බ්ලොග් එක ලිව්වට පසු ......

හි හි .... මාත් ඉතින් හා හා  පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තනේ..

මේකේ තියන කතා වලට සම්බන්ද අයගෙන් එක එක විදියේ කතා අහගන්න වෙනවා ඉතින්, මොනවා කරන්නද, අපේ කොල්ලොන්ගෙන් නම් අවුලක් නැ, ඒ උනාට සමහර කෙල්ලොන්ට නම් ලැජ්ජයි ලු,
සර් ගේ ගුරු ගෝල ලව් එක, මගුල් ගෙදර දා මම වෙන මගුලක,  වැලන්ටයින් , මෙන්න මේ කතා වලට ඉන්නේ එකම කෙල්ලෙක්. එයා තමා ඔය හැම එකකටම සම්බන්ද .
ඔන්න මම ලියල ඉවර වෙලා පොස්ට් එක දැම්මම , අරයට යැව්වා ලින්ක් එක මේක බලන්න කියල.
" මෝඩයා, තක්කඩියා , ගෙම්බා, " ඔන්න ආපු පලවෙනි ප්‍රතිචාර. 
" මොනවද හලෝ මගේ ඒවම දන්නේ , මට ලැජ්ජයි.. වෙන කෙල්ලොන්ගේ ඒවත් ඕකට දානවා, මම විතරද ඉන්නේ..?"
"අහ්හ් ඉතින් බලන කස්ටිය දන්නේ නැනේ මේ ඔය කියල ", " ඒ උනාට මට ලැජ්ජයි"
පුළුවන් නම් දානවා, අර සිම් එකක් නිසා මාව රවැට්ටුව එක ,"
 මම ගත් කටටම " අහ්හ් ඒකයි, තව අර ප්රෝමිසස් කෙස් එකත් දානවා"..
" අනේ එපා හලෝ"
"ඒවා කොහෙද මම කිව්වනේ මම කවද හරි ඕව දානවා කියල "....................
"ඔයා මහා නරකයි හලෝ,  මගේ චරිතේ ගාතනය කරන්න යන්නේ " 
ඒක එයා කිව්වේ සිරා නෙමේ කියල දන්නවා, කරපු කියපු ඒවා මතක් වෙනකොට ඉතින් අහිංසක ලැජ්ජාවක් හිතෙන ඒක සාධාරණයි නේ.
මොනවා උනත් එයා සම්බන්ද කතා වලට තමා වැඩිම ඉල්ලුම තියෙන්නේ, මම දන්නෙත් නැ  ඒ ඇයි කියල.  තව ගොඩක් දේවල් ලියන්න තියෙනවා , වෙලාව තමා අව්ල. කොහොම හරි ඒ කතා සෙට් එකත් ඉස්සරහට දානවා. 
ඒ අස්සේ මගේ හොද බොක්කක් මගෙන් කෝල් කරලා අහනවා  " අඩෝ උබ මගේ ඒවා දැම්මේ නැනේ ..? "
උ ඒක ඇහුවේ හොදටම බයවෙලා , උ කරපු කියපු ඒවා මේකේ දන්න බෑ.
මේ ලගදි දැම්ම " මට විතරක් ආදරේ කරන්න " 
අන්න එකට සම්බන්ද නංගි ට අප්සට් ගිහින් කියල කිව්වේ එයාගේ බ්‍රෝකර් වැඩේ කරන එයාගේ යාලුවෙක්. ඇත්තටම සොරි වෙන්න ඕන, මට ඕන උනේ මෙහෙම හරි කියල හිතේ තියන අප්සට් ඒක නැති කරගන්න.
ගොඩක් ඒවා ට්‍රයි කරා හරි ගියේ නැ .
01. කරටි කැඩෙන්න ගැහුවා .
02. ඇති වෙනකන් බඩු සීන් කරා.
03. කොල්ලෝ එක්ක පිස්සු නැටුවා.
ඒ එකක් වත් හරි ගියේ නැ . බැරිම තැන යාලුවෙක්ට කියන්න ගියා. ඒක කියාගන්න බැරි උනා.
එත් ඒ යාළුවා මේ පොස්ට් එක දැකල මට කිව්වේ    " කවද හරි ඔයාට විදවන්න වෙනවා මල්ලි " 
හොද වෙලාවට කලින් කිව්වේ නැත්තේ. නැත්තන් මගේ වචන ටික අපරාදේ. 
කොහොමෙන් කොහොම හරි දැන් ගොඩක් දේවල් සෙන්ටිමෙන්ටල් වී ගෙන යනවා.  ඒ උනාට නංගිට වඩා මල පැනල තියෙන්නේ මගේ වෙන යෙහෙලියක්ට , 
මට පුදුමේ කෙල්ලෙක් කෙල්ලෙක්ගෙ පැත්ත ගත්ත නිසා. අර යෙහෙළියට කවද හරි ඇත්ත තේරෙයි නේ. 


මටම ආදරේ කරන්න .....

