දිවි නසා ගැනීම් ( හිකිස් ) 01

අපි හැමෝම ආදරේ කරන්න ආසයි නේ , ඒ නිසා කස්ටිය ආදරෙත් කරනවා.  ඔහොම ඉතින් ආදරේ කරනකොට රණ්ඩු සරුවල් ඇති වෙන එක සාමාන්‍ය දෙයක් නේ.  මම දන්නා තරමින්ම මගේ යාලුවෝ කීපදෙනෙක් ම හරි විදියට බැලුවොත් දැන් ඉන්න ඕන පරලොව.  ඒ කියන්නේ මැරිලා.  සිය වතාවක් විතර මැරුණා හැබැයි අදටත් මාත් එක්ක කතා කරනවා. හිකිස් ..
වලියක් ගියපු ගමන්ම මම මැරෙනවා ........................................................................ 
ඕවට හැමදාම මැදි වෙන්නේ මේ අහිංසක මම.  ඊට පස්සේ රෑ නිදිමරාගෙන මුන් මැරිලද කියල හොයන්න ඕන.  යාලු ෆිට් එකට කරන්නත් ඕනනේ. 
මැරෙන්න යන අයගේ හොදම වැඩේ තමා පිරිටන් පෙති. සමහරු ඒවා කොට්ටේ යට තියගේනලු ඉන්නේ වලියක් ගියපු ගමන්ම බොන්න.  එහෙම කරේ නම් මගේ යෙහෙලියක් . හිකිස් 
ඔන්න ඉතින්    2011.11.13    වගේ දවසක  මහා රෑ මම ෆේස් බුකියේ භාවනා කර කර හිටියා.  හෆ්ෆටසිරි අර කලින් කිව්ව යෙහෙලියගෙන් මට මැසේජ් එකක් අවා. ආයේ ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ , ගාල්ලෙත් නෑ , ගාලු පොලෙත් නෑ . 
  " ඔය කිව්ව නේද මැරෙන මිනිස්සු කවදාවත් කිය කියා මැරෙන්නේ නැ කියල. අද  ඒක වෙනස් වෙනවා,  හිතට එන ආවේගෙට ඕනම දෙයක් කරන්න පුළුවන්. ආයේ ඔයාට මව කවදාවත් දකින්න බැරි වෙයි,  අදින්           පස්සේ  ඔයාලට මාව දකින්නවත් බැරි වෙයි.  අයියව හොදින් බලාගන්න , එයාට හොද මල්ලි කෙනෙක් වෙන්න. "
   අම්මා ඔය වගේ එකක් මහා රෑ ආපුවම ආයේ කියල වැඩක් නැනේ.  කියන කෙනාට කියන්න ලේසි , ඒවා අහන කෙනාට තමා අමාරු.  ඔය මැසේජ් එක එව්වේ මගේ හෙන බොක්කක්.  මාත් ඉතින් අමුණලා කරලා රිප්ලයි එකක් ගැහුවා. 
 " මොනාද ඕයි මේ කියවන්නේ. පිස්සුද ? දැන් මොකද උනේ කියන්න "
සෑහෙන්න වෙලා යනකන් රිප්ලයි නෑ.  වැඩේ හරි යන්නේ නෑ. ගත්ත කෝල් එකක්. ඇත්තටම මැරිලා ද දන්නේ නැනේ. මම නම් සිරාවටම බය උනා.  වැඩේ ගොඩ ෆෝන් එක කට් උනා. ඒ කියන්නේ තාම ඉන්නවා.  ඊට පස්සේ ආයේ මැසේජ් එකක් ආවා. 
" කෝල් ගන්න එපා , ගෙදර අයට ඇහෙයි, අනික මට හොදටම සනීප නෑ. "  
ඊට පස්සේ මම ඇහුව " මොනාද මේ කියවන්නේ ..? "
 " දෙවියන්ගේ කැමැත්තට ඔක්කොම වෙයි, එක්කෝ මම ජිවත් වෙයි, නැත්තන් මැරෙයි. " 
 කෙල්ල දෙන්නේනම් බොක්ක උණු වෙන ටෝක්ස්.  
" යකෝ ඔයා නම් මැරෙයි, එතකොට අවුරුදු 20 ක් හිටපු අම්ම තාත්ත.  නිකන් මෝඩ වැඩ නොකර ඉන්නවා. "
ඊට පස්සේ දුන්නේ නම් නියම උත්තරයක්. 
" කමක් නෑ අපේ අයිය ඉන්නවා නේ " 
ඊට පස්සේ මෙකි යන්නම ගියා. ආයේ රිප්ලයි අවෙත් නෑ. කෝල් කරට ආන්සර් කරෙත් නෑ.  ඒ වෙලාවෙනම් පට්ට බයක් ආවේ සිරාවටම ඉවරද කියල.  මම කරේ එයාගේ කොල්ලට සීන් එක කිවවා. 
ඌ කියනවා මේකිට පිස්සුලු ...
 හපොයී මගේ කට කිව්වලු.
ඔන්න කොහොම හරි පහුවදා උදීම මම කෝල් එකක් අරන් බැලුව , යන්තන් ඇති පන පිටින් ඉන්නවා , මට ඉතින් දැන් මැරෙන්න හිනා හොද කට කැඩිච්ච කතාවක් කියන්න හිතුනා පවු කියල හිතුන නිසා නිකන් හිටියා.  යටි හිතේ සිනා බෝ වෙනවා. එත් එක එයාට කියන්න බෑ.  මම ඇහුව " කොහෙද ඊයේ ගියේ..? "
" මම ගියා පිරිටන් හොයන්න " හි හි හි හි මට දැන් තවත් හිනා.  ඉන්නම බැරි තැන මම ඇහුව  " ඉතින් දැන් බිව්වද ?? " 
" ඔව් මම හතරක් බිව්වා , ඊට පස්සේ මාව වෙවුලුවා " හි හි හි    හිටපන්කෝ පස්සේ දවසකම හිනා වෙන්නම් කියල පාඩුවේ හිටියා. 
ඊට පස්සේ පයක විතර මලක් කඩලා වස් දොස් අහල ශේප් කරා. 
ඔයා දිවි නසා ගැනීමට හොද ඉතිහාසයක් තියෙනවා.  මොකද එක සැරයක් මම ඔට්ටුවක් ඇල්ලුවා එයත් එක්ක පුළුවන් නම් මැරිලා පෙන්නනවා කියල. මොකද මම හොදටම දන්නවා එයා මැරෙන්නේ නෑ කියල. 
එක දවසක් මාත් එක්ක රණ්ඩුත් උනා ඕකට.
" අනේ නිකන් බොරු නොකිය ඉන්නවා , මැරෙන්න ඕන එවුන් කවදාවත් කිය කිය මැරෙන්නේ නැ , පුළුවන් නම් කරලා පෙන්නනවා. අපිත් නුවර නේ ඉන්නේ , ඕනම නම් මම මළගෙදර එන්නම් මාරි කන්න"
"ඔව් ඔව් ඔහොම හිතාගෙන ඉන්නවා , මැරුණ දවසට ඔහොම හිනා වේවි ඉන්නවා,  හැමෝම නපුරෝ "
ඔන්න ඔය කෙස් එක අපු දවස් වල ඉදන් මම කරන්නේ එයාව බයිට් කරන එක.  මේ ලගදි හම්බුනමත් මම කියල හින්ට් එකක් ගැහුවා.  
" අහ්හ් දැන් සමහරු මරිලානේ ඉන්නේ " අවුරුද්දේ දානෙත් ලගයි.  
හිකිස් ඔය එක යෙහෙලියක් ගේ කතාවක්. මගේ තව යාලුවෙක් හිටියා උත් 3 පාරක් විතර මැරුණ එකෙක්. උගේ කතාව ඊළගට පස්සේ පොස්ට් එකේ කියන්නම් .  

