පංතියේ සවස ජවනිකාව

මේකත් ඒ ලෙවල් කාලේ  සිද්දියකි....
       වෙනද වගේම සර් කෑගසමින් උගන්නය්. අපි ඔහේ අපේ වැඩක් කරමින් පිටි පස්සට වී සිටි. එකෙක් කෙල්ලට මැසේජ් කොටය් , අනෙකා කෙල පෙරමින් නින්දේය. තව එකෙක් කණුවට හේත්තුවක් දා ගෙන මනෝ පාරක් ගසමින් බොරුවට සර් ගේ මුණ දෙසම බලාන ඉදි. තව එකෙක් අනෙත් පැත්තේ ඉන්න කෙල්ලෝ දිහා බලාගෙන උන්ට විහිලු තහළු කරමින් සතුටු වේ, මමත් ඔහුටම සහය දෙමින්  කාලය කා දමමින් ඉදි. අපි දෙදෙනා එක ගැහැණු ළමෙක් ට හොද හැටි විහිලු කරමින් සිටි.  කරන්නෙත් මහා ලොකු වැඩක් නෙමේ. ඒ කෙල්ල දිහා බලමින් අපි දෙදෙනා බොරුවට සිනා සෙමෙන් සිටි. අයටත් මේක මර ප්‍රශ්නයකි , ඇය විටෙන් විට අගේ ඇදුම හැදය්.  දැන් නම් ඇයට  ඉන්නම බැරිය. බැරිම තැන ඇය  " අනේ සර් බලන්නකෝ අර දෙන්නා හිනාවෙනවා "..
ඔහොම මෙහෙම එක එක පිස්සු විකාර කරමින් ඉන්න විට, එකෙක් ගේ කෙල්ල කඩ්ඩෙන් මැසේජ් එකක් එවල, මුට ඒකට රිප්ලය් ගහගන්න තේරෙන්නේ නැ...  පොරටත් හෙල්ප් එකක් දෙන විටම පංතිය  අහවර විය. දැන් නම් පට්ට සතුටු ය..
දැන් තියෙන්නේ සමුගන්න එකය.. එහෙත් අපි හතර පස් දෙනෙක් දිගටම පංතියේ රැදී සිටි. ඒ විසේස වැඩකට නොව එය අපේ පුරුද්දක් ය. පන්තියට වී එක එක පිස්සු වැඩ කරමින් සිටි, සින්දු කියය්, අමුතු අමුතු ඩාන්ස් දමය්,  ෆෝන් වලින් බ්ලුටූත් කරය්....  සමහරු කෙල්ල එනකම් ඉදි. 

