Friendship never Dies.... මොන බොරුද

අද නම් ඉන්නේ ෆුල් අප්සට් එකෙන් ඇ......
එක පාරටම තව එකක් ලියන්න හිතුනෙත් ඒකයි.  මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියල අපි දන්නවා.  A / L කරන කාලේ හිටපු කස්ටිය දැන් පේන්නවත් නැ. ජිවිතේ ඕනම පුරස්නෙකට ඉන්නවා කියපු උන්දලා ඉන්නවා. එත් පුරස්නේ කියනකොට ඇහුනේ නැ වගේ මග අරිනවා.  දුක තමා.  කතා කරන හැටි ඇහෙනකොට අපේ පුරස්නේ කියන්න හිතෙන්නෙත් නැ.  ඒ මට විතරක් දාන ඇක්ටින් පාරක් ද දන්නේ නැ.   මෙහෙම වෙන්නේ ඇයි..? , ඒවාට උත්තර නම් මම දන්නේ නැ. දන්නා කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාල යන්න. 
අනික තමා දැන් දැන් මට හිතෙන විදියට මාත් ඒ වගේ හිටියනම් හරි කියල හිතෙනවා. කවුරුත් ගණන් ගන්නේ නැතුව. ඒ අයට ඕනනම් අපිට කතා කරයි, ඒ අයට ප්‍රශ්නයක් අවොත් අපිව මතක් වෙයි.  ඒ අයට එහෙම ඉන්න පුළුවන් නම් ඇයි මට බැරි. මේක මිනිස්සු නැති ලෝකයක් නෙමෙයි නේ. මට ඕන තරම් අලුත් යාලුවෝ හොයාගන්න පුලුවන්වෙයි. 
අර ෆේස් බුකියේ කතාවක් තිබ්බ " Friendship never Dies " කියල වදනක්. මොන පට්ටපල් බොරුවක් ද.  පිස්සුනේ එකෙන්ම.  එහෙනම් දැන් මේ වෙන්නේ .. හි හි හි....
සමහරුන්ට නම් අලුත් අලුත් අය හම්බුනාම ලොකු සීන් දානවනේ. තොප්පිය හරි නම් දාගන්න තමා තියෙන්නේ. 
එක අතකට අර ඇමෙරිකන් කාරයින්ගේ සිස්ටම් එක හොදයි. " I am My Own Man "  ආත්මාර්ථකාමී විදියට හිතුවනම් මෙහෙම කේස් එකක් වෙන්නේ නැනේ. 

3 comments:

Harshana said...

තමන්ගේ ගැන විතරක් බලාගෙන ඉන්න එක හොඳයි කියලා හිතුනට .... ජීවිතේ සතුටක් ලබන්න නම් අනිත් අයත් ඉන්න ඕන.

හැබැයි ඒ අයගෙන් වචනයක හරි උදව්වක් නොලැබෙන්න ඉඩ තියනවා.. ඒක ජීවිතේ හැටි(වෙනස).

හැමවිටම නැතත් ඉඳහිට හරි වැල යන අතට මැස්ස ගහනවා වගේ වැඩ අපිටත් කරන්න සිදුවේවි.

මැක්ස් පේන් said...

ඒත් අලුත් අය හම්බුනාම පරණ අය අමතක කරන එක ඒතරම් හොද දෙයක් නෙමෙයි නේ,

මාධව විදුරංග said...

ෆ්‍රෙන්ඩ්ෂිප් නෙවර් ඩයිස්............ ලෝකේ ලොකුම විහිලුව බං! මට නම් ඇතිවෙන්න අත්දැකීම් තියනවා!

Post a Comment

සිංහල බ්ලොග් කියවනය