යාළුවා සහ යෙහෙළිය .....

එකමත් එක කාලෙක හිටියලු හොදම යාළුවෙකුයි, යෙහෙලියෙකුයි , දෙන්න පට්ට බුදු ෆිට්.  ඒ කියන්නේ සමහර වෙලාවට ගැනි සහ මිනිහ වගේ.  අම්මා............ කවදාවත් එහෙම වෙන්නේනම් නැ. සමහර වෙලාවට යාළුවා පොඩි දේකටත් එයාට හොදටම බනිනවලු. බනින්නෙත් සීනිබෝල විදියට නෙමේලු , අඩෙන්නම බනිනවා කියල තමා ආරංචි.  ගොඩක් වෙලාවට බනින්නේ මුට ඩොටේ පොරක්  ගැන කියවන්න අවොත් ලු,  ඒ නිසා දැන් වැඩිය ඒ මිනිහ ගැන කියවන්නේ නැල්ලු. හික්ස් ....කොච්චර කොහොම බැන්නත් ආයේ පැයකින් විතර යාලුවෙනවලු. බැනපු ඒවා ගැන ආයේ කතා කරන්නේ නැ ඊට පස්සේ. යාළුවගේ යාලුවෝ සමහර වෙලාවකට කියනවලු " උබව හොදටම තේරුම් අරන් ඉන්නේ එයා විතරයි බන්, දැන් බලපන් උබේ හිටපු ගැනිට විහිළුවක් කරත් දිරවන්නේ නැනේ, එකනේ උඹ බූට් එක තිබ්බේ". 