මට දවස හරි හැටි මතක නැ,  උනේ මොකද කියල නම් හොදට මතකයි.  මේ ළගදි වෙච්ච සීන් එකක්.  
ඔන්න මෙහෙ තිබ්බ නේ ලොකු education exhibition එකක්. ඕක තියන්න සතියකට විතර කලින් මගේ කෙල්ල ඕක ගැන හොයල බලලා මට කිවුව අපි සිකුරාදා මේක බලන්න යමු කියල,  මමත් ඉතින් හා කියල හිටිය. 
ඔන්න මම කොම්පියුටර් ක්ලාස් එකට ගියා. මම යනකොට අර මම කලින් කියල තිබ්බ, මගේ අරයා " එක ක්‍රෂ් එකක් "   . මෙකි කිවුනනේ " අනේ ඉසුරු ඔයා මේ friday ෆ්‍රී ද..? " , " මත ගත් කටටම කිව්වා ඔව්  කියල.
හෆොයි කඩා වැටුනේ මහා හෙන ගෙඩියක් ය. " එහෙනම් මාත් එක්ක edexel බලන්න එන්න පුලුවන්ද? " 
මට කොහොම "හා " කියල කියවුනිදැයි මම දන්නේ නැත.  එත් මෙයා එක්ක දවසක් ගත කරනවා කියන්නේ හි හි ...  වැඩේ ගොඩ කියන එකය.  මම කන්න බලාන හිටපු කේක් කෑල්ල දැන් මගේ කට උඩටම වැටිලා ඉවරයි. 
දැන් මම මගේ කෙල්ලට කියන්නේ මොනවද? .. ඊලග දවසේ යමු කියන්නත් බැ.  මේ තරම් බොරු කියල තියන මට  ඕක මහා සුළු දෙයක් නේ,
" අයියෝ නංගි මාර වැඩේ නේ සුදු, මට සිකුරාදා exam එකක්  ක්ලාස් එකේ , අපි ඊලග දවසේ යමු, " හි හි , එයාට ඊලග දවසේ බැරි බව මම හොදට දනිමි. එයාට සෙනසුරාදා දවසම ක්ලාස්. 
මම මේ කරන්නේ හොද නැති වැඩක් බව දන්නවා, මේ කොල්ල කාලේ කරන පිස්සු වැඩනේ, 
දවස හරිය. අපි දෙන්නා සෙට් උනේ මාලිගාව ලග හෝල්ට් එකටය.   අරක බලන්න යනවා කිවුවට මොකද අපි එකේ  බැලුවේ හෙන පොඩ්ඩයි. මොකද අපේ ක්ලාස් එකේ ස්ටෝල් එකක් ද මේකේ දාල, හුටා
අපට උගන්නන සර් තමා එකේ ඉන්නේ, එයා දැක්කොත් මොනවයෙන් මොනවා වෙයිද ? අපි කරේ ඉක්මනට මාරු උන එකය.
ඔයාට girl කෙනෙක් ඉන්නවද ?.... "අයියෝ නැ, "
"පුදුමයි, බොරු කියන්න එපා, "...." ඇයි..? ".... 
"එහෙනම් ඔය කාටද ක්ලාස් එකේදී හොරෙන් මැසේජ් කරන්නේ ..?
හුටා දැන් දීපල්ලකෝ උත්තර,,, මම මටම කියාගත්තේ ය. 
ආහ්හ් ඒ අපේ ස්කොලේ කෙස් එකක් , ඒකයි,
ඔහොම ඇවිද ඇවිද ඉන්නකොට,   නංගිගේ ස්කොලේ ගැහැණු ළමෙක්, අපිව පහු කරගෙන ගියා, එකී  ආයේ  හැරිලා බැලුව , මටත් එකේ එච්චර ගානක් ගියේ නැත. 
දැන් තමා ලොකුම ප්‍රශ්න ටික පටන් ගන්නේ ..
හවස ගෙදර ගියාට පස්සේ මගේ නංගි  මට මැසේජ් එකක් එවල කිවුවේ හෙට උදේම එන්න කියල.
දැන් මොනවා කරන්නද? මාත් කිසි දෙයක් උනේ නැ වගේ වෙනද වගේ ගියා. කිසිම වෙනසක් නැත. වෙනද වගේම හොදට හිනා වී , අතේ එල්ලී  මාත් එක්ක කතා කරමින් යයි.
වැඩි හොද නරකට කියල කතාවක් තියෙනවා නේ..
"අයියා..?? ඊයේ කාත් එක්කද අරක බලන්න ගියේ ..?? " මට ඒ වචන ටික ඇහෙන්න ගිය කාලය  මහා අවුරුදු ගානක් මෙනි.
" අම්මටසිරි මට කියාගන්න දෙයක් නැත. මගේ පපුව ද දඩ දඩ ගා එකසිය ගානට ගැහෙයි.  මට හිනාවක් ආවේ ඉබේටමය. 
" අනේ අයියා ඔයා තව කී දෙනෙක් ආශ්‍රය කරාට කමක් නැ,  ඔයා මට විතරක් ඇත්තටම ආදරේ කරන්න pls .."
ඒ කිව්ව දේට මට මහා දුකක් දැනුනේය. මම කිසිවක් නොකිය එයාගේ අත අල්ලාගෙන දිගටම රේල් පාරේ ඇවිදගෙන ගියේ අවුරුදු ගාණක කෝමා එකකින් නැගිට ගත් පුද්ගලයෙකු මෙනි. මගේ හිතේ මහා හිස් බවක් දැනුනේය. 
මම එයාගේ මුණ දිහා බැලුවෙමි, එයා අහිංසක විදියට පුංචි හිනාවක් දැම්මත් , එයත් ලොකු දුකකින් ඉන්න බව මට සිතුනි,
මට තවමත් කියාගන්නට දෙයක් නැත, ඇයද කිසිවක් නොකියයි .
අනන්තයට යන පාර දිගේ මෙන් අපි නිහඩව රේල් පර දිගේ මංමුලා වූ දෙන්නෙක් මෙන් ඇවිදගෙන යයි.  
අපේ නිහඩතාවය බින්දේ නංගි ය. " අයියා ඔයා කාලද ඉන්නේ ? " 
දැන් මට තවත් අප්සට් ය.  මම කර වැඩේ කොයි තරම් බරපතල වැඩක් උනත් නංගි  තවමත් මං ගැන විස්වාසයක් තබන්නේ ඇයි?
මම ඒක එයාගෙන් අහන්න යන්නෙත් නැත, ඒක නොවිසිදුන මහා ගුප්ත ප්‍රස්නයක් ය.
මට තවමත් ඒ දේට උත්තරයක් ලැබුනේ නැත. මං හිතන්නේ ජිවිත කාලෙටම එයට හේතුවක් දැනගැනීමට මට නොහැකිවෙනු ඇත.