ඔය අතරේ මමය් තව මගේ යාලුවෙක් කන්න දෙයක් හොයාගෙන කඩේට ගොස් ආවේය. අපි එනකොට අනෙක් දෙදෙනා පංතියේ නැත.  ටික්කා ගෙන් අසු විට ඇයද කිවේ දන්නේ නැ කියල..
"අඩේ කෝ බන් මුන්..? ""දන්නේ නැ බන් " ...  අපි දෙන්නා කඩල කමින්  බංකුවක් උඩට වී සිටියේය..  අපේ පංතිය ගෘප් ක්ලාස් එකකි, මෙහි විවිදාකාර ක්ලාස් තිබේ, 
ඔය ඉන්න අතරේ අනෙක් පංතියේ කෞරුන්දෝ කොදුරන හඩක් අසුනේ අපි දෙන්නා පුදුම කරමින්ය..  මම කරේ පංතියේ තිබුන කාඩ්බෝඩ් එකේ හිලකින් බලනා එකය. මට මගේ ඇස් අදහගැනිමට නොහැකිවිය,  සුවර් එකටම මගේ ඇහේ බබා 30,000 වතාවක් ලොකු විය,  හැ හැ හැ  හැ .....
මම තවත් වතාවක් බැලුවෙමි. ,
" මචන් .. ඉක්මනට වරෙන් ඉක්මනට........ " මම මගේ යාලුවට කතා කරේ මට මාවම සුවර් නැති නිසාය,  " බලපන්කො අරු " මම මගේ යාලුවට ඉඩ දුන්නෙමි,
"අම්මටසිරි.. යකා... හේ හේ හේ .. " 
සිද්ද වෙමෙඉන් පැවතුනේ අපේ  හොදම යාලුවෙක් හ ඔහුගේ කෙල්ල පන්තියක් ඇතුලේ පෙම් කෙළිමින් සිටි.. ඔවුන් දෙදෙනා ට ඉන්නේ කොහෙදවත් කියා මතක නැත..  අපි දෙන්නට දැන් මැරෙනකන් හිනා.. 
නමුත් ඔවුන්ට බාධා නොකරන්නට වග බලාගත්තෙමු.  කොල්ල කාලේ නේ... ඒ නිසා අපි දෙන්නා වටෙන් ගොස් තව හිලක් සාදා එකෙන් බලන්නට පටන් ගත්තෙමු,  එක මහා කැත වැඩක් බව දැනගත්තත් වයසේ වැරැද්ද නිසාද කොහෙද එහෙම කරේ...  ඔයාල එහෙම කරන්න එපා.
ඇය හ මගේ යාළුවා එකිනෙක බදාගනිමින්, සිප ගනිමින්  පෙම් කෙලියේ තවම යෙදිමින්සිටි. ..  ඔවුන් කතා නොකරය්, දිගටම ඔවුන්ගේ වැඩේ ...
ඇත්තටම දැන් වැඩේ සීරියස් ...විදගෙන යය්.. අපි දෙන්නත් යුද්ධ හමුදා විශේෂ බලකායේ සෙබළුන් දෙන්නෙක් මෙන් හුස්මවත් නොගෙන, අඩුම  ගානේ මීක් කියන සද්දයක් වත් නොදා වැඩේ වෙන සැටි නිරික්සනය කරමින්  සිටි..  හොදම වැඩේ කියන්නේ මගේ යාළුවා අර කුඩා හිලට ෆෝන් එක තියල ඒක රෙකෝඩ් කරය්, එය දුටු මට සිනහව නවත්තගන්න බැරි විය . අපි දෙන්නා සිනහ උන පාරට  අපි කකුල තියාන හිටපු බංකුව පෙරලි ගියේය, " දඩස් ".. එය සුවර් එකටම මුළු හෝල් එකටම ඇසුනි. අපි කරේ සෙරෙප්පු දෙක අතට අරන් දුවපු එකය, දුවන ගමන්ද කොක් හඬලා  සිනවෙය්,  ..... 
ඉක්මනින් පසු බැස්ස අපි, අවට නිරික්සනය කරමින් බැලුවේ අපේ වැඩේ ගැස්සී අත්දැය් බැලීමටය,  ක්ලාස් එකේ ටික්කියක් විතරක් ඇවිත් මොකද්ද පෙරලුනේ කියා ඇසුවේය..  අපි බොරුවට හන්ඩ්ස්ෆ්රී කනේ ගසාගෙන සින්දු අසමින් සිටින බව අගේව්වෙමු.
