.   මෙහෙම වෙන්නේ ඇයි..? , ඒවාට උත්තර නම් මම දන්නේ නැ. දන්නා කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාල යන්න. 
අනික තමා දැන් දැන් මට හිතෙන විදියට මාත් ඒ වගේ හිටියනම් හරි කියල හිතෙනවා. කවුරුත් ගණන් ගන්නේ නැතුව. ඒ අයට ඕනනම් අපිට කතා කරයි, ඒ අයට ප්‍රශ්නයක් අවොත් අපිව මතක් වෙයි.  ඒ අයට එහෙම ඉන්න පුළුවන් නම් ඇයි මට බැරි. මේක මිනිස්සු නැති ලෝකයක් නෙමෙයි නේ. මට ඕන තරම් අලුත් යාලුවෝ හොයාගන්න පුලුවන්වෙයි. 
අර ෆේස් බුකියේ කතාවක් තිබ්බ " Friendship never Dies " කියල වදනක්. මොන පට්ටපල් බොරුවක් ද.  පිස්සුනේ එකෙන්ම.  එහෙනම් දැන් මේ වෙන්නේ .. හි හි හි....
සමහරුන්ට නම් අලුත් අලුත් අය හම්බුනාම ලොකු සීන් දානවනේ. තොප්පිය හරි නම් දාගන්න තමා තියෙන්නේ. 
එක අතකට අර ඇමෙරිකන් කාරයින්ගේ සිස්ටම් එක හොදයි. " I am My Own Man "  ආත්මාර්ථකාමී විදියට හිතුවනම් මෙහෙම කේස් එකක් වෙන්නේ නැනේ. 

මල් වත්ත ...