 දැන් ඉතින් උසස් පෙළ එහෙම කරලා එක  එක්කෙනා එක එක පැති වලට යනවනේ. එයාගේ ආසාව මම හිතන්නේ ගුරුවරියක් වෙන්නලු. යාළුවගේ ආසාව නම් බිස්නස් පැත්තට යන්නලු. මොකක් හරි කමක් නැ හරි යනවනම්.  මම මුලින් කිව්ව යෙහෙළිය දැන් ඉන්නේ නුවර ඉදන් ටිකක් දුර. යාළුවා  නම් කියන්නේ ඩොටේ පැත්ත කියල. එහෙම කියන්නේ එයාව අවුස්සන්න.  ඔන්න ඉතින් මේ ලගදි තිබ්බ අප්‍රේල් නිවාඩුවට එයා ආවලු  නුවරට.  දෙන්නට දෙන්න අන්තිමට හම්බුනේ ඊට මාස ගානකට ඉස්සර. 
ඔන්න කොහොම හරි දෙන්න හම්බෙලා. හම්බෙන්න මාසෙකට කලින් ඉදලම අර යෙහෙළිය promises චොක්ලට් එකක් ඉල්ලලා තිබුනලු.මහා පාර මැද හරි කමක් නැ promises එක කඩාගෙන කන්න  තරම් මාර ආසාවක් තියෙන්නේ ,  හි හි හි මට යාළුවා දවසක් කිව්ව එයාට පලවෙනි පාරට චොක්ලට් එකක් දුන්න දවස ගැන. මගේ යාළුවා චොක්ලට් එක දුන්නම තඩි නයි මල්ලක් වගේ බැග් එකත් උස්සගෙන එයා දිවුවලු හැටට හැටේ. යාලුවට වඩා අවුරුද්දක් වැඩිමල්ලු. ඒ උනාට හැසිරෙන්නේ අවුරුදු 10 ක් විතර බාලයි වගේ . හිකිස් ...
මේ ලගදි අවට පස්සේ එක දවසක් යෙහෙළිය එන්න හොදටම පරක්කු වෙලා , අරුට දැන් මරුවටම මල පැනල.  ඔන්න ඉතින් පය 2 ක කට්ටක් එහෙම කාල ඉන්නකොට ආවලු නැලවී නැලවී, ඊට පස්සේ කියනවලු " ඔය මගේ පිටින් තරහ පිට කරන්න එපා කියල " අරුගේ මුනේ හැටි දක්කහමම බය වෙන්න ඇති. 
මුට දැන් මහා පාරේ බනින්නත් බැනේ , තිබ්බ තරහ අඩු කරගන්න බබල් ගම් දහයක් විතර ඔබ ගත්තලු කටේ, හපන්නත් අමාරු උනාට මු කොහොම හරි හපනවලු,  අරයට ඕව දිරවන්නේ නැල්ලු,  " මොකද හලෝ ඔය ..?? " මුත් ඉතින් අරයව අවුස්සන්නම ඒකම කරනවලු , අරය දැන් නිකන් පුපුරන්න වගේලු, තරහෙන් පුපුරනවලු , ඇස් දෙක නිකන් ගිනිබෝල දෙකක් වගේලු, ඒ උනාට මගේ යාලුවට ෆුල් අතල් ලු,  මොකද මල පැන්නම මාර ලස්සනයි ලු, ඒ මදිවට මුන් දෙන්න මේ කෙලගන්නේ කඩයක් ඇතුලේ, අනිවා මිනිස්සුන්ට හොදටම පෙන්න ඇති, මම හිතන්නේ ඔය සීන් එක හොදයි , එක දවසක් දෙන්න මහා පාරේ ගහගත්තලු,  හරියට නිකන් පොඩි උන් දෙන්නෙක් වගේ, තව දවසක් නුවර ලේක් සයිඩ් එකේදිත් පොලු වලින් ගහගත්තලු,  ඕව මේ පොඩි කලේ කරපු ඒවා නෙමේ, දෙන්නටම අවුරුදු 20 දී විතර කරපු ඒවා,  ඕව දන්නෙත් මම විතරයි. 
අර කඩෙන් අවට පස්සේ දෙන්න ආයේ යාලු වෙලා, .. ඊට පස්සේ ගියාලු මොනවහරි කන්න, පොෂ් කඩේකට ලු  ගියේ,  අර කෙල්ල කන්නෙත් පොඩි උන්  කන කෑම , දෙන්න ගත්තලු ඩෝනට් , දොඩන් ජුස් , හික්ස්...
මොනවා උනත් අරය තාම මුට රවනවලු, මුත් ඉතින් දමන අවුස්සනවා , මු කරලා තියෙන්නේ ඩෝනට් එකේ තිබ්බ චොක්ලට් එයාගේ මුනේ ගාන්න ගිහින් ඒකට දෙන්න පොරකනකොට දොඩන් ජුස් එක ඔක්කම කෙල්ලගේ මුළු ඇගේම හැලිලා, මල කෙලියයි එයා අවුරුද්දට ගත්ත අලුත්ම අලුත් ඇදුමක් ලු, අ මදිවට අලුතෙන් ගත්ත හෑන්ඩ් බැග් එකත්, සම්පුර්නෙන්ම දොඩන් ජුස් වලින් නැවිලා.  ෂොප් එකේ ඉන්න උන් උන් දෙන්න දිහා බල බල හිනාවේනවලු,  හිනා වෙන්නම සීන් එක නේ, ආයේ ඉතින් උන් දෙන්නට රෙද්දක් ඇදන් ඔය කඩේට යන්න වෙන්නේ නැ. එකනම් සුවර් . අරු නම් කොල්ලෝ සෙට් එකක් එක්ක උනත් ඒ කඩේට යන්නේ නැ. 
යාලුවට ඇහෙනවලු අරය බනිනවා " කරොත් කරන්නේ තක්කඩි වැඩක්ම තමා". මුට තක්කඩියා කියන්නේ සමහර වෙලාවට කරන්නෙත් එහෙම වැඩ තමා, එක දවසක් මෙයා එක්කම යනකොට මොකද්දෝ යාලුවෙක් ගේ කේස් එකකට එක මිනිහෙක්ට මහා පර මැදදී තඩි බැවලු. එකත් කරලා තියෙන්නේ මෙයා ඉස්සරහමයිලු. 
දැන් දෙන්න කොහොම හරි ඇග පුරාම තිබ්බ දොඩන් ජුස් කොහොම හරි පිහ ගත්තලු. කඩේ උන්ටත් දැන් වැඩ වැඩිවෙනවා, පව් එකෙක් ඇවිල්ල දැන් එතන මොප් කරනවා,  උ එක කරන්නෙත් හිනා වේවි,  විලි ලැජ්ජයි ...
අරයගෙ සුදු  ඇදුම දැන් ලා කහ පාටයි ලු,  වාසනාවකට වගේ එදා හොදටම වැස්සලු, ඒ නිසා අරයගෙ අර දොඩන් ජුස් පොඩ්ඩක් හරි හේදිලා යන්න ඇති,හික්ස්... :D 
අහ්. මේක කියන්නම ඕනේ, මේකේ ඉන්නේ මගේ යාලුවෙක් මම එහෙම නෙමේ :P ..
ඔය දොඩන් ජුස් සීන් ඒකට වඩ තව කේස් තියෙනවා, ඒවා කියන්න වෙන්නේ වෙනම එකකින් තමා, 

1 comments:

Post a Comment

සිංහල බ්ලොග් කියවනය