පාසලේ පැය හතර

අප කවුරුත් බලාන  ඉන්නේ බෙල් එක ගහනකම් ය. උදේ පීරියඩ් දෙක යනු අපට එපා උනම time එකකි. උගන්නන්නේ Economics , අෆෝ පට්ට බෝරින්ග්. මැඩම් ඔහේ කියවගෙන යය්, අපේ පන්තියේ උන් ඔහේ බලාගෙන ඉදි, ඇතැම් විට අලුතෙන් ඉස්කෝලෙට ආපු ට්‍රේනින්ග් මැඩම් ලා පන්තිය අසලින් යය්. එවිට යම්තාක් දුරක නව ප්‍රබෝධයක් ලබය්, ඒකත් ලස්සන එක්කෙනෙක් ගියෝතින් විතරය. " දිසානායක එලියට යන්න ඕනනම් එලියට යන්න, අහගෙන ඉන්න බැරිනම්, " මැඩම් කෑගහන්නේ වෙන එකකට නොව මගේ යාළුවා එලිය බලාන අමු මනෝ පාරක් ගහන නිසාය.  සමහරවිට කොල්ලොන්ට මල පැනපුවහම එලියට යය්, එවිට අල්ලපු  පන්තියේ පොලිටිකල් උගන්නන සර් " දැක්ක නේද ,..?? උන්ගේ තියෙන මහන්තත්ත කම. මේවා උන්ගේ අම්මල අප්පලගේ වැරදි " අපට ඉතින් කුණු බැනුම් අහන්න වෙය්, 
යන්තන් ඇති බෙල් එක ගැහුවා, " අහ් දැන් ඔයා යන්න , අපට වද නොදී,..?" මට එහා පැත්තේ ඉන්න එකා මැඩම්ට ඇහෙන්නම කියය්. මැඩම් ද ඒවායේ ගානක් නැත. ඕවා සාමාන්‍ය දේවල් ය. එවිට මැඩම් " අහ් උබල ඔහොම හිටපල්ලකො, අපේ වටිනාකම තේරෙන්නේ පස්සේ උබලට. " ....
නම් ලකුණු කර මැඩම් යනවත් සමග ඇරඹෙන්නේ කෑම කන එක වෙලාවක් ය. අපට කන්න බොන්න වෙලාවක් නැත, හිතෙන හිතෙන වෙලාවට කය්.  සෙට් එකක් වටවී හොදටම අබරය්. අල කැලි, බෝංචි කැලි , වට්ටක්කා කැලි බිම දිගේ රෝල් වේවි යය්, ඇතැම් අවස්ථා වල කන්නට බත් නැත, බත් එක බිම ය. හැමෝම පහර දෙන්න බලාන ඉන්නේ මස් කෑල්ලට හෝ බිත්තරයට ය, 
වාසනාවන්තය ට එය හිමිවේ, 
කෑම කා අත හෝදන්න යන වෙලාවට අපේ කොල්ලෝ ඔක්කොම මාර කැමැත්තක් දක්වය්. හෙහෙ ,
ටැප් එක තියෙන්නේ නැටුම් කාමරය ලගය. ළගදි නැටුම් වලට ට්‍රේනින්ග් මඩම්ලා දෙන්නෙක් ඇවිත්. පට්ට ලස්සනය.  මගේ යාලුවෙක් හොද වර්ණනාවක් දුන්නේය " අඩෝ මචන් කියල වැඩක් න, පට්ට කැලි දෙක,  අරව එහෙම මෙහෙම බන්, දැක්කම පිස්සු හැදෙනවා, "
" හ්ම්ම්ම් ,,, නැටුම් නේ කරන්නේ , ඒවා ඒ නිසා හොදට හැදිලා ඇත්තේ, ගානට ශේප් වෙලා, " මේ කතාව නිහඩව අසා සිටි තව එකෙක් කීය.  
අපේ පන්තිය  තිබුනේ මරු තැනකය, ඒ කියන්නේ අපේ පන්තිය වටේට ලොකුම ලොකු බැල්කනියක් ඇත, ඒ මදිවට එකට යකඩ වැටකුත් ගහල, අපටම කියල හැදුව වගේ,
නැටුම් කාමරේ තියෙන්නේ බැල්කනියට යටට වෙන්නය, ඕෆ් වෙලාවක් තිබ්බොත් අපේ වැඩේම ඔතනට වී වල් පල් කියව කියව ඉදීම හා එතනින් යන විද්යාපීට මැඩම් ලට උසුළු විසුළු කිරීමය,  සමහර උන් " අහ්හ් අක්ක ? ...."       ඒ මැඩම් ලට  කරන්න කිසිම දෙයක් නැත, අපේ කතා අහගෙන බිම බලාගෙන යය්,  
ඔහොම ඉන්නවිට, දැන් එළඹ තියෙන්නේ සිංහල පීරියඩ් එකය, අපේ ගොඩක් කොල්ලෝ ආසම විෂය, මොකද අපේ සර් වැඩි හරියක් කරන්නේ විහිලු කරමින් එක එකා ව බය්ට් කරන එකය, අපටත් අල්ලන්නේ ඒ වගේ වැඩ නිසා අපේ ආසම ටයිම් එක මේකය. 
" දැන් බලනවා අයිසේ , තමුසෙලා යාලුවෙනවානම් හොද මොලේ තියෙන කෙල්ලෙක් එක්ක යාලු වෙනවා,  පේනවනේ අර එක ඉස්කෝලෙක කෙල්ලෝ වගයක් , අර සුපර්ස්ටාර් කියල හිතාන ඉන්න එකෙක්ගේ දාඩිය ඉබින්න ගිහින් නෝන්ඩි උනා, ඇයි යකෝ මුන්ට මාර පිස්සුවක් නේ, " 
ඔන්න ඕවා තම සිංහල, ............
ඔන්න ඕවා ඉවර වෙන කොට පීරියඩ් ඒකත් ඉවරයි. 
පන්තිය ඇතුලේ කොල්ලෝ ඉන්නේ ටික දෙනයි. ඉතුරු උන් ටික බැල්කනියට වී මොනවදෝ කියවනවා, මටත් කරන්න වැඩක් නැති නිසා එතනට සෙට් වෙන්න ගියා
අහ්හ් එල , මෙතන යන්නේ රස කතාවක් ය, අපේ එකෙක් කෙල්ල එක්ක ටුවර් එකක් ගිහින්, ( ටුවර් එක කියන්නේ , ක්ලාස් කට් කරලා දෙන්න එක්ක බස් එකක නැගල කොහේ හරි ගිහින් එන එකය, )
ගොඩක් වෙලාවට අපේ උන් ගේ තේරීම වන්නේ නුවරඑලිය යි.  උ දැන්  කතාව පටන් ගනී, " නෑ බන් , අත ඇල්ලුවේ ටික දුරක් ගියාට පස්සේ, එක පාරට මේකිත් ෆෝම් වෙලා මගේ බඩ අතගානවා. , " ඈ,, යකෝ එළනේ ඊට පස්සේ මොකද උනේ, " දන්නවනේ ඉතින් , මේකිත් ඔක්කොම මට දුන්න බන්, පස්ට ඈ .. " 
අපේ උන් කටවල් ඇද කරගෙන කතාව අසාගෙන සිටි.  ඔහොම උ එකිත් එක්ක කරපු හැම මගුලක්ම මාර වර්ණනා දමා අප වෙත දිග හරි,  මම ඒ ගැණු  ළමය දැක ඇති නිසා මට එය සජීවී ලෙස මගේ ඔලුව ඇතුලේ මැවී පෙනෙයි. " අම්මටසිරි " මම මටම කියාගත්තේ ය. බොහෝ වෙලාවට රස කතා දිග ඇරෙන්නේ සඳුදා දවස් වලටය, මොකද සති අන්තේ ක්ලාස් නිසා ඒ දවස් වලට ටුවර් වැඩි. ඔහොම හැම එකාම කෙල්ල සමග කර දේවල් දිග අරි, තව එකෙක් හොරෙන් කෙල්ලගේ ගෙදර  ගොස් ඇත. " අඩෝ අවුලක් උනේ නැද්ද..?... මොකද නැත්තේ බන්, ඒකිගේ අම්ම ආවනේ කාමරේට , මම හිටියේ හොද වෙලාවට ඇද යට බන්,"ඒ විතරක් නම් කමක් නැ බන් , ඊට පස්සේ ඒකිගේ මල්ලි බෝලයක් උඩ දදා  කාමරේට ආව, මුගේ අතින් බෝලේ වැටිලා ඇද අස්සට ආවනේ, මගේ අත ලග .. හොද වෙලාවට අරය පොඩි එකාට බැනල එලවගත්ත , නැත්තන් මට අඹ සරණයි බන් "
හි හි හි .. අපි බඩ අල්ලන් හිනා වෙයි.   මම යන්නේ හවස 6 ට විතර, ගිය ගමන් කෙලින්ම පිටි පස්ස දොරෙන් ඇතුලට යනවා, අරකි මාව ඇද අස්සට දාල , ඒකි කන්න යනවා, " .. ඊට පස්සේ තව තව හොද හොද ඒවා කියනවා, අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. මේව අහල ඊට පස්සේ ඒ කෙල්ලොත් එක්ක කතා කරද්දී නිකන් මොකද්ද වගේ, ඇයි අෆ්ෆා මුන් ඉන්නේ නිකන් පත්තිනි අම්මල වගේ නේ,
රස කතා සාගරේ දිග ඇරිගෙන යනකොට , ඉංග්‍රීසි උගන්නන මැඩම් ආවේය,  නමුත් එකෙක්ටවත් ඒ ගැන උනන්දුවක් නැත.  අඩුම ගානේ කියනවනම් මැඩම් ටද අවුලක් නැත, මම හිමිට ජනේලෙන් එබී බැලුවෙමි. පන්තියේ සිටින්නේ එකම එකෙක් පමණි. හරි අවුලක් නැ, ඔන්න ඉතින් අයෙත් පටන් ගත්ත.  ඔහොම ඉන්නකොට අපේ අංශ භාර මැඩම් , ........
එකෙක් ඈත ඉදන් දුවගෙන එයි. මොකද බන් ? " අඩෝ සිල්වා මැඩම් එනවා දුවපන් , දුවපන් ", එක එකා හිස් ලු ලු අත දුවයි. ඇතැමෙක් රිංගන්නේ ටොයිලට් එකටය, 
තව සෙට් එකක් මේන් හෝල් එකට දුවයි. , තව සෙට් එකක් පුස්තකාලෙට ....... හි හි හි හි ..
මට කරගන්නට දෙයක් තිබුනේ නැත. එහා පන්තියේ කොල්ලෝ නිකන් ඉදි, උන්ට සර් කෙනෙක් නැද්ද කොහෙද, මම කෙලින්ම දිවුවේ එහා පන්තියටය. ගිහින් අලුතෙන් අපු කොල්ලෝ ටිකක් අස්සේ ඔවුන් සමග කතාවක් දාගෙන හිටිය. සිල්වා මැඩම් ඇවිත් අයෙ හැරී ගියේය. තත්වය සන්සුන් වූ පසු නැවත කස්ටිය හිටපු තැනටම සෙට් වෙයි.  
ඔහොම ඉන්න විට , මගේ හොද යාලුවෙක්, "මචන් 12 ට යමු හරිද, ..? " ... මාත්  " හා හා යමු බන් .." හැමදාම ඉස්කෝලෙන් වල බහින්නේ අපි දෙන්නය, සමහරවිට තව මගේ අනෙක් පන්තියේ යාලුවෙකුත් සෙට් කරගන්නේය.  අහ්හ් ( වල බහිනවා කියන්නේ ඉස්කෝලෙන් කලින් පනින එකට) ... 
ඔන්න දැන් 12 ට ලගයි, මම ශේප් එකේ ගිහින් අපි හොරෙන් පනින තැනට ගොස් වට පිට බැලුවේ , සර් කෙනෙක් එහෙම ඉන්නවද කියාය. හොද වෙලාවට කවුරුත් පේන්න නෑ . මම ඉක්මනට පණිවිඩය මගේ යාලුවෝ දෙන්නට දුන්න ගමන් , බැග් ටික අතට අරගෙන හිමිට හිමිට වල ලගට කිට්ටු කරනවා, 
අපේ සමහර යාලුවෝ අපිව බය කරන්න හයියෙන් කගහයි. " මෙන්න සර් මුන් පනිනවෝ" .. එවිට මගේ යාළුවා හොද හුප්පද දෙකක් කියමින් අරූ ට  ස්තුති කරයි.  
වල ලගට කිට්ටු උන ගමන් ආයේ  පසු බැසීමක් නැත. පිටුපස නොබලා දුවයි,  දඩ දඩ දඩ ..                  හෙන සද්දයක්
කෙලින්ම දුවගොස් බැම්මේ එල්ලෙයි. බැම්ම අඩි 10 ක් විතර උසය. බැම්ම දිගේ බඩගාගෙන ගොස් බිමට පනින්න පුළුවන් ලේසිම තැන තෝරාගැනෙන්නේ ඉබේමය. වෙන කිසිවක් නිසා නොව , තිබෙන බයටය. 
ඉස්සෙල්ලම එකෙක් පැනගයි, ඊළගට මම,. ඊළගට අනෙකා.. 
පට්ට පට පට ... දැන් අපි කිසිවක් නොවූ ආකාරයට, ආතල් එකේ සෙමෙන් සෙමෙන් goodshed එක පැත්තට ගාටයි, ඉස්කෝලෙන් පැන්නට මොකද ගෙදර එන්න හදිස්සියක් නැත. 
මේක තමා ගොඩක් වෙලාවට A / L පන්තියේ කාල සටහන. එහෙමමත් දවසක තමා කලින් ගෙදර නොයා ඉන්නේ, 
වල බහින එකෙත් මාර සිස්ටම් එකක් තියෙනවා, එක පස්සේ වෙලාවක කියන්නම්කො...... 