14 comments:

Loku John said...

මළගේ කියුවා.
… මම මැරෙනවා කියලා කලින් කියන්නෙ හරියට මම අරූට ගහන්න යන්නෙ මාව අල්ලගනින් කියනවා වගේ වැඩක් හික් හික්

මැක්ස් පේන් said...

හේ හේ

රොබින් said...

අපි ඕලෙවල් වලට ටියුෂන් යනකාලේ අපේ ක්ලාස් එකේ හිටිය කෙල්ලෙක් වහ බිව්වා කොහොමහරි මරුනේ නැහැ පස්සේ දවසක ක්ලාස් එකේ සර් අමාරු ගානක් හදන්න දීලා ඉවරවෙලා මයික් එකෙන්ම කිව්වා "ගාන අමාරුයි කියලා කවුරුත් වහ බොන්න නම් එපා" කියලා

මැක්ස් පේන් said...

හපොයී .............

ජිංජි බිරිස් said...

මාරයි කියන්නේ ඔය වගේ අත්දැකිමි ඕනී තරමි තියනවා වැඩේ කියන්නේ මුන් ඔක්කෝටම මැරෙන්න හිතෙන්නේ රෑටනේ ඒකෙන් අපේ සුව නින්දට බාදා

අවතාර් said...

mama danna kellek penadol biwwa kolla ekka hutapatekata eta passe kollage yaluwa ekka set wela dan bandala kiyalai aranchiya

~ සාරා - saaraa ~ said...

සිය දිවි හානි කරගන්න කතා කිව්වම මතක් වෙන්නේ අපේ ඉස්කොලේ අක්කා කෙනෙක් බිල්ඩිමෙන් පැනලා මැරුන එක...එයා වැ‍ටුන තැන ලේ පැල්ලම තාම මට මතකයි... අපි එතකොට හත වසරේ...උදේ පාන්දර ඉස්කොලේ එද්දි අහපු පලවෙනි නිව්ස් එක ඒක...

Anonymous said...

අන්න හරි..කියන කෙනා නම් කියලා මැරෙයි..අහන කෙනා නැට්ට ගිනි ගනන් දුවන්න ඔනි ඉතින්.. අපෝ මම නම් දිවිනසාගන්න උනත් පිරිටන් නම් බොන්නේ නැහැ..අපෝ වේලෙනවා ඔලුවම..

මැක්ස් පේන් said...

ඒකනේ, හපෝ මොනවා උනත් ඒවායේ ආතල් එකකුත් තියෙනවා එක විදියක , හිකිස්

Nishan de siva said...

ඇඩෙනවා අෆ්ෆා මාත් කීපාරක් නම් ඔහොම කිව්වද

මැක්ස් පේන් said...

හේ හේ .... :P

WeekHacker.com said...

සැහ්.. අඩෝ වැඩක් නෑ බං.... හරිනං මගෙත් දැං දෙපාරක් විතර අවුරුද්දෙ දානෙ දෙන්ඩ කාලෙ හරි....... හිකීස්ස්ස්ස්ස්.........

මැක්ස් පේන් said...

බලාන යනකොට හැම එකාම එහෙමයි නේ .. හිකිස්ස්

idilanw said...

තරා නැතිව කව් රු හරි කියනවද පිරිටන් කියන්නෙ මොනවද කියල. නොදන්න නිසයි අහන්නෙ. ඒව බිව්වම ඇත්තටම මෙරෙනවද?

Post a Comment

සිංහල බ්ලොග් කියවනය