ඉගෙන ගන්න ලව් කිරීම ( you suck at love )

. දැන් ඉතින් කල වයසත් හරි නිසා හිතුවා සිරාම ලව් කරලා ටිකක් පිළිවෙලක් වෙන්න. ඕක කරගන්න ඉතින් කෙල්ලෙක් ඕනේ නේ.  කෙල්ලෙකුත්  හොයාගත්ත. එයාගෙත් මේකට අකමැත්තක් නැ.  එයත් මාර මාර ටෝක්ස් දුන්නේ.  ආයේ  කියල වැඩක් නැ.  ඔන්න ඉතින් අපි යාලු උනා. 

දවස් දෙකක් විතර ගියා. මෙයා කියනවා පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මම පස්සේ කියන්නම් කියල. මට නිකන් වටෙන් ගොඩින් තේරුණා මෙය මොකටද එන්න හදන්නේ කියල. මොකද අපි පුරුදු වෙන්න ලව් කරන ය නෙමෙයි නේ. " අනේ බලන්නකෝ අක්කා කියනවා දැන්ම ඕව කරන්න යන්න එපා , ටිකක් ඉවසන්න කියල, "
හුකැස්................. 
ඕව නිකන් සුරඟන කතා නේ . අපි ඕවට වඩා ඒවා අහල තියෙනවා . මම ඇහුව "ඔයා කිවුවනේ දැන්ම කාටවත් කියන්නේ නැ කියල "
හරි කමක් නැ , එහෙනම් ටිකක් ඉවසමුකෝ කියල මාත්   වැඩි ප්‍රෙෂර් එකක් දෙන්නේ නැතුව හිටියා. පහුවද ඉදන් අඩුම ගානේ මෙකි ඉන්නවද මැරිලද කියල හොයාගන්න බැ, ෆේස් බුකියේ චැට් කරන්න එන්නෙත් නැ. යකෝ මේක හරි කෙලියක් නේ. මම නිකන් ඉන්නේ යාලුවෙක් වගේ. ඔය කතාව කිවුවේත් එයම තම.
" අපි ටික දවසක් යනකන් මෙහෙම යාලුවෝ වගේ ඉමු කියල. "
සිරා ලව් කරන්න පටන් ගත්ත කෙල්ලත් එක්ක කොහොමද යාලුවෝ වගේ ඉන්නේ.  මට වටින් ගොඩින් හොයල බැලුව , කස්ටිය කියන්නේ මෙය හරිම අහිංසක කෙල්ලෙක් රවට්ටන්න එපා, තව එකෙක් කියනවා මේක තමා පලවෙනි ලව් එක  කියල. 
මම අහන්නේ ඔහොම බය නම් මොකටද බොරු බලාපොරොත්තු දීල ආදරයක් කරමු කියල කිවුවේ කියල. ඇත්තටම කියනවනම් මම ඔය ප්‍රශ්නේ ඔය විදියටම එයාගෙන් 10 වතාවක් ඇහුව. එත් කෙල්ලට මුකුත් කියාගන්න බැ. අඩුම ගානේ රිප්ලයි එකක්වත් එන්නේ නැ. පලවෙනි ලව් එක නිසා ඉගෙන ගන්න ලව් කරාද දන්නෙත් නැ කියල හිතෙනවා වෙලාවකට..???
මම දවස තුනක් ඔය විදියට ඉදල බැලුව. මේකේ කිසි තේරුමක් නැ. ඔන්න ඉතින් මම හා හා පුරා කියල සපත්තුව තිබ්බ. මම හිතන්නේ එයාට ඕන කරගෙන තිබ්බෙත් ඒක කරගන්න තමා. මොකද එතකොට ලෝකෙටම වැරදි කාරය වෙන්නේ මම කියල හිතාන ඇති. 
මරුම සීන් එක කියන්නේ මම සපත්තුව තිබ්බම කියපු දේ තමා මට ඩබ පලාගෙන හිනා ගියේ
" අනේ මට දැන් ඔයාට කියන්න ඕන මොකද්ද කියලවත් තේරෙන්නේ නැ "
හිකිස් ./......  එකත් මම තමා කියල දෙන්න ඕනේ. 
ලව් කරන්න තේරෙන්නේ නැත්තන් හරි වටේ පිටේ ඉන්න අය කියන විදියට ලව් කරන්න යනවනම් මොන මල ඉලවුවකටද ආදරේ කරන්න පටන් ගත්තේ.  ඒවා ඇහුවට වැඩක් නැ. ඒවාට උත්තර නැ. 
ඔහොම මෙහෙම වෙනකොට ඉතින් මේ කතාව සතියකින් ඉවර කරන්න උනා. මොකද නමට ගැණු තියාගෙන වැඩක් නැනේ. 
ආදරේ කරන්න දන්නේ නැත්තන් ඒවාට පැටලෙන්නේ නැතුව ඉන්න ඕන. මොකද මිනිස්සුන්ට බොරු සුරඟන කතා කියල බොරු කරන එක වැඩක් නැනේ. ලව් කරන්න තේරෙන්නේ නැත්තන් කොහෙන් හරි ඉගෙන ගෙන ඉන්න ඕන. 
හුකැස් .........

8 comments:

හිතුවක්කාර කෙල්ල said...

ආදරේ කරන්න දන්නේ නැත්තන් ඒවාට පැටලෙන්නේ නැතුව ඉන්න ඕන. මොකද මිනිස්සුන්ට බොරු සුරඟන කතා කියල බොරු කරන එක වැඩක් නැනේ.

හරියට හරි!!!!

Kushan said...

එත් ඔහෝම කියන සමහර කෙල්ලො යටින් වෙන ගේම් දෙනවා..... එක නිසා පරිස්සමින්, ඔයවගෙ බොරුකාර චපල කෙල්ලො නිසා ඇත්තටම අහිංසක කෙල්ලන්ගෙ ගිනුමටත් චපල බව බැර වෙනවා......

මැක්ස් පේන් said...

ඒකනේ හිතුවක්කාරී ,,,

මැක්ස් පේන් said...

අනිවා අවදානමට පෙර සුදානම

හසාගෙ සිතුවිලි said...

අනිවා.. ලවු කරන්න දන්නෙනෑත්නම් පොතක් පතක් බලාගෙන ඉන්න ඔනි,,,

මැක්ස් පේන් said...

එකනේ බන් ....

අතා said...

ඒකනෙ අපි ලව් කරන්න යන්නත්තේ........:P

මැක්ස් පේන් said...

හි හි අපිත් එහෙම හිතාන ඉන්නේ , ඒ උනාට හරි යන්නෙම නෑනේ බන්

Post a Comment

සිංහල බ්ලොග් කියවනය