මම නැවතත් පෙම් කෙලිය සිදුවෙනවදය් ගිහින් බැලුවෙමි. " අනේ යකෝ මුන්ට මේ තරම් සද්දයක් අවිල්ලවත් වැඩේ නවත්තන්න බැනේ..?"  අපිට සිනා නොවී හිට්යේ බොහොම අමාරුවෙන්ය,  දැන් දැන් පෙම්කෙලිය අඩුය, ඔවුන් කතා කරන දේ අපට ඇසෙ, එකවරම ගැහැණු ළමය " කෝ ඔයාගේ යාලුවෝ දෙන්නා ..? සද්දයක්වත් නැනේ ..? " එසේ කියූ ඇය  එක වරම අපි සැදු සිදුර දෙස බැලුවේ අපි ඉන්නා බව දැනගෙන මෙන්ය.අපි දෙදෙනා එක් වරම බිම දිගවුනෙමු. " අඩේ දැක්ක බන් දැක්ක .. " " නැ නැ බන්.. " අපි දෙන්නා නිගමන දෙමින් සිටි...  අපි කරේ හිමින් සීරුවේ නැවත ක්ලාස් එකේ දොර ලගට ඇවිත් මුකුත් නොදන්නවා වගේ ඇවිත් ඉදගැනීමය. 
විනාඩි 15 කින් විතර අපේ යාළුවා කාමරේ සිට එලියට ආවේය,  ඔහු දුටු ගමන් අපි සිනා සුනෙමු.. ඔහුත් පෙරලා සිනාසුනෙමු... 
" මොකද බන් ..?? " .... " නැ නැ බන් උබ කොහෙද හිට්යේ ..?"
නැ බන් මේ අරය හම්බුනා .."" අහ එහෙමද ..?"
ඉන්පසු මගේ යාළුවා අර රෙකෝඩ් කරපු එක හරියට  තියෙනවද කියා බලමින් සිටි... පට්ට පට පට , ඇඩෙනවා  තනි ඇසට ...
මරුවට   රෙකෝඩ් වී ඇත...  ( මේක කරේ යාළුකමට මිසක් වෙන දෙකට නෙමේ, මොකද අපේ තිබුනේ ලොකු බැදීමක්, සහෝදරයෝ වගේ, )
ඔහොම මෙහෙම වෙද්දී අපි සෙට් එක වැව රව්ම වටේ ඇවිද යන අතරේ අපේ යාලුවට හොද හොද බය්ට්  දෙමින් ගියේය. " ඔහුට වැඩේ තෙරිලද කොහෙද එක් වරම
" අඩේ උබල මාවය් එයය් රෙකෝඩ් කරානේ..?? " 
" අඩෝ පිස්සුද..? හේ හේ හේ නැ බන්.. "
"අඩෝ අවුලක් නැ උබල මගේ බොක්ක නේ.." ..  ඔහු දැන් අපෙන් දිගටම අසය්...  එහෙත් අපි එය නොකියන්න වග බලාගත්තේය. කාලය ගෙවී ගියේය... අවාසනාවකට මෙන් මගේ යාළුවගේ  එම සම්බන්දෙ වැඩි කල් පැවතුනේ නැත.. එක එක නොගැලපීම් නිසා එය බකල් විය,
මේ ලගදි දවසක මම අර රෙකෝඩ් එක ඔහුට පෙන්නුවෙමි...
ඔහු එය දෙස බලා සිනාසුනි..  " අඩේ බලපන්කො බන් නේ, ඒ කාලේ අපි උබල කරපු වැඩ..? .. පට්ට බන්.." .. ඔහුගේ මුහුණේ එක්තරා විදියක දුකක් ද හට ගැනුණු මම දැක්කෙමි. ඔහුට ඔහුගේ අතීතය මතක් වූ නිසා යය් මට සිතුනි. 
මම එම රෙකෝඩ් එක ඔහුට ලබා දුන් පසු එය මකා දැම්මේය.. 
ඔය වගේ සීන් නිසා අපේ සෙට් එකට "පැපරාසි" කියා නමක්ද පට බැදුණි . මොකද අපේ සෙට් එකේ හැම එකෙක්ම පැපරාසි වලට මට්ටු විය,  කොටින්ම කිව්වොත් මේක හොයාගත්ත මාවත් මාට්ටු  විය. 
අන්තිමේට  අපේ හැම එකාගේම පෙම් කෙලි මාට්ටු විය.  බස් වල, මහ පාරේ , ක්ලාස් වල, රේල් පාරේ, වැව රවුමේ .... 

1 comments:

Chinthaka_tc said...

A/l කාලේ තමා ජීවිතේ ගෙවන්න පුළුවන් ආතල්ම අවුරුදු දෙක මට හිතෙන්නේ.විශේෂයෙන් ක්ලාස් වලදි....
කෙල්ලෙක් සෙට් කරගන්නවා , කොල්ලෝ එක්ක සෙට් වෙනවා ,මල ගෙවල් වල යනවා ,වල බෑහෙල ට්‍රිප් යනවා, පිස්සුම පිස්සු කාලයක් අෆ්ෆා...

Post a Comment