මගුල් ගෙදර දා මම වෙන මගුලක ...

ඒ 2011 ජනවාරි 26 , 
අපේ ගෙදර අය මගුල් ගෙදරක යන්න දැන් සති ගානක ඉදන් ලෑස්ති වෙනවා, අපෝ මල ඇනයක් නේ, 

ඔය අතරේ මම සති ගානක ඉදන් plan එකක් ගහනවා මගුලට නොයා කට්ටි පනින්න, 
අම්මා ඇති යන්තන් මම ගානට අමුණලා කරලා නයෙක් අරිය , " අම්මි මට එදාට ඉස්කෝලෙන් එන්න කිව්වා අස්වීම ගන්න, ඒ නිසා කොහොමත් යන්න වෙනවා" .. 
ගෙදර අයත් ගානට ඒක ගිල්ල...
දැන් ඒ දවසට වැඩක් දාගන්නත් ඕනෙනේ. මගේ හොදම යෙහෙලියක්  එක්ක දාගත්ත අපොඉන්මන්ට්  එකක්. මට එයාව කොහොමත් හම්බෙන්න ඕන කමක් තිබ්බ. මොකද එය මම නිසා එයාගේ තාත්තා ගෙන් හොද කනේ පාරකුත් කල ඉන්නේ, ඉතින් එකට සමාව ගන්නත් ඕනෙනේ. පුදුමය් එය හා කිව්වා මාව හම්බෙන්න.  
ඔන්න ඉතින් දැන් දවස හරි, අපේ ගෙදර කස්ටිය උදේ පාන්දර ගියා.  මට නැගිටුනේ අරයා දුන්න කෝල් එකක් නිසා. " හෙලෝ නැගිටිනවා , ඔහොම නිදාගන්න එපා, මට ජෙල. " ඒක හරි කතාවක් නේ .. " ඔයානම් හොදට නිදි. මම පාන්දර ඉදන් ඇහැරිලා. " 
එකට ඉතින් මම පලිද..?
මම ඒක එයාගෙන් ඇහුවේ නැ.
"ඒවා මම දන්නේ නැ , 9 ට kcc ඒක ලග  අපේ ක්ලාස් ඒක ලගට එන්න."  
ඔන්න ඉතින් ඕඩර් දෙනවා , මොනවා කරන්නද ? නොයා බැනේ, 
ඔන්න ඉතින් මම 9 වෙනකොට ආව.  
කෙල්ලොන්ගේ පුරුද්ද, වෙලාවට වැඩ නොකරන ඒක.. තාම නැ. මට දැන් නම් ඉතින් මල පනිනවා. විනාඩි 45 පහකටත් වැඩි තම නැ,  මොන මගුලක් ද. ?
අහ්හ් අර එන්නේ, ඇතින්, හිනා වේවි එනවා, හරියට නිකන් අවුරුදු 6 ක විතර පොඩි ගැණු ළමෙක් වගේ ඇඹරි ඇඹරි , මොනවා උනත් මාර ලස්සනක්, හෙහෙ එත් කවදාවත් මම ඒක මුනට කියල නැ, කවදාවත් එහෙම කියන්න හොද නැ, එතකොට ඒ ගොල්ල ටිකක් උඩින් යන්නේ, ඒ නිසා හිතේ තියාගෙනම හිටිය. 
" අනේ බලන්නකෝ බස් ඒක හිමිට නේ ආවේ" ගැසුවේ අමු කෙප්පයක් බව දැනගත්තත් මම කරබාගෙන හිටිය.  " මේ මම ක්ලාස් එකට ගිහින් එන්නම්, අද ප්‍රැක්ටිකල් නේ " 
ඒවා හදේ, මම හිතෙන් මුමුනමින් ඉන්න විට , එය මගේ මුණ දිහා බලාන හිනා උනේ මම යන්න දෙන්නේ නැති බව දැනගෙන වගේ. 
ඔහොම ඉන්නකොට " කොහොමද දැන් කන..?" 
"ඔයාට විහිලු, තාත්තා එදා ඉදන් තම මාත්  එක්ක කතා කරන්නේ නැ. "
ඒක උනේ මගේ වරදින්ය. ජනවාරි 31 එය මාව හම්බෙන්න ආව, එහෙම ඉන්නකොට මම යන්න දෙන්නේ නැතුව  වල්පල් කියා කියා හිටිය, අන්තිමේට අපි කාටත් නොදැනීම වෙලාව හවස 5 වෙලා,  අනේ මම යනවා හොදටම වෙලා ගිහින්, මාත් ඉතින් හා කියල යන්න දුන්න,
" හවස 6 විතර වෙනකොට මෙන්න බොලේ මට මැසේජ් එනවා " මම ඔයාට කිව්වා නේද , දැන් හරිනේ මට හොදටම බනිනවා..?" ඒ වෙලාවේ මම හිටියේ යාලුවෝ සෙට් එකක් සමග ආතල් එකක් දමමින්ය. 
අෆෝ මල මගුලය්, මාත් බොරුවට අය්යෝ මම නිසානේ මෙහෙම උනේ කියල කිව්වා. ඒ උනාට ඉතින් මගේ හොදම යාලුවට උන මේ ඇබැද්දිය නිසා ටිකක් දුක හිතුන. යාලුවෝ උනාම එහෙමනේ, 
ඔන්න දැන් ඉතින් පටන් ගත්ත, අපේ සංචාරය, " අනේ මට ඇවිදින්න බෑ", හැමදාම ඔය බනේ කිවුවට එයා මම යන තැනම පස්සෙන් එනවා.  මට බැන බැන ම එනවා. 
ඔන්න ඔය අතරේ මගේ යාලුවෙක් , " අඩේ මචන් උබ කොහෙද ..? " , මචෝ මම වැව රවුමේ , අඩෝ මම ඉන්නේ .......... ඒක ඒ පැත්තේ තියන ප්‍රසිද්ද බවුද්ධ පාසලක්. 
මම ඇහුව උබ මොකද එතන කරන්නේ කියල,  මොනවා කරන්නද  මමත් මිනිහ එන්න කියපු නිසා එතනට ගියා. මිනිහගේ කෑල්ල ඉන්නේ ඒ ඉස්කොලේ , එයත් අද ලිවින්ග් ඒක ගන්න අවිල්ලලු.  අරු අතන බංකුවක් උඩ ඉදගෙන අමු කට්ටක් කනවා.  විනාඩි පහෙන් එනවා කියල ගියාලු, තාම නැල්ලු.උගෙත් එක්ක චැට් එකක් දමා ටික වෙලාවකින්  පිටත් උනේ අපේ සංචාරය යේ පටන් ගන්නය. දැනටම කිලෝමීටර්  4 ක් විතර ඇවිද්ද මයේ හිතේ. අපේ අම්මල මේක දන්නවනම් ඉතින් මගේ මල ගෙදර තමා,  මගුල් ගෙවල් පැත්තක තියෙය්.  මෙහෙම ඉන්න තියෙනවනම් ජිවිතේ කොච්චර සැහැල්ලුද. අනික වෙලාව යනවා දැනෙන්නෙත් නැ,    කොහොමෙන් කොහොම හරි එයා අද ක්ලාස් එකෙන් වල ,  එයාගෙත් ඒකට අකමැත්තක් නැ, කෙල්ලෝ නේ, හොර වැඩ කරන්න දක්ෂයෝ නේ,  අපි ඔහේ ඇවිද ඇවිද නුවර නගරේ ඇවිද ඇවිද දවස ගෙවාගන්න ෆුල් ට්‍රය් ,  එකම එක තැනින් විසි පාරකට වඩා යනවා,  
අෆ්ෆා කොහොම හරි දවස ගෙවගත්ත. යන්තන් ඇති, මගුලට වඩා සිය දහස් ගානක් හොදය,  , හවස 2 ට විතර එයාව බස් ඒකට දාල මාත් ගෙදර ආව, ටික වෙලාවක් යන්න කලින් අම්මලත් ආව, 
" අස්වීම ගත්තද? " , නැ තාම මම ෆෝම් ටික දීල ආව, 
එතකන් ගත්ත ෆෝම් එකක් වත් අස්වීමක් වත් නැත. මම ගියපු මගුල ගැන අම්මල අද වෙනකම් වත් දන්නේ නැත. දන්නවනම් අද මම ජීවතුන් අතර ද නැත. 
අද වෙනකොට තත්වය වෙනස් වෙලාය,   අපට මෙසේ කාලය ගත කිරීමට  වෙලාවක් නැත, හැමදේම වෙනස් වෙලාය, නමුත් යාළුකම  එසේම පවතී, 
කාලය මැවූ වෙනසක අරුමේ,
ඇඩෙනවා තනි ඇහැට. 
මේ අතර අර මගේ කටු කාපු යාළුවා, මට එදා රෑ මැසේජ් කර කිවුවේ උගේ ලව් එක නතර කරන බවය.  මිනිහ පැය හයක කට්ටක් කාල. මේ ලදී මට මිනිහව නැවත මුණ ගැහුනා, අර කට්ට දීපු කෙල්ල එක්ක මිනිහ තාම ලව් එකේ, ......