නිදා ගන්න ඔන්න මෙන්න කියල ඉන්නකොට , මගේ යාලුවෙක් ගෙන් මැසේජ් එකක්,
" මචන් හෙට උදේම ටවුන් එකට වරෙන්, අපි එනවා "
ඔන්න ඉතින් මට නිකමට හිතුන හෙට ආතල් සීන් එකක් ඇති කියල. උදේ 6.15 බස් එකේ නැග්ග. බස් එකත් පිඹගෙන නුවරට අවේ. හෑ ... විනාඩි 10 න් නුවර.  වැඩි වෙලාවක් යන්නට කලින් මගේ එක යාලුවෙක් මාකට් එක ලගදි මට හම්බුනා. කෝ බන් අනිත් උන්. අහ් උන් දැන් එයි. මගේ යාළුවා අද ක්ලාස් එකෙන් වලය. අනිත් උනුත් එසේමය.  ටික වෙලාවකින් තව එකෙක් සෙට් උනේය, ඊට පස්සේ තව එකෙක් , ඔහොම මෙහෙම අපි පස් දෙනෙක් අද ක්ලාස් එකෙන් වලය.
" අඩෝ බඩගිනි යමන් කන්න, "
ඩෙවොන් එකෙන් හොදට ඇබරු අපි දැන් මොකද කරන්නේ යන අදහසින් එක එකාගෙන් අදහස් විමසන්න පටන් ගනී.
" අපි අද හොදට බොමු .. " එකෙක් ගේ අදහසය.
"පිස්සුද බන් , අපි යමන් garden එකට." 
අන්න එල වැඩේ ... හැමෝගෙම කැමැත්ත ඒ සදහා ඇති බව පෙනේ. මොකද සමහර උන්ගේ ගෙවල් වල උදවිය ටවුම පැත්තේ ඉන්න නිසා වල බැස ටවුමේ ඉන්න එක නුවනට හුරු නැ.
අපි Garden එකට යනවා කියන්නේ එදාට පෙම් සුව විදින්න එහි එන අනෙක් ජෝඩු වලට ඒ තරම් හොද කලදසාවක් නොවේ. හි හි හි.    
එදාට එය අපේ රාජධානිය බවට පත්වේ.  වෙලාවකට පව් කියලත් හිතෙනවා, 
කස්ටියම ටිකට් අරගෙන දැන් ඇතුලට ආවා. ඒ මදිවට අපේ එකෙක් විසිල් එකක් ගෙනත්. "ඔන්න බලපන් අද කරන වැඩේ." 
අපි ඔහේ වල් පල් කියව කියව යයි.  මහා ලොකු සෙනගක් ද නැත. එහෙත් තැනින් තැන ලස්සන ලස්සන ජෝඩු ඇත. එත් විශේෂ යමක් නැත.
ඔහොම ඉන්නකොට අපේ අනිත් උන් ටික වතුර බොන්න කියා කොහෙටද මන්ද කැපුනේ ඒ  අතරේය. දැන් ඉන්නේ මම විතරය . මට එහා පැත්තේ තඩි උන පඳුරක් ය.  එහා පැත්ත හැරිලා බැලුවම 
අෆ්ෆෝ මෙලෝ රහක් නැ.  දෙන්නෙක් හොදටම පෙම් කෙලියේය. පෙනුන හැටියට නම් වැඩි වයසකුත් නැ වගේ. උන් දෙන්නට මෙලොව සිහියක් නැත. කෙල්ලගේ බ්ලව්ස් එක උරඉස උඩටම ඉස්සි ඇති බව මට යන්තමින් පෙනුනි. වැඩි වෙලා එතන ඉන්න නොසිතු මම එතනින් චේදනය උනේ ටක්ගාල. 
නැවතත් සෙට් එකට එක්වූ පසු අපේ සංචාරය පටන් ගත්තේ ය. දැන් දැන් අපේ උන්ට අපි ගැන අවධානයක් නැත. ගල් මුල් , පඳුරු අස්සවල් දිහා හොදට එබිකම් කරමින් යයි.  එකෙක් දැක්කොත් අනෙකාටද පවසයි.
සමහර වෙලාවට අමුතු අමුතු සීන් යයි. ඇතැම් ජෝඩු Garden ඇවිත් පාඩම් කරයි. සමහර උන් අඩ අඩ ඉදි. සමහර උන් පට්ට නින්දේය. 
මොනවා උනත් මේකේ බලන්නට නම් බොහෝ දේ ඇත. සමහර වෙලාවට අපේ කොල්ලොන්ගේ අතීත කතා දිග ඇරෙන්නේ " තල් මාවතේ " යන විටය. මල් වත්තේ ලස්සනම තැන ඒක වෙන්න ඇති අපේ කොල්ලොන්ට. " මචන් මම අරයව වඩාගත්තේ  මෙතනදී"
අයියෝ වවුලගේ අදෝනාව ආයේ පටන් ගන්න යන්නේ , අපි හිතෙන් බැන බැන උගේ කතාවට 100 වෙනි වතාවට සවන් දෙයි. 
ඔහොම යනකොට බැලු බැල්මට පාලු මාවතක් ඇත.
අර විසිල් එකක් ගෙනාපු මිනිහ එකපාරටම එක පිඹගෙන පිඹගෙන ගියේය. 
අපි උ දිහා බලන ඉදි එත් විශේෂයක් නැත. 
ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න බොලේ  තැන තැන හැංගි හැංගි පෙම් කර කර හිටපු කස්ටිය 
ඇදුම් එහෙම හරි බරි කරගනිමින් එලියට එයි. උන් හිතල තියෙන්නේ අපි සික්කෝ කියල. මේක ඇතුලේ ඕනවට වඩා ලව් කරන උන්ට විසිල් ගහනවා. හි හි හි...
සමහර කපල් අපි දිහා බලන්නේ මාරාන කන්න වගෙය. උන්ට ඇත්තේ පට්ට තරහක්. අයි අෆ්ෆා නිදහසේ ලව් කරන්නවත් දෙන්නේ නැනේ. අපිට ඉතින් රජ මගුල් ය. අපේ උන් හු තිය තිය හිනාවෙයි.
අඩෝ පව් බන්, ඔහොම එක එක දේ කරමින් මුළු දවසම ගෙවයි.  මේ වගේ දවසක් එන්නේ කලාතුරකින් ය. ඒ ක්ලාස් එකේ බෝරින්ග් වැඩක් සෙට් උනොත් ය. 
නැවත Garden එකෙන් එලියට එන්නේ ක්ලාස් එක ඇරෙන ටයිම් එකට සමාන්තරවය. එතකොට කාටත් සැකයක් නැත. හෝල් ක්ලාස් නිසා ක්ලාස් ඇරෙන විට නැවත එන මහා සෙනගට අපි එකතු වේ, සමහරු ගෙදරට වඩා බය උගේ කෙල්ලටය. අඩුම ගානේ කිසිම සාක්ෂියක් ඉතුරු නොවේ. ටිකට් ටික පවා විසිකරයි. මම කරනුයේ අපේ ටිකට් ටික ඔක්කොම එකතු කර හොරෙන් එකෙක්ගේ බැග් එකකට දමන එකය. එවිට ගෙදර ගියාට පස්සේ උට අඹ සරණයි. ඊට  පස්සේ ඉතින් පරීක්ෂණ , සමහර උන්ගේ කෙල්ලෝ මගෙන් අහනවා " අද මෙය ක්ලාස් අවේ නැනේ? "
එතකොට අපි ඔක්කොම දෙන්නේ එකම උත්තරයය. " අයි ඇවිල්ල හිටියේ පිටිපස්සෙම, "
ඔය ප්‍රශ්න අහන්නේ මගේ යාලුවෝ ගොඩක්  තමන්ගේ වයිෆ් සමග මල් වත්තට නොයයි. මොකද අපි  කරන වැඩ ගැන අපි  දන්නා බැවිනි. අපි වගේ තව කොල්ලෝ ඕන තරම් ඉන්න පුළුවන් නේ. 


සිංහල බ්ලොග් කියවනය