ආයේ No Help

මේ දවස් ටික නම් මහම මහා එපා කරපුම දවස් ටිකක්. හිතට කිසිම නිදහසක් නැ. ඒ මදිවට මට එපාම උන කෙනෙක් මගේ යාලුවෙක්ට මම ගැන අනන් මනම් කියනවලු, ඒවා ඇහෙනකොට මට තවත් අවුල් යනවා.  දාල ගියාට කමක් නෑ. එත් කිසිම තොරතුරක් නැතුව අතුරුදහන් වෙන එක මොන තරම් චාටර් වැඩක් ද.  මම බොහොම අමාරුවෙන් තනියම ගොඩ ආවා. ඒකට  නොදැනුවත්වම එක්කෙනෙක් මට උදව් කරා.  මේ ලගදි ඉදන් මාව දාල ගියපු කෙනා අර මම කියපු යාලුවට විකාරරුපි කතා කියනවලු. " ඔයාල දෙන්න කොහොමද මෙහෙම ඉන්නේ, එය ඔයා එක්ක ඉන්නවට මම කැමති නැ ," ඔන්න ඔයා වගේ මගුල් තම කියනවා කියන්නේ , තව මොන මොන දේවල් කියනවද දන්නේ නැ මම දන්නේ නම් ඔයා ටික විතරයි. 
හොදම වැඩේ වෙලා තියෙන්නේ මම එක දවසක් මකුළු කයියා එක්ක kcc එකේ ice cream කකා යනකොට අරයා ඕක දැකල තියෙනවා, ඇත්තම කියනවනම් මම ඕක වෙන්නම කියල බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. එදා ඉදන් අද වෙනකන් මකුළු කයියට මෙය මැසේජ් කරා කරා අනන් මනම් දොදවනවලු. මම මේ කිසිම දෙකට ඇත දන්නේ නැ. මට එයත් එක්ක කිසිම ගනුදෙනුවක් නැනේ.  මම ඒක ඒ දෙන්නටම කෙලින්ම කියල තියෙන්නේ. හෙ හෙ හෙ ... මම මකුළු කයියට බ්‍රා එකක් දුන්න කියල දැනගත්තනම් එල්ලිලා මැරෙයි. ඒ විතරක්ද මකුළු කයියා ඒකට මල් තුනකුත් අල්ලලා කියල දැනගත්තනම් වහ කයි. ඒකෙ එක මලක් වැටුනලු. ලොල් . ක්ලාස් එකේදී , හිකිස් බිකිස් කවුරුත් දන්නේ නැතුව ඇති බ්‍රා එකක තිබුන එකක් කියල .. පොල් ලෙලි ලොල් ..
ඔහොම ඉන්නකොට මම ඉන්නවද මැරිලද කියල  හොයන්නේ නැති, මැසේජ් එකක් දැම්මට රිප්ලයි නැති එකියක් අද උදේ මැසේජ් එකක් දාල තියෙනවා දැක්ක. එක දැක්කම මට පුදුම තරහක් අවේ . එයාලට මම කියල එක්කෙනෙක්  මේ ලෝකේ ජිවත් වෙනවද කියල මතක් වෙන්නේ එයාට උදව්වක් ඕනේ වෙලාවක විතරයි.
 " gm මට උදව්වක් කරන්න පුලුවන්ද, ඔයාගේ යාලුවෝ ඉන්නවා නේද අර කොම්පැනි ඒකෙ , අපේ අසයින්මන්ට් එකක් කරන්න එහෙට යන්න පාස් එකක් අරන් දෙන්න පුලුවන්ද ?? "
මට මතක් උනේ හොද හරුප ටිකක් ය.  ඉස්සරනම් මට මොන හතුරු කමක් කරපු කෙනෙක් ට උනත් උදව්වක් ඉල්ලපු වෙලාවට ඕනෑම දෙයක් කරනවා. ඒත් අපි කොහොම හොද කරත් අන්තිමට බඩේ පාර වදින්නෙම මටය.   මටම හිතෙනවා මම කරේ නපුරු වැඩක් කියල. අපිට දැනෙන වේදෙනාව අපිට එහෙම කරපු අයටම දැනෙන්නම අරින්න ඕනේ.   
ඔක්කොමට වඩා හොදයි මොක උනත් එකට ඉන්න කෙනෙක් එක්ක ෆන් ඒකෙ ඉන්න එක. මොන තක්කඩි වැඩක් කරලත් හරි ;) 
මොකද කවද හරි මතක් වෙන්නෙත් ඒ කරපු තක්කඩි වැඩ විතරයි. 
ආයේ උදව්වක් කරනවනම් කරන්නේ  ඉතින් එක්කෙනෙක් ට විතරයි. මොකද බැරි කමක් තියාගෙන හරි පැත්තකින් ඉන්නේ එයා විතරයි. 

4 comments:

Dil.. said...

okkoma post tika kiyeuwa... niyamai..(y) :)

මැක්ස් පේන් said...

tnxxx wewa bro :)

Thesimglish.com said...

Elama tamai

Unknown said...

fatta fata fata...... :D

Post a Comment

සිංහල බ්ලොග් කියවනය