VALENTINE ...

ආහ්... අද පෙබරවාරි 14 නේ... උදේ පාන්දර නැගිටිනකොටම මතක් උනේ ඒක.. මට මොන වලන්ටය්න් ද. අල්ලපු ගෙදර අක්කට වැටෙන් ලය්න්. 
අද නම් ආතල් කතාවක් කියන්න නෙමේ යන්නේ.  ඇත්තම කියන්නම් කෝ, මේ පාර මට ලව් කරන්න කෙල්ලෙක් හිටියේ නැ. ඒ නිසා මේ පාර වලන්ට්ය්න් තනියම.
හැමදාම වගේම, හේ හේ හේ හේ...
අම්මෝ අද ක්ලාස් .. මම  පටස් ගාල ලෑස්ති වෙලා පාරට බැස්සේ අද  හොද දවසක් වෙය් කියල හිතාගෙන. 
බස් එකෙන් කෙලින්ම ගියේ මාකට් ඒක ලගටය, එතනින් බැහැල මහකන්ද බස් එකේ නැග්ග. වෙනද වගේම කැම්පස් කස්ටිය වගේම වෙන වෙන අයත් එකේ ඉන්නවා.  
දිගු දෑස දුටුවම
හැගෙනවා පෙර සේම, 
..... හේ හේ හේ අෆෝ උදේ පාන්දරම යන්නේ මහා බූට් සින්දුවක් නේ.  බස් එකේ කොන්දා තව තව සද්දේ වැඩි කරනවා, 
කොන්දා හොද බූට් එකක් කාල වගේ, 
ඔහොම මෙහෙම වෙනකොට ක්ලාස් ඒක ලගටත් බස් ඒක ඇවිල්ල. 
අෆෝ මනෝ පාරක් ගහගෙන ඇවිත් මම හෝල්ට් දෙකක් පහු කරගෙන ගියා .
අද නම් මහා බෝරින්ග් දවසක්. ක්ලාස් එකට ගියපු ගමන්ම බැලුවේ මගේ හේ හී ... මගේ අරයා ඇවිත් ඉන්නවද කියල.එයත් තම නෑ.  කැරකෙන පුටුවේ කැරකෙමින්  පැය බාගයක් විතර ඔහේ ගත කරේය. මෙලෝ රහක් නැ. 
අෆ්ෆා ඇති යන්තන් පටන් ගත්ත. සුළු මොහොතකින් පට්ටම සුවදක් ,, මට ඒ සුවද හොද හැටි පුරුදුය්, එය වෙන කාගෙවත් නොවේ , මගේ ක්‍රෂ් එකේ සුවදය.  සුවර් එකටම ඔරිජිනල්  ෆ්‍රාන්ස් සෙන්ට් එකක්.   ඇය අද ලස්සනය, වෙනදට වඩ ගොඩක් ලස්සනය. ඇගේ කම්මුල් දෙපැත්ත රෝස පාටවී ඇත. ඒ ලැජ්ජා නිසා නොව ඒ ඇගේ ලස්සනය ,කොන්ඩේ ලේයර් කරලා.  තොල් පෙති නිකන් ඇන්ජලිනා ජොලි ගේ වගේ.  
මල කෙලියය් . මම වැරදිලා ඉදගෙන තියෙන්නේ එයාගේ පුටුවේ. අම්ම ගහය්. එයා මම ලගට වී බලාන ඉන්නවා. මට කතා කරගන්න බැරුව.  දැන් මගේ මුණ දිහා බලාන ලෝකේ තියෙන ලස්සනම හිනාව දැම්ම. මගේ හිත ගන්න පුළුවන් උනේ එක්කෙනෙක් ගේ හිනාවකට විතරය්. දැන් ඒ රෙකෝඩ් ඒක ඉවරය්.   දැන් මෙයා.  මම ඉක්මනට නැගිටිලා මගේ පුටුවේ ඉදගත්ත. 
"Mr . ඉසුරංග  දැන් අපි ක්ලාස් එකට එමු නේ.? ". මගේ සර් මට චාටර් නෝන්ඩියක් දැම්මේය. 
ක්ලාස් ඒක ඔහේ ඇදීගෙන ගියේ කෙසේදය් මමවත් නොදනී, 12. මම ක්ලාස් එකෙන් පැන ගත්තේ , ගෙදර ගොස් මැච් ඒක බලන්නය.  මට මැච් එකක් තිබුනොත් සියල්ල අමතක වේ.  හුටා අරයට කතා කරන්න මතක් උනේ ටවර් ඒක ලගට අවට පස්සේ. 
මැච් එකත් ඉවරය්. ඔහේ කම්මැලි කමෙන් හිටි මම මගේ ජිවිතයේ වෙනස් නොවුන යාලුවෝ දෙතුන් දෙනා අතරින් ඉන්න ගැහැණු ළමයෙක්ට මැසේජ් එකක් දැම්මේ 
" මේ මට කිස් එකක් දෙන්න බැරිද..? " 
පටස් ගාල රිප්ලය් අවේ " අනේ බැනේ මටත් නැනේ :( "
" බොරු කියන්න එපා, සත හතලිහය් නේ යන්නේ "
" මම ඇත්ත කියන්නේ අද දවසම වලි, මම හොදටම අඬල ඉන්නේ, " .. අෆෝ  මුන්ට ඒක දවසක් වත් හොදින් ඉන්න බෑ.. 
හොදම යාළුවා උනත් පවුල් ප්‍රශ්න වලට අත දන්න හොද නැ. මම මගේ පාඩුවේ ගනන් නොගෙන හිටිය.
ඊට පස්සේ තව මගේ යාලුවෙක් ට මැසේජ් එකක් දැම්ම. උත් " මචන් වැඩක් නැ බන් .. එකී මට කියනවා වෙන කෙල්ලෙක් හොයාගන්නලු "
..  තව එකෙක්ට මැසේජ් කරා.. " වැලේ වැල් නැ බන් " 
මම කල්පනා කරා බැලුවෙමි ..
අන්න මගේ ගජ මිතුරා යකා මීයට මැසේජ් එකක් දැම්ම.
මිනිහ දැන් තනිකඩයෙක් ලු..
" මචන් වරදක් නැ බන්, අද දවස ෆිට් "...මම ගනන් හදා බැලුවෙමි,  අදර සම්බන්දයක් තියෙන අය ට අද රටේ නැති ප්‍රශ්න, 
තනිකඩයට මෙලෝ අවුලක් නැ. 
එකට හේතු දන්නේ නැ , ඒ උනාට, අද ගොඩක් මිනිස්සු ආදරේ ජිවිතේ කරගෙන ඉන්න නිසා තමා ඔය ප්‍රශ්න ඇති කරගෙන ඉන්නේ. අපි ආදරේ කරන්න ඕන . එකෙත් සීමාවක් තියෙනවා. මොකද ආදරේ කරනවට වැඩ මේ ලෝකේ ඕන තරම් අපට ඕන කරන දේවල් තියෙනවා , අපි රස්සාවක් හොයාගන්න ඕන, ඉගෙන ගන්න ඕන, යාලුවෝ ඇති කරගන්න ඕන.,
එත් ගොඩක් යට ආදරේ ජිවිතේ කරගත්ත නිසා යාළුවොත් නැ, ඔලුවට කිසිම සතුටක් නැ. 
මම මේ කියන්නේ  ආදරේ නොකර ඉන්න එපා කියල නෙමේ. අපි හැමෝටම ඒක ඕන අනිවාර්ය දෙයක්. එත් ඕක ජිවිතේ කරගන්න ගිහින් අමාරුවේ වැටෙන ඒක නම් මහා බොලද වැඩක්. 
සමහරුන්ට යාලුවෝ නැ.
සමහරුන්ට සතුටක් නැ.
සමහර අය මැරෙන්න යනවා,
සමහර අය දවසම අඩනවා, 
 ඒවා දැක්කම මට  " ඇඩෙනවා තනි ඇසට " ... 
අනුන්ට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරන්න....


පංතියේ සවස ජවනිකාව

මේකත් ඒ ලෙවල් කාලේ  සිද්දියකි....
       වෙනද වගේම සර් කෑගසමින් උගන්නය්. අපි ඔහේ අපේ වැඩක් කරමින් පිටි පස්සට වී සිටි. එකෙක් කෙල්ලට මැසේජ් කොටය් , අනෙකා කෙල පෙරමින් නින්දේය. තව එකෙක් කණුවට හේත්තුවක් දා ගෙන මනෝ පාරක් ගසමින් බොරුවට සර් ගේ මුණ දෙසම බලාන ඉදි. තව එකෙක් අනෙත් පැත්තේ ඉන්න කෙල්ලෝ දිහා බලාගෙන උන්ට විහිලු තහළු කරමින් සතුටු වේ, මමත් ඔහුටම සහය දෙමින්  කාලය කා දමමින් ඉදි. අපි දෙදෙනා එක ගැහැණු ළමෙක් ට හොද හැටි විහිලු කරමින් සිටි.  කරන්නෙත් මහා ලොකු වැඩක් නෙමේ. ඒ කෙල්ල දිහා බලමින් අපි දෙදෙනා බොරුවට සිනා සෙමෙන් සිටි. අයටත් මේක මර ප්‍රශ්නයකි , ඇය විටෙන් විට අගේ ඇදුම හැදය්.  දැන් නම් ඇයට  ඉන්නම බැරිය. බැරිම තැන ඇය  " අනේ සර් බලන්නකෝ අර දෙන්නා හිනාවෙනවා "..
ඔහොම මෙහෙම එක එක පිස්සු විකාර කරමින් ඉන්න විට, එකෙක් ගේ කෙල්ල කඩ්ඩෙන් මැසේජ් එකක් එවල, මුට ඒකට රිප්ලය් ගහගන්න තේරෙන්නේ නැ...  පොරටත් හෙල්ප් එකක් දෙන විටම පංතිය  අහවර විය. දැන් නම් පට්ට සතුටු ය..
දැන් තියෙන්නේ සමුගන්න එකය.. එහෙත් අපි හතර පස් දෙනෙක් දිගටම පංතියේ රැදී සිටි. ඒ විසේස වැඩකට නොව එය අපේ පුරුද්දක් ය. පන්තියට වී එක එක පිස්සු වැඩ කරමින් සිටි, සින්දු කියය්, අමුතු අමුතු ඩාන්ස් දමය්,  ෆෝන් වලින් බ්ලුටූත් කරය්....  සමහරු කෙල්ල එනකම් ඉදි. 

