බ්ලොග් එක ලිව්වට පසු ......

හි හි .... මාත් ඉතින් හා හා  පුරා කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තනේ..

මේකේ තියන කතා වලට සම්බන්ද අයගෙන් එක එක විදියේ කතා අහගන්න වෙනවා ඉතින්, මොනවා කරන්නද, අපේ කොල්ලොන්ගෙන් නම් අවුලක් නැ, ඒ උනාට සමහර කෙල්ලොන්ට නම් ලැජ්ජයි ලු,
සර් ගේ ගුරු ගෝල ලව් එක, මගුල් ගෙදර දා මම වෙන මගුලක,  වැලන්ටයින් , මෙන්න මේ කතා වලට ඉන්නේ එකම කෙල්ලෙක්. එයා තමා ඔය හැම එකකටම සම්බන්ද .
ඔන්න මම ලියල ඉවර වෙලා පොස්ට් එක දැම්මම , අරයට යැව්වා ලින්ක් එක මේක බලන්න කියල.
" මෝඩයා, තක්කඩියා , ගෙම්බා, " ඔන්න ආපු පලවෙනි ප්‍රතිචාර. 
" මොනවද හලෝ මගේ ඒවම දන්නේ , මට ලැජ්ජයි.. වෙන කෙල්ලොන්ගේ ඒවත් ඕකට දානවා, මම විතරද ඉන්නේ..?"
"අහ්හ් ඉතින් බලන කස්ටිය දන්නේ නැනේ මේ ඔය කියල ", " ඒ උනාට මට ලැජ්ජයි"
පුළුවන් නම් දානවා, අර සිම් එකක් නිසා මාව රවැට්ටුව එක ,"
 මම ගත් කටටම " අහ්හ් ඒකයි, තව අර ප්රෝමිසස් කෙස් එකත් දානවා"..
" අනේ එපා හලෝ"
"ඒවා කොහෙද මම කිව්වනේ මම කවද හරි ඕව දානවා කියල "....................
"ඔයා මහා නරකයි හලෝ,  මගේ චරිතේ ගාතනය කරන්න යන්නේ " 
ඒක එයා කිව්වේ සිරා නෙමේ කියල දන්නවා, කරපු කියපු ඒවා මතක් වෙනකොට ඉතින් අහිංසක ලැජ්ජාවක් හිතෙන ඒක සාධාරණයි නේ.
මොනවා උනත් එයා සම්බන්ද කතා වලට තමා වැඩිම ඉල්ලුම තියෙන්නේ, මම දන්නෙත් නැ  ඒ ඇයි කියල.  තව ගොඩක් දේවල් ලියන්න තියෙනවා , වෙලාව තමා අව්ල. කොහොම හරි ඒ කතා සෙට් එකත් ඉස්සරහට දානවා. 
ඒ අස්සේ මගේ හොද බොක්කක් මගෙන් කෝල් කරලා අහනවා  " අඩෝ උබ මගේ ඒවා දැම්මේ නැනේ ..? "
උ ඒක ඇහුවේ හොදටම බයවෙලා , උ කරපු කියපු ඒවා මේකේ දන්න බෑ.
මේ ලගදි දැම්ම " මට විතරක් ආදරේ කරන්න " 
අන්න එකට සම්බන්ද නංගි ට අප්සට් ගිහින් කියල කිව්වේ එයාගේ බ්‍රෝකර් වැඩේ කරන එයාගේ යාලුවෙක්. ඇත්තටම සොරි වෙන්න ඕන, මට ඕන උනේ මෙහෙම හරි කියල හිතේ තියන අප්සට් ඒක නැති කරගන්න.
ගොඩක් ඒවා ට්‍රයි කරා හරි ගියේ නැ .
01. කරටි කැඩෙන්න ගැහුවා .
02. ඇති වෙනකන් බඩු සීන් කරා.
03. කොල්ලෝ එක්ක පිස්සු නැටුවා.
ඒ එකක් වත් හරි ගියේ නැ . බැරිම තැන යාලුවෙක්ට කියන්න ගියා. ඒක කියාගන්න බැරි උනා.
එත් ඒ යාළුවා මේ පොස්ට් එක දැකල මට කිව්වේ    " කවද හරි ඔයාට විදවන්න වෙනවා මල්ලි " 
හොද වෙලාවට කලින් කිව්වේ නැත්තේ. නැත්තන් මගේ වචන ටික අපරාදේ. 
කොහොමෙන් කොහොම හරි දැන් ගොඩක් දේවල් සෙන්ටිමෙන්ටල් වී ගෙන යනවා.  ඒ උනාට නංගිට වඩා මල පැනල තියෙන්නේ මගේ වෙන යෙහෙලියක්ට , 
මට පුදුමේ කෙල්ලෙක් කෙල්ලෙක්ගෙ පැත්ත ගත්ත නිසා. අර යෙහෙළියට කවද හරි ඇත්ත තේරෙයි නේ. 


2 comments:

Unknown said...

මේ පිංතූරේ නිකං අතවර කරන්න යනවා වගේ සීන් එකක් නේ.....

මැක්ස් පේන් said...

හි හි, හරි එක අයින් කරා.

Post a Comment

සිංහල බ්ලොග් කියවනය