කොට මොඩල් බඩුව ගේ කපටිකම ...

හොදම යාලුවෙක් ගේ බඩුවකි.අර අක්කා කෝස් පොස්ට් එකේ හිටපු ආප්ප කඩේ ඉස්කෝලේ කෙල්ල.  මිනිහට දැන් එයාව සැකයි ලු.  හත් දෙයියනේ ඒ මදිවට  අර කෙල්ල මට කියනවා , එයාට අනාගතයක් නැ, අරවද මේවද ඔක්කොම කියනවා. ඔන්න ඉතින් මගේ යාළුවා ආවා අපේ ගෙදර. මම අර කෙල්ල කියපු ඒවා ඔක්කොම මිනිහට පෙන්නුවා. අපේ සෙට් එකේ මෙහෙම එකක් තිබ්බ. අපි අතර රහස් නැ. මොනවා උනත් උ මගේ හොදම යාළුවා නේ, අදට ඉතුරු වෙලා ඉන්න.  " අ මචන් , උබේ ගැනි ඊයේ මොනවද ඔය කිව්වා, " මිනිහ මැසේජ් ටික බැලුව. " ඔව් මචන් ඒකිගේ දැන් වෙනස් කම , හැම වෙලේම මගේ වැරද්දක් ගැන කියවන එකමයි වැඩේ". 
උ අපේ ගෙදර ඇවිල්ල තියෙන්නේ වෙන එකකට නෙමේ , කෙල්ලගේ ඊ මේල් එක හැක් කරගන්න. 
" උබ පාස්වඩ් එක දන්නවද ..?"
"ඔව් ඔව් , අඩෝ මට ඒ උදව්ව විතරක් කරලා දීපන් .. "
හි හි හි... ඔන්න ඉතින් අපි ඊ මේල් එක හැක් කරා.  ප්‍රයිවට් කේස් එකක් නිසා මම උට ඒක බලාගන්න කියල මාරු උනා. 
" අඩෝ මචන් වරෙන් මේ බලපං දැන් කවුද මෙතන ඇත්ත කියන්නේ , බොරු කියන්නේ කියල "
මේකයි සීන් එක , උගේ අර කොට මොඩල් කෙල්ල මගේ අතින් කිව්වේ අපේ එකාට වෙන කෙල්ලෙක් ඉන්නවා ,, ඔන්න ඔහම කතාවක්. මම එක දවසක් ඕක අපේ එකාට කිව්වා. ඔන්න ඕක ඔප්පු කරන්න තමා මිනිහ අපේ ගෙදර ඇවිල්ල හැක් කරේ. 
දැන් බලන යනකොට මෙකි ෆේස් බුකියෙන් කොල්ලෝ එක්ක මහා රෑ චැට් එකේ ඉදල තියෙනවා. තව තව කොමෙන්ට්ස් එහෙමත් දාල. සමහර ඒවා රෑ 1.30 ... ඒවා නිකන් රොමැන්ටික් වගේ මැසේජ් .. ඒ මදිවට මගේ යාළුවගේ වැරදි මේ කවදාවත් දැකල නැති කොල්ලෝ එක්ක පවා කියල. තව මේකිගේ යාලුවොන්ට කියල තියෙන්නේ මගේ යාළුවා මේකිට වැරදි කරනවා කියල. 
 " මෙකි මට පාඩම් කරන්න යනවා කියල ඔන්න ඕව තමා බන් කරන්නේ , උබට පේනවනේ ..? , එකී උබට කියන්නේ බොරු බන්. " 
අම්මටසිරි මේකි මර කෙල්ලෙක් නේ බන්.  මාත් පුදුම විය. ඒ කෙල්ල නිකන් මට පෙන්නුවේ එය පත්තිනි අම්ම වගේ නේ. .
" මචන් උබ ටිකක් පරිස්සමෙන් හිටපන් , එන පොට හොද නැ "
මම එසේ කිවේ ලගදීම මගේ යාලුවට සපත්තු පාරක් වදී යන සැකයෙනි.  ඔහොම ටික දවසක් යනකොට  අර කෙල්ල  මට ආයෙත් මැසේජ් කරලා වැරදි අහන්න ගත්ත 
 " අනේ මේ , ඔයා අරයට බූට් ඒක තියන්න යනවනම් , ඒක කෙලින්ම කියල ඕන දෙයක් කරගන්න. මගෙන් වැරදි අහන්න එපා. " ඔය මැසේජ් ඒක ගැහුවේ මගේ වෙන යාලුවෙක්.  මේකිගේ කපටි කම කොහොමද කියනවනම් මගේ යාලුවට කියල " මම එයාට බැන්නලු. " 
දන්නෝ දනිති..  මගේ යාලුවත් දනිති. මොකද උ හිටියේ මට එහා පැත්තේ නේ.  ඔන්න පේනවනේ කෙල්ලෝ කොල්ලොන්ව කොටවන යන හැටි.  
" මචන් ඕකි උබල ගැන තව තව දේවල් කිව්වා බන්, .. මම ඒවා ඇහුවනම් අද මට මොකෙක්වත් නැ "  .. ඇත්තටම මේ කෙල්ල ට්‍රයි කරේ අපිව කොටවන්නය. එකට හේතු අපි දන්නේ නැ. අපි ඊට වැඩ කපටියෝ නිසා බේරුනා.  අන්තිමේදී සල්ලි ප්‍රශ්න ඇදල  අරන් තමා ඒ කෙල්ල යාලුවට බූට් ඒක තිබ්බේ , උට පිස්සු හැදුනේ නැති ඒක විතරයි. බොක්කෙන්ම කරපු ලව් එකක්ලු නේ. අපේ සෙට් එකෙන් බොක්කෙන් ලව් කරේ උ විතරයි.  
මේ ලගදි  ඒ කෙල්ල ආයෙත් මගේ යාලුවට මැසේජ් කරලා. විභාගේ ෆේල් ලු, තාත්තගේ ජොබ් ඒක නැති වෙලාලු. 
අන්තිමට අනාගතයක් නැති වෙයි කියල ලොකු සීන් දාපු කෙල්ලට මොකද උනේ, ..??
ඒ උනාට මගේ යාළුවා විභාගේ පාස් වෙලා දැන් ජොබ් එකකුත් කරනවා.  සොබහවධර්මය විසින්ම අර කොට මොඩල් කෙල්ලට රිටන් ඒක දුන්න.  

5 comments:

ෂැගී said...

මචං ඔය ටික අදක ඊයෙක ඉදල වෙන දෙයක් නම් නෙවෙයි. කියනවා නම් මටත් මේ වගේ කතන්දර පොත් පත්තර පිරෙන්න ලියන්න,කියන්න පුලුවන් බං.
Don't trust GIRLS.

Unknown said...

කොට මොඩල් ලඟ පිකප් උනාට සුවර් කරන්නම බැරි ඒවා....

මැක්ස් පේන් said...

සහතික ඇත්ත මචන් , කොට මොඩල් සුවර් කරන්නම බැ..

Harshana said...

Word verification එක ඉවත් කලොත් කමෙන්ටුවක් දැමීම පහසුවේවි

Amila Chathuranga said...

මහ චූ කතා..කවදාවත් අනුන් කියන කතාවක් අහලා තව කෙනෙක් ගැන විස්වාස කරන්න යන්න හොද නැහැ..අනික් එක තව එකෙක් කිව්ව පලියට කුලියට කහින්න යන්නත් හොඳ නැහැ..

Post a Comment

සිංහල බ්ලොග් කියවනය