ඔය අතරේ මමය් තව මගේ යාලුවෙක් කන්න දෙයක් හොයාගෙන කඩේට ගොස් ආවේය. අපි එනකොට අනෙක් දෙදෙනා පංතියේ නැත.  ටික්කා ගෙන් අසු විට ඇයද කිවේ දන්නේ නැ කියල..
"අඩේ කෝ බන් මුන්..? ""දන්නේ නැ බන් " ...  අපි දෙන්නා කඩල කමින්  බංකුවක් උඩට වී සිටියේය..  අපේ පංතිය ගෘප් ක්ලාස් එකකි, මෙහි විවිදාකාර ක්ලාස් තිබේ, 
ඔය ඉන්න අතරේ අනෙක් පංතියේ කෞරුන්දෝ කොදුරන හඩක් අසුනේ අපි දෙන්නා පුදුම කරමින්ය..  මම කරේ පංතියේ තිබුන කාඩ්බෝඩ් එකේ හිලකින් බලනා එකය. මට මගේ ඇස් අදහගැනිමට නොහැකිවිය,  සුවර් එකටම මගේ ඇහේ බබා 30,000 වතාවක් ලොකු විය,  හැ හැ හැ  හැ .....
මම තවත් වතාවක් බැලුවෙමි. ,
" මචන් .. ඉක්මනට වරෙන් ඉක්මනට........ " මම මගේ යාලුවට කතා කරේ මට මාවම සුවර් නැති නිසාය,  " බලපන්කො අරු " මම මගේ යාලුවට ඉඩ දුන්නෙමි,
"අම්මටසිරි.. යකා... හේ හේ හේ .. " 
සිද්ද වෙමෙඉන් පැවතුනේ අපේ  හොදම යාලුවෙක් හ ඔහුගේ කෙල්ල පන්තියක් ඇතුලේ පෙම් කෙළිමින් සිටි.. ඔවුන් දෙදෙනා ට ඉන්නේ කොහෙදවත් කියා මතක නැත..  අපි දෙන්නට දැන් මැරෙනකන් හිනා.. 
නමුත් ඔවුන්ට බාධා නොකරන්නට වග බලාගත්තෙමු.  කොල්ල කාලේ නේ... ඒ නිසා අපි දෙන්නා වටෙන් ගොස් තව හිලක් සාදා එකෙන් බලන්නට පටන් ගත්තෙමු,  එක මහා කැත වැඩක් බව දැනගත්තත් වයසේ වැරැද්ද නිසාද කොහෙද එහෙම කරේ...  ඔයාල එහෙම කරන්න එපා.
ඇය හ මගේ යාළුවා එකිනෙක බදාගනිමින්, සිප ගනිමින්  පෙම් කෙලියේ තවම යෙදිමින්සිටි. ..  ඔවුන් කතා නොකරය්, දිගටම ඔවුන්ගේ වැඩේ ...
ඇත්තටම දැන් වැඩේ සීරියස් ...විදගෙන යය්.. අපි දෙන්නත් යුද්ධ හමුදා විශේෂ බලකායේ සෙබළුන් දෙන්නෙක් මෙන් හුස්මවත් නොගෙන, අඩුම  ගානේ මීක් කියන සද්දයක් වත් නොදා වැඩේ වෙන සැටි නිරික්සනය කරමින්  සිටි..  හොදම වැඩේ කියන්නේ මගේ යාළුවා අර කුඩා හිලට ෆෝන් එක තියල ඒක රෙකෝඩ් කරය්, එය දුටු මට සිනහව නවත්තගන්න බැරි විය . අපි දෙන්නා සිනහ උන පාරට  අපි කකුල තියාන හිටපු බංකුව පෙරලි ගියේය, " දඩස් ".. එය සුවර් එකටම මුළු හෝල් එකටම ඇසුනි. අපි කරේ සෙරෙප්පු දෙක අතට අරන් දුවපු එකය, දුවන ගමන්ද කොක් හඬලා  සිනවෙය්,  ..... 
ඉක්මනින් පසු බැස්ස අපි, අවට නිරික්සනය කරමින් බැලුවේ අපේ වැඩේ ගැස්සී අත්දැය් බැලීමටය,  ක්ලාස් එකේ ටික්කියක් විතරක් ඇවිත් මොකද්ද පෙරලුනේ කියා ඇසුවේය..  අපි බොරුවට හන්ඩ්ස්ෆ්රී කනේ ගසාගෙන සින්දු අසමින් සිටින බව අගේව්වෙමු.
මම නැවතත් පෙම් කෙලිය සිදුවෙනවදය් ගිහින් බැලුවෙමි. " අනේ යකෝ මුන්ට මේ තරම් සද්දයක් අවිල්ලවත් වැඩේ නවත්තන්න බැනේ..?"  අපිට සිනා නොවී හිට්යේ බොහොම අමාරුවෙන්ය,  දැන් දැන් පෙම්කෙලිය අඩුය, ඔවුන් කතා කරන දේ අපට ඇසෙ, එකවරම ගැහැණු ළමය " කෝ ඔයාගේ යාලුවෝ දෙන්නා ..? සද්දයක්වත් නැනේ ..? " එසේ කියූ ඇය  එක වරම අපි සැදු සිදුර දෙස බැලුවේ අපි ඉන්නා බව දැනගෙන මෙන්ය.අපි දෙදෙනා එක් වරම බිම දිගවුනෙමු. " අඩේ දැක්ක බන් දැක්ක .. " " නැ නැ බන්.. " අපි දෙන්නා නිගමන දෙමින් සිටි...  අපි කරේ හිමින් සීරුවේ නැවත ක්ලාස් එකේ දොර ලගට ඇවිත් මුකුත් නොදන්නවා වගේ ඇවිත් ඉදගැනීමය. 
විනාඩි 15 කින් විතර අපේ යාළුවා කාමරේ සිට එලියට ආවේය,  ඔහු දුටු ගමන් අපි සිනා සුනෙමු.. ඔහුත් පෙරලා සිනාසුනෙමු... 
" මොකද බන් ..?? " .... " නැ නැ බන් උබ කොහෙද හිට්යේ ..?"
නැ බන් මේ අරය හම්බුනා .."" අහ එහෙමද ..?"
ඉන්පසු මගේ යාළුවා අර රෙකෝඩ් කරපු එක හරියට  තියෙනවද කියා බලමින් සිටි... පට්ට පට පට , ඇඩෙනවා  තනි ඇසට ...
මරුවට   රෙකෝඩ් වී ඇත...  ( මේක කරේ යාළුකමට මිසක් වෙන දෙකට නෙමේ, මොකද අපේ තිබුනේ ලොකු බැදීමක්, සහෝදරයෝ වගේ, )
ඔහොම මෙහෙම වෙද්දී අපි සෙට් එක වැව රව්ම වටේ ඇවිද යන අතරේ අපේ යාලුවට හොද හොද බය්ට්  දෙමින් ගියේය. " ඔහුට වැඩේ තෙරිලද කොහෙද එක් වරම
" අඩේ උබල මාවය් එයය් රෙකෝඩ් කරානේ..?? " 
" අඩෝ පිස්සුද..? හේ හේ හේ නැ බන්.. "
"අඩෝ අවුලක් නැ උබල මගේ බොක්ක නේ.." ..  ඔහු දැන් අපෙන් දිගටම අසය්...  එහෙත් අපි එය නොකියන්න වග බලාගත්තේය. කාලය ගෙවී ගියේය... අවාසනාවකට මෙන් මගේ යාළුවගේ  එම සම්බන්දෙ වැඩි කල් පැවතුනේ නැත.. එක එක නොගැලපීම් නිසා එය බකල් විය,
මේ ලගදි දවසක මම අර රෙකෝඩ් එක ඔහුට පෙන්නුවෙමි...
ඔහු එය දෙස බලා සිනාසුනි..  " අඩේ බලපන්කො බන් නේ, ඒ කාලේ අපි උබල කරපු වැඩ..? .. පට්ට බන්.." .. ඔහුගේ මුහුණේ එක්තරා විදියක දුකක් ද හට ගැනුණු මම දැක්කෙමි. ඔහුට ඔහුගේ අතීතය මතක් වූ නිසා යය් මට සිතුනි. 
මම එම රෙකෝඩ් එක ඔහුට ලබා දුන් පසු එය මකා දැම්මේය.. 
ඔය වගේ සීන් නිසා අපේ සෙට් එකට "පැපරාසි" කියා නමක්ද පට බැදුණි . මොකද අපේ සෙට් එකේ හැම එකෙක්ම පැපරාසි වලට මට්ටු විය,  කොටින්ම කිව්වොත් මේක හොයාගත්ත මාවත් මාට්ටු  විය. 
අන්තිමේට  අපේ හැම එකාගේම පෙම් කෙලි මාට්ටු විය.  බස් වල, මහ පාරේ , ක්ලාස් වල, රේල් පාරේ, වැව රවුමේ .... 

සර් ගේ ගුරු ගෝල love එක.


