ෆැන්ටසිය


ඇනුම් ඇර ඇර ටියුෂන් පන්තියේ සිටි මම බලා සිටියේ කීයට මේ මල වදේ ඉවර වේද කියාය.  අවසාන පේලියේ ට වී විකාර කරමින් සිට දැන් ඇති වෙලාය.  එහා පැත්තේ හිටපු කෙල්ලගෙන් වතුර ටිකක් ඉල්ලන්න සිතු මම  ඇයට කොලයක් ගසා බැලුවෙමි. වැඩක් නැත අඩුම ගැනේ හැරිලාවත් බැලුවේ නැත. හැමදාම ගසන වැල් බයිලා එලෙසින්ම රිපීට් වෙමින් තිබුණි. සවස තුන පසු විය.   වාසනාවට මෙන් පන්තිය අහවර විය. .මගේ ක්‍රෂ් එක ඉන්නවද බලු මම, ඉක්මනට දිව්වේ ඇයට කතා කරන්නය. අපෝ ... වඩේ බකල් .. හැමදාම මට උදැල්ල දාන ඒකිගේ අඹ යාළුවා එකිත් එක්ක බර කතාවකි. "මුන්ට මොනවද දන්නේ නැ මේ තරම් කතා කරන්න තියෙන්නේ,"මම හිතං බැන බැන ටවෙර් එක පැත්තට ආවෙමි. 

 ගෙදර  තිබෙන්නේ  කටුගස්තොට  බැවි ඕනෑම බස් එකක යා හැකිය . මඳ වේලාවකින් පැමිණි වත්තේගම  බසය මා රැගෙන ඉගිලෙන්නට විය.


''....මහාය්යව , කටුගස්තොට , නවයලතන්න, මඩවල , වත්තේගම, වත්තේගම, වත්තේ වත්තේ  ....'' 


ප්‍රයිවට් බස් එකේ කොන්දොස්තර බෙරිහන් දෙයි. මට වෙනසක් නොදැනේ. හ්ම්ම්....මම නිසොල්මන්ව ඉදිරිපස දොරටුව දෙසට නෙත් යොමාගෙන සිටිමි. එක් වරම දුටු දෙයින් මගේ දෙනෙත් කාන්තිමත් විය. ලස්සන ගැහැණු ළමයෙක්!ඊළඟ මොහොතේ මම සිටියේ සිහින ලෝකයක් තුළ අතරං වී බව සිහිනෙන් මෙන් මට වැටහී ගියේය. ඇය ලස්සනය. සුදෝ සුදු මුහුණ, රත් පැහැති තොල් ඇයට මනා පෙනුමක් ලබා දී තිබිණි. මම මොහොතකට යථාර්ථය හා ගැටුනෙමි. සිහිනිඟ, පුළුලුකුල, පිරිපුන් සිරුර, පියකරු මුහුණ මේ ආදී නනාප්‍රකාර නාරි ලක්ෂණ ඇය තුළින් අවධානය පිටතට ගැනීමට මගේ පෘතග්ජන සිතට ඉඩ නොදෙයි.ඇය ඇය මනාව දර්ශනය වේ. සිතේ හටගන්නා නානාප්‍රකාර සිතුවිලිවලට මා ඔහේ පාවී යන්නට ඉඩ හලෙමි.
මම සිට්යේ බස් එකේ පෙම් මුල්ලේය,  ඇය ඉස්සරහ දොරෙන් කෙලින්ම ආවේ පිටිපස්සටය, ඇය අනිත් පැත්තේ වාඩි විය. 

 එහෙත් පොඩි කොස්සක් ඇත. ඇය අක්කා කෙනෙක් ය. 

මම එය දැක ගත්තේ ඇය කොන්දට සල්ලි දෙන්න යනකොට පර්ස් එකේ තිබුන ලය්සෙන් එකෙන්ය, අක්කා උනත් මොකෙක් උනත් මොකද කියල හිතුව මම ඇයට පොඩි සිනාවක් දැම්මේ ටෙස්ට් කරන්නය, වැඩේ හරිය , ඇගෙන් ආවේ ඉතා ලස්සන ප්‍රතිචාරයකි .
මොහොතකින් මා සිටියේ ඇගේ අනෙක් පස අසුනේ අසුන්ගෙනය. මට මා ඇය තරමටම තරුණ වී සිටිනවා වැනි හැඟීමක් දැනෙයි. තව දුරටත් මා හා ඇය අතර දුරස් බවක් නැත. අපි පෙමින් වෙලී සිටියෙමු. ඇගේ රත් පැහැති තොල්වලින් මගේ වියළි  තොල් සිපගන්නවා සේ මට දැණින. එය මහත් ආශ්වාදජනක අත්දැකීමක් බව මම ජීවිතේ ප්‍රථම වරට අත්වින්දෙමි. මා සිටින්නේ බසයක් තුළ බව මට කිසි ලෙසකින්වත් නොදැනේ. මා ඇයත් සමග වෙනමම ලොවක හුදෙකලා වී සිටී. ඇය මට ආදරයෙන් අමතයි. මා ද ඇය සමග පෙම් බස් දොඩන්නේ පුරුදුකාරයෙකු මෙනි. ඇය මහත් ආදරයෙන් මා ගතට තුරුළු වෙයි. මට මහත් උණුසුමක් දැනේ............සියුම් උණුසුමක්.

අනේ, ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
 මට සෙමින් සෙමින් මල්ලි මල්ලි යි කියා කියා කව්දෝ කතා කරන හඩක් ඇසුණේය. මල්ලි කටුගස්තොට නේද බහින්නේ ..??  කොන්දා මට  කතා කරේ මගේ අතල් නින්ද කඩමින්ය.
අය්යෝ .. ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
මම ඇහැරී බලන විට ....අර ලස්සන අක්කා තාම එහා පැත්තේ සීට් එකේ සිටි,..

4 comments:

හිතුවක්කාර කෙල්ල said...

හික්ස්ස්ස්... හෆ්ෆොච්කියේ!!! මෙහෙමත් හීන...:D

මැක්ස් පේන් said...

හි හි හි ..... :D

rawana said...

elakiri

මැක්ස් පේන් said...

:)

Post a Comment

සිංහල බ්ලොග් කියවනය