එය එකතරා පන්තියකි.  සර් තරුණ වයසේ කොලු ගැටයෙකි. තාරක  ඉගෙන ගත්තේ ද මේ පංතියේය. ඔහුගේ පාසල් සෙට් එකේ කිහිපදෙනෙකුද මෙම පන්තියේ ඉගනගෙන 
ඒ ලෙවල් විභාගයට ලියන්න වලි කමින් සිටියේය. සර් හා ගෝලයෝ ටික බුදු ෆිට් එකේ හිටපු සෙට් එකකි.  
අතල් සීන් එක පටන් ගන්නේ සමනලී ගේ මතු වීමත් සමගය. අප කාටත් ඇය පළමුව දුටු විට සිත ආදී ගිය බව අමුතුවෙන් කියන්න ඕනා නැත.  ඇය අපට වඩා ඉහල පන්තියක සිට ඇති බව කිවේ 
අපේ සර් ය. මොකද සර් තමා සමනලී ගේ සර්. 
කාලය ගෙවී ගියේය. සමනලී ගැන සර් කතා කරනවා වැඩි බව මට හොද හැටි තේරුණි, මම සර් ගෙන් කෙලින්ම ඇහුවේ " සර් අරයට ටෝක් නේද..?? " 
හේ හේ හේ හේ .... සර් ගේ මුවගට පැනි සිනාවක් අවේ ඉබේටමය. " පිස්සුද.." එහෙම එකක් නැ" ඒ සර් ගේ රිප්ලය් එක,
 ඔහොම මෙහෙම ඉන්න විට, සර් මට කෙටි පණිවිඩයක් ඒවා තිබුනේ මගේ මොබයිල් ෆෝන් එකටය. " මේ තමුසේ අරකිට මම ගැන හොද කියන්න.. එට පස්සේ කියන්න මම එයට කැමැත්තෙන් ඉන්නවා කියල."
ඒක කියන්න තියන නිසාද කොහේදෝ සර් මගේ නම්බර් ඒක එයාට කලින් දී තිබුණි. දැන් තම මට හොදට  තේරෙන්නේ.  
මාත් ඉත්න් වෙන වැඩක් නැති නිසා සමනලී ට මේක කියල බැලුවා. මල කෙලියය් එයාට ඩොන් ගිහින්..
" අනේ මේ එයාට කියන්න එයා මගේ සර් විතරය් වෙන කිසිම දෙයක් නැ "
කොහෙවත් යන මගුලක් නිසා මට බැනුම් අහන්න උනා...... 
" සර් වැඩේ බකල් .. එයාට මල පැනල " 
"ඒක තමා නේ... හරි තාරක ඕක ඇත ඇරලා දමු.".. බැරිම තැන සර් කිවේ එලෙසය. 
ඔය අතරේ සමනලී මට විටෙන් විට කෝල් කරය, මැසේජ් කරය්.  ... 
ඒක දවසක් මට සර් මුණ ගැසුන වෙලාවක මම සර් ගෙන් මෙසේ ඇසුවෙමි ..  " සර් සමනලී ගෙන් ඇහුව නේ...?? " පොර ගත කටටම කිවේ 
මම ඇහුවේ නැනේ... යකෝ මේක මර කතාවක් නේ.. මටම අහන්න කියල දැන් කියනවා ඇහුවේ නෑලු.  පොර සමාජෙට  දාගෙන  ඉන්න වෙස්මුන ගැන මට තේරුණි. ඔහු අනිත් කොල්ලොන්ට කියන්නේ සමනලී සර් ගේ පස්සෙන් එන කතාවකි,  අපේ හිටිය සමහර මෝඩ කොල්ලෝ 4 ,5 දෙනෙක්  සර් කියන පට්ට බොරු ඇත්ත ලෙසම සලකනවා,
හේ හේ හේ අනේ ඉත්න් මුන්ට කවද හරි ඇත්ත තෙරෙය් කියල මමය් තව මගේ යාලුවෙකුය් බලාන හිටිය.. 
දැන් සීන් ඒක බරපතල වීගෙන එන්නේ.  සමනලී ට අපේ සර් ආදර ගීත ටය්ප් කර මහ රෑ මැසේජ් කරනවා.  මට මැරෙනකම් හිනා. ලොලේ ලොල් වැවේ පොල්...
නමුත් සර් ලෝකයට කියන්නේ එයා සර් ගේ පස්සෙන් එනවා ..... 
මෙතන ඇත්ත සීන් ඒක දන්නේ ඉත්න් මම නිසා සමනලී මාත් එක්ක දැන් ගොඩක් ෆිට් ය. මොකද දැන් ලෝකය සිතාන ඉන්නේ ගෝලයා සර් ගේ පස්සේ ඇවිත් නොන්ඩි වෙනවා කියල.  
කාලය ගෙවී යය්.  සමනලී කොහොමත් සර් ට කැමති නැත. 
විභාගේ රිසාල්ට් එන්නත් දැන් ලගය්. 
සර් හම්බෙන්න අපි විටින් විට යය්. ඒක දවසක් ඔහොම ගියාම මම සර් ගෙන් හොරෙන් ඇහුවේ " සර් තාම අරයට ටෝක් ද..???"
"පිස්සුද තාරක, එහෙම දෙයක් නැ, දන්නවනේ මම ගොලයෝන්ට නැ කියල."...... අහ්හ් එහෙමද කියල ඇසු මම එහෙනම් "සර් මම එයාගෙන් අහනවා,"
රිසාල්ට් අවම. හේ හේ හේ හී.........
පොරගේත් අව්ලක් නැ, " හරි තාරක මම ඕන හෙල්ප් එකක් දෙන්නම්, " .. මෙසේ කියූ සර් මී ලගට කරන්නේ මාරු වැඩක් ය.
රිසාල්ට් එන්න දවසක් කලින් තියෙද්දී සර් කෙලින්ම සමනලී ගෙන් මුනටම කැමැත්ත අසා ඇත. 
" සමනලී ඔයා ආදරේ මටද ..?? නැත්තන් තාරකටද..??"
වත්තේගම බස් එකකදී අහල තියෙන්නේ.  සර් ම තමා ඕක කිව්වේ. 
මම පුදුම විය. මට ඕනෑම හෙල්ප් 1k  දෙන්නම් කියූ පොර , මට කලින් එයාගෙන් කැමැත්ත අහල...........
පළමුව කෝල් ඒක ආවේ සර් ගෙන්ය. " තාරක ඉක්මනට එන්න." දෙවනුව කෝල් ඒක ආවේ සමනලී ගෙන් ය. " ලොකු අව්ලක් ඉක්මනට එන්න."
මම ඉස්සෙල්ලම ගියේ සර් හම්බෙන්නය. "බලනවා  තාරක අරකි මගෙන් ඇහුවනේ." එහෙම කියා පොර මට මැසේජ් වගයක් පෙන්නුවේය.
එකේ තිබ්බේ මම සර් ට ආදරේ මගේ සර් කෙනෙක් විදියට විතරය් කියල.   මට එකේ වෙනසක් නැත.  මට දැන් කතාව තේරෙය් මට හෙල්ප් ඒක දෙන්නම් කියූ සර් මට කලින් වැඩේ දෙන්න ගිහින් වගේ. 
මගේ යාලුවෙක් ඇමතු මම, සිද්දිය කිව්වේ ...
" මචන් සර් බොරු කියන්නේ පොර මැසේජ් ඒක පෙන්නුවේ උබල දෙන්නව කොටවන්න, අහු වෙන්න එපා. " .. පොර එසේ කිවේ සර් ගේ මැසේජ් වල තැනින් තැන අඩු බව දැකපු නිසාලු.... 
හේ හේ හේ හේ හේ පොර කැම්පස් ගියාට අපිව අන්දන්න තව මහන්සි වෙන්න වෙය් බන්.  
ඊළගට සර් එයාගේ වැරදි මගේ අතින් දොඩවන්න පටන් ගත්තේය... "සමනලී ඔහම හිටියට මාර දරුණු බඩුවක්. " 
... ඔන්න සර් කියන කතා.. අපි දැන් සීන් ඒක දන්නා නිසා පාඩුවේ සිටියේ මොනවා උනත් සර් කියන තැන දෙන්න ඕන නිසාය. අපි මේ ගැන කාටවත් නොකියන්න තීරණය කලේ ඒ නිසා. 
ඔය සීන් ඒක උනේ පැය 2 ක් වගේ පොඩි වෙලාවකය. 
ඊළගට මම ගියේ සමනලී හම්බෙන්නය.  මම මුකුත් දන්නේ නැති විදියට  " මම සීන් ඒක එයාට කිව්වේ නෝන්ඩියක් දමමින්ය. ..  " සර් ගෙන් ඇහුව නේද..?.."
අම්මටසිරි සමනලිට තරහ ආවේ නිකන් සුළි කුණාටුවක්  වගේ..  "අනේ මම ඔය මී හරකගෙන් ඇහුවේ නැ.. මට කියනවා කව්ද එහෙම කිව්වේ..? " මම උත්තර දෙන්න කලින් එයා උත්තරේ දැනගෙන ...
"යමු මාත් එක්ක ....  ඔය මිනිහට දෙකක් කියන්න. " සිරාවටම මෙකි මාත් එක්කම හම්බෙන්න ගියා..
"මොනවා උනත් එයාට බනින්න එපා  . ඕක අපේ සර් නේ.." මම එසේ කිවේ එයාගේ මුණ  රතු වී තිබෙනු දැකය.  යන විදියට නම් මෙකි කනේ පාරක් වත් දෙය් අද...
ඔක්කොටම කලින් මම ඉස්සරවෙලා ගියේ කලබගැනියක් උනොත් නතර කරන්න හිතානය. 
අපිව දැක්ක ගමන් සර් ගේ මුණ දෙල් ගෙඩියක් වගේ විය,  කියපු බොරු අතේ පත්තු වී ඇති බව සර් දනී.  .... සමනලීව මම ලගම තියාගන්න මම වග බල ගත්තේය. 
දැන් අපි මුනට මුණ බලාන සිටි... 
ලජ්ජා නැතුව සර් සමනලිට කිව්වනේ මාත් එක්ක කෝච්චියේ යමුද කියල......
" සමනලී ගත කටටම කිව්වේ බැ කියල... " 
මම නම් පලෝව පලාගෙන යනවා, අය යකෝ ලැජ්ජාවක් තියෙනවනම් ඔහොම අහය්ද.............
සමනලී සර්ට පේන්නම  මගේ ලගට ඇවිත් "අපි යමු"....... 
මම ඊළගට හරි බලන විට සර් ස්ටෂන් ඒක පැත්තට යනු දැක්කෙමි....
මට තාම උන සීන් ඒක හිත ගන්න බැරිය....  අය සර් මේ වගේ තත්වෙකට පත් උනේ........????? 
සර් ට කර කියාගන්න දෙයක් නැත. ගහපු කෙප්පේ හැටියට සර්   මෙතන හිටගෙන ඉන්නේ කොහොමද කියා මට හිතාගන්න බැ.....
එතන උනු ඉතුරු ටික කියන්න ඕන නැත.......
ටික වෙලාවකින් සර් සමනලී ට බැන බැන මැසේජ් එවන්න පටන් ගත්තේය...   " සර් සර්ටම බැනගනිමින් මැසේජ් කරය්....."
............  මෙතනින් පස්සේ ලොකු ලොකු සීන් ගොඩක් ආවේය..  ඒවා පස්සේ වෙලාවක කියන්නම්.......... 
මෙහි එන 
මම  : වෙනත් පුද්ගලයකි.
සමනලී : වෙනත් කෙනෙක්.
  ඇත්ත සීන් එකකි.
නම් ගම මනක්කල්පිතය් ..

සිංහල බ්ලොග